මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් ගත වූ පැය 48 ඇතුළතදී ඉන්දියාවේ ‘උත්තර ප්‍රදේශ්’ ප්‍රාන්තයේ පළාත් රැසක පුද්ගලයෝ 31 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. උතුරු ඉන්දියාවට මහ වැසි ඇද හැලීම් ආරම්භ වූයේ මෝසම් වැසි සමය උදාවීමත් සමඟය. ඊයේ (26) ද මහ වැසි ඇද හැලෙමින් පැවැති හෙයින් සහන සේවා මෙහෙයුම් සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ. ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ තවත් දින දෙකක් නොකඩවා වැසි ඇද හැලෙනු ඇති බවය. ‘ගංගා’ නදිය පිටාර ගැලීමෙන් හටගත් ජල ගැලීම්වලින් චුන්ඩූලූ දිස්ති‍්‍රක්කයේ ගම්මාන 50 ක් මුළුමනින්ම ජලයෙන් යටවී ගොස් ඇති අතර ලක්ෂ දෙකකට ආසන්න පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇතැයි ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. මිසාපූර් දිස්ති‍්‍රක්කයේ පෙරේදා (25) රාති‍්‍රයේ හටගත් නායයෑම්වලින් ගම්මාන කිහිපයක් පස් තට්ටු යට සැඟවී ගියේය. එහිදී පුද්ගලයෝ 13 දෙනක් ජීවිතක්ෂයට පත්වූහ. ගම්මාන පස් තට්ටුවලින් වැසී ගියේ ගම්වැසියන් නින්දේ පසුවෙද්දී බව සහන සේවා නිලධාරීහු පවසති.
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්රතාන්ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උතුරු ඉන්දියාවේ ගංවතුරෙන් නායයෑමෙන් 31 ක් මියයති