කාශ්මීරය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන ඉස්ලාමීය දේශපාලන පක්ෂයක් වන ‘ජමාත් ඊ ඉස්ලාමී’ පක්ෂය තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇත.
එම පක්ෂය මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේ සිටින සටන්කාමීන්ට සහයෝගය දක්වන බවට චෝදනා කරමින් ඉන්දීය රජය එම පියවර ගෙන තිබේ.
කාශ්මීරයේ පුල්වාමාහිදී ඉන්දීය හමුදා රථ පෙළකට එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දීය පොලිසිය කරන ලද මෙහෙයුම්වලදී එම පක්ෂයට සම්බන්ධ 300කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බව ද ඉන්දීය පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පෙබරවාරි 14 වැනිදා පුල්වාමාහිදී එල්ල වූ ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සාමාජිකයෝ 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඉන්දීය පාලනයේ තිබෙන කාශ්මීර ප්‍රදේශයේදී එම ප්‍රහාරය එල්ල විය.
පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානය එම ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබිණි.
එම ප්‍රහාරයෙන් පසු කාශ්මීරයේ දිගින් දිගටම මෙහෙයුම් දියත් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබිණි.
‘ජමාත් ඊ ඉස්ලාමී’ නිර්මාණය කරන ලද්දේ 1942 වසරේදීය. බෙදුම්වාදී දේශපාලනයේ නිරත වීමට පෙර එම පක්ෂය දශක දෙකකට ආසන්න කාලයක් ඉන්දියාවේ මැතිවරණවලට සහභාගි විය.
වසර 1989 දී කාශ්මීරයේ ඇති වූ කැරැල්ලෙන් පසු ඔවුන් එලෙස බෙදුම්වාදී දේශපාලනයට එක්විය.
මීට පෙර දෙවතාවකදී එම පක්ෂයට තහනම් පැනවීමට කටයුතු කර තිබිණි. ජමාත් ඊ ඉස්ලාමී පක්ෂය කාශ්මීරය ඉන්දියාවෙන් නිදහස් විය යුතු යැයි කියයි.
රොයිටර් ඇසුරිනි
055
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ජමාත් ඊ ඉස්ලාමී’ පක්ෂය තහනම් කරන්න පියවර