IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලන්ඩන් කපු මහතා සමුගනී

ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී විෂ්ණු කතරගම දේවාලයේ ආරම්භයේ සිට සියලු වැඩ කටයුතු භාරව සිටි ලීලාරත්න කාරියවසම් කපු මහතා (67) නොවැම්බර් 12 බ්‍රහස්පතින්දා උදෑසන අභාවප්‍රාප්ත විය.

ඔහුගේ අවසාන කටයුතු නොවැම්බර් 21 වන සෙනසුරාදා දහවල් 12 ට ගොල්දස් ග්‍රීන් සුසාන භූමියේදී පැවැත් වීමට නියමිතයි.

ලීලාරත්න මහතාට පින්පතා ධර්මදේශනාමය පින්කමක් නොවැම්බර් 18 වැනි බදාදා සවස 7 ට ධර්ම දේශනයක් ද (නොවැම්බර් 19 වැනි බ්‍රහස්පතින්දා) දහවල් 11 ට දානයක් ද කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයින් " කපු මහත්තයා" යැයි කිවහොත් ඒ වෙන කිසි වෙකු නොව ලීලාරත්න බව දන්නා තරමට ඔහු අපගේ අය අතර ජනප්‍රියත්වයට පත්ව සිටි කරුණාබර මිනිසෙකි. 

DSC03982[1] DSC04030[1] DSC04033_copy[1] DSC04035_copy[1] DSC04040[1] DSC04047[1] P1020472[1]

https://ssl.gstatic.com/ui/v1/icons/mail/images/cleardot.gif



අදහස් (0)

ලන්ඩන් කපු මහතා සමුගනී

අමල් Monday, 16 November 2015 12:20 PM

ඔබට නිවන්සුව.! (ර)

:       0       0

මැද්දෙකන්ද Monday, 16 November 2015 08:52 PM

කපු මහත්තයා හාමුදුරුවන්ට උපස්ථාන කරගෙන, පන්සලේ දානමාන කටයුතු වලට උදව් කරගෙන, ලන්ඩන් වල බෞද්ධයන්ට ගොඩක් උදව් කරගෙන කිංග්ස්බරි පන්සලේ සිටි නිහතමානී අහිංසක මනුස්සයෙක්. ඔහුගේ වියෝව ලන්ඩන් බෞද්ධයන්ට විශාල පාඩුවක්. පන්සලටත් පාඩුවක්. කපු මහතාණෙනි, ඔබට නිවන් සුව අත්වේවා !!! (නි)

:       0       0

එන්.ඩි හෙට්ටිආරච්චි - ලන්ඩන් Tuesday, 17 November 2015 01:04 AM

ලීලාරත්න මහතා (ලීලේ අයියා) පිරිත් කියා සෙත ශාන්තිය ප්‍රාර්ථනා කළ, දෙවියන් පිළිබඳ විශ්වාසයක් තිබු, මහා සංඝරත්නයට ආවතේව කරමින් දැහැමි ජිවිතයක් ගතකළ අව්‍යාජ මිනිසෙකි. ඔහු මිනිසුන් රවටා මුදල් ගැරූ, හදි හූනියම් කළ අයෙක් නොවෙයි. ඔහුට යමක් ලැබුනා නම් ඒ සියල්ල පන්සලට දුන් ඉතා යහපත් මිනිසෙකි. ඔහු ගැන නොදන්නා අය කරන පහත් ප්‍රකාශ පිළිකුලෙන් බැහැර කරමි. ඔහුට නිවන් සුව! (නි)

:       0       0

සිරි Sunday, 15 November 2015 03:37 PM

උපාලි වෙත දන්වමි. කාරියවසම් මහතා හිටියේ කින්ස්බරි පන්සලෙයි. ඔහුගේ අදාහන කටයුතු සියල්ල ඉටු කරන්නෙත් පන්සලෙනුයි. ඒ මහතා පන්සලේ සියලු වැඩ කටයුතු වලට මුලිකත්වය දී වැඩකළ කෙනෙක්. පන්සලේ ජනප්‍රියත්වය වැඩි වුණෙත් ඔහු සියලුම දෙනාට එකසේ පෙන්වූ කරුණාවන්ත කම නිසයි. කින්ස්බරි පන්සලත් ලීලාරත්නත් වෙන්කර කතා කරන්න බැහැ.(අ)

:       0       0

සහන් Sunday, 15 November 2015 04:39 PM

ඔබගේ වියෝව කණගාටුදායකයි (නි)

:       0       0

විජිතා ලියනගේ Monday, 16 November 2015 08:46 AM

ඔබ තුමාට නිවන් සුව ලැබේවා (ම)

:       0       0

සුකිරි Monday, 16 November 2015 04:57 AM

ඔබට නිවන් සුව ලැබේවා. මන් ප්‍රශ්නයක් අහනවා සමාවෙන්න. ඔබ පන්සලේ හිටියයි කියල මෙතන අය කියනවා. කට්ටදිකමයි දෙවසන්කල්පෙයි බුද්ධ ධර්මය එක්ක පැහෙන්නේ කොහොමද. (ම)

:       0       0

නීල Monday, 16 November 2015 04:59 AM

කට්ටඩියෝ පන්සල් වල ඉන්නේ ලංකාවේ විතරයි කියලයි මන් හිතුවේ. ඔය පොතපත කියවලා බුදුදහම ගැන උනන්දුවක් තියන සුද්දෝ එනවා පන්සල් වලට අන්න එහෙම අයට වැරදි චිත්‍රයක් තම යන්නේ මේ වැඩ වලින්.(ම)

:       0       0

චූල Monday, 16 November 2015 05:08 AM

ඔබේ අකල් මරණය ගැන ඉතාම කණගාටුයි. නිවන් සුව ලැබේවා. (ම)

:       0       0

රීටා Monday, 16 November 2015 05:15 AM

සමාවන්න මහත්තයෝ මට ඔබතුමා එක්ක කිසිම පුද්ගලික තරහක් නැත. එ්ත් ඔවැනි වැඩ වලට මා නම් මනාප නැත. මන්ද යකදුරුකන් පන්සලක් අස්සට රැගෙන යාමෙන් වන්නේ බෞද්ධයා වංචාවට ලක්වීම සහ බුදුදහම ගැන උනන්දුවන විදේශිකයන් නොමග යාම. (බ)

:       0       0

සුමනදාස Monday, 16 November 2015 05:17 AM

නැතිනම් වෙන රස්සාවක් කරන්න තිබුණානේ. ඔබතුමාට නිවන් සුව ලැබේවා. සමාවෙන්න මෙහෙම කීවට. පන්සල රැකියාව කරන මුදල් හොයන තැනක් කිරීම ගැන මන් විරුද්ධයි.ඊටත් කට්ටදිකන් බුදුදහමේ නැහැනේ.(ම)

:       0       0

පාල Monday, 16 November 2015 05:19 AM

මා මෙතුමා ලංකාවේ ඉන්නකාලේ සිට දැන සිටි අයෙක්මි. මෙතුමා ගාල්ලේ සුමන දාස සාස්තරමහතා සමග එකට ශිල්ප ඉගෙනගෙන ඇත. ඔබට නිවන්සුව.(ම)

:       0       0

මාරසිංහ Monday, 16 November 2015 05:22 AM

ලෝකේ ඕනෑම රටක ලංකාවේ මිනිස්සු ගසාකන්නේ ලංකාවේ උදවියමයි.එක්කෝ ලංකාවේ දේසපාලන පක්ෂේ ශාඛාවක් අටවනවා.එක්කෝ කට්ටදිකන්, එක්කෝ ලංකාවේ කට හරි අසනීපයි කියලා ටිකට් ගහනවා. තව තව දේවල් මන් දැන් ලංකාවේ එකෙක් දැක්කම මාරුවෙනවා.(ම)

:       0       0

රානි Monday, 16 November 2015 05:24 AM

ඔබතුමා මගේ පුරවසිබවේ ඉක්මනිම ලැබෙන්න කියලා කරලා දීපු සාත්තුවෙන් පස්සේ තම මගේ පුරවැසි බව ලැබුණේ. තව මාස තුනකින් බලියකුත් ඇරලා මගේ අක්කත් ගෙන්නගන්න හිටියේ... අවාසනාවක මහත. ඔබට නිවන් සුව.(ම)

:       0       0

ධම්මි Monday, 16 November 2015 02:35 PM

කපු මහතාට නිවන් සුව ලැබේවා.(හේ)

:       0       0

සිසිර Monday, 16 November 2015 02:43 PM

නිවන් සුව ලැබේවා.(හේ)

:       0       0

සමන් රෝහිත Sunday, 15 November 2015 09:35 AM

මගේ හා පවුලේ බලවත් කනගාටුව. (බ)

:       0       0

චින්තක Sunday, 15 November 2015 09:46 AM

ඔබතුමාට නිවන් සුව අත් වේවා. (බ)

:       0       0

පැතුම් Monday, 16 November 2015 05:50 AM

මා ලංකාවේ ව්‍යාපාරිකයෙක්මි. මගේ තේ කඩේට ඉස්සරහින් තවත් තේ කඩයක් අැරිය මිට දශකයකට පමණ පෙර.මාගේ වෙළඳාම කඩා වැටුණු අතර මා මෙතුමා බැහැදුටිමි.මෙතුමා දුන් වැලි ස්වල්පයක් මා අනෙක් තේ කඩේ ඉස්සරහ ඉස්ස අතර මසකට පමණ පසු ඒ කඩේ වසා දැමුණි. ඔබ ඉතා දක්ෂයෙක් නිවන් සුව (බ)

:       0       0

තමර Sunday, 15 November 2015 08:09 PM

කණගාටුදායක පුවතක් (නි)

:       0       0

නිමල් Sunday, 15 November 2015 09:34 PM

හරිම කණගාටුයි (නි)

:       0       0

ගුණසිරි Sunday, 15 November 2015 12:21 PM

මනුෂයින් මුලා කරන ,දේවාල ප්‍රෝඩාවට බෞද්ධයින් රැවටීම හරිපුදුමයි! (බ)

:       0       0

සේනක Sunday, 15 November 2015 10:07 PM

කාටත් සමානව සැළකූ කපු මහත්තයාගේ සමුගැනීම නිසා අප බලවත් කණගාටුවට පත්වුණෙමු! (නි)

:       0       0

තිලක් Sunday, 15 November 2015 10:42 PM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

එන්.ඩි හෙට්ටිආරච්චි - ලන්ඩන් Sunday, 15 November 2015 10:51 PM

ලීලාරත්න කාරියවසම් (කපු අයියා,ලීලේ අයියා ) මහතාගේ වියෝව කිංග්ස්බරි පන්සලට ආවගිය ගිහි පැවිදි හැම දෙනාටම විශාල කණගාටුවක්. ඔහුගේ අව්‍යාජ සිනහව ,ලෙන්ගතුකම හා ආගන්තුක සත්කාරය ලන්ඩනයේ ඉන්න බොහෝඅයට අමතක කළ හැක්කක් නොවෙයි. කිංග්ස්බරි පන්සල ගොඩනඟන්න ඔහු කළ මෙහෙය සදානුස්මරනියයි.‍ ඔබට ඔබ පැතූ නිවන් සුවයම ලැබේවා.! (නි)

:       0       0

සමන්ති Sunday, 15 November 2015 11:56 PM

සිරි මොනවා කිවුවත් උපාලි මහතා කී දේවල් මමත් අනුමත කරනවා (නි)

:       0       0

නාලිකා Monday, 16 November 2015 06:44 AM

අදහස් ටික කියෙවුවම ඉහ මොළ රත් උනා.. එංගලන්තේ පන්සල් වල ලංකාවේ කට්ටඩියෝ. පුරවසිබවේ ලැබෙන්න සාත්තු,බලි ඇරිලි, ඉස්සරහ කඩේ වහන්න හුනියමක්... මේවද අනේ පන්සල් වල කරන්නේ. කෝ බුදුදහම... (ස)

:       0       0

අතුල ලන්ඩන් Sunday, 15 November 2015 01:27 PM

අනේ මේ කපු මහත්මයට පිංසිද්දවෙන්න වශියක බලයෙන් මගේ බිරිදව හමුවුනා. .. (රේ)

:       0       0

සුපුන් Monday, 16 November 2015 01:59 AM

හරිම දුකහිතෙන පුවතක් (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Monday, 16 November 2015 03:22 AM

මීට අවුරුදු කීපයකට පෙර එංගලන්තයේ මා ගෙවා දැමු ඒ අප්‍රසන්න කාල වකවානුව තුල මට හමුවූ , ලගම මිතුරා ඔබය . පන්සලට ආ සැම දිනම , ඔබගෙන් ලද සංග්‍රහයකින් තොරව නොගියෙමි .(රේ) ඔබට නිවන් සුව

:       0       0

ඩොක්ටර් විකී Monday, 16 November 2015 06:05 PM

කව්රු මොනදේ පැවසුවත් ඔබෙගේ ගුණ යහපත් බව අපට අමතක නොවේ.ඔබට නිවන් සුව ලැබේව -(රෙ

:       0       0

ගුණසිරි Monday, 16 November 2015 06:16 PM

හරි දෙය හරි හැටියට දැකලා, වැරදිදේය වැරදි හැටියට දැකලා, ඍජු ප්‍රකාශ කරන , සැබෑ බෞද්ධයින් කිහිපදෙනෙක් හරි සිටීම ඇසීම, දැකීම ම සතුටක් ඒ සියලුදෙනා විරුද්ධ ක්‍රමයට , පුද්ගලයෙකුට නෙමෙයි ,වරදවා නොගන්න, මිතුරනි. (රේ)

:       0       0

උපාලි Sunday, 15 November 2015 02:39 PM

කිසිම මිනිසෙකුගේ වියෝවීම කණගාටුදායක සහ ස්වාභාවික දෙයක් වේ. එහෙත් බුදුරජාණෝ ප්‍රතික්ෂේප කළදේව වාදය කරපින්නා ගත් මිනිසුන් මේ සිදුවීමට බොදු භික්ෂුන් වහන්සේලා පවා යොදාගෙන ඇති අයුරු ඉතාමත් ඛේදනියයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 73 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 163 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 128 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1413 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 430 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 685 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site