ජිනීවාහි පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සාම සමුළුවට සිරියා රජය වෙනුවෙන් එහි නියෝජිත කණ්ඩායමක් ද සහභාගී වීමට නියමිත බවත්, සිරියානු අර්බුදයට එහිදී සාමකාමී විසඳුමක් සොයා ගැනීමට හැකිවනු ඇති බවත් සිරියා විදේශ ඇමැති වලීඞ් මුලෙම් පවසයි.
සිරියානු විදේශ ඇමැතිවරයා මේ බව කියා සිටියේ ඉරාකයේ බැග්ඩෑඞ් නුවරට පැමිණ, ඉරාක අගමැති සමග එක්වී පැවති මාධ්‍ය හමුවකදීය.
සිරියානු රජය වෙනුවෙන් ඇමැති මුලෙම් ඉරාකයේ බැග්ඩෑඞ් නුවරට පැමිණියේ ද ඉරාක අගමැති නූරි අල් මලිකි සමඟ සිරියානු අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමය.
ඉරාක අගමැතිවරයා ද කියා සිටියේ සිරියානු අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවීමට ජිනීවාහි පැවැත්වෙන එම ජාත්‍යන්තර සමුළුව උපකාරී වනු ඇති බවය.
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජිනීවා සාම සමුළුවට සිරියා රජයේ නියෝජනයක්