IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අෂ්රෆ් ඝානී ඇෆ්ගනිස්තාන ජනාධිපති ධූරයට

ඇෆ්ගනිස්තාන මැතිවරණ කොමිෂන් සභාව අද (18) නිකුත් කළ අවසන් නිල ප්‍රතිඵලවලට අනුව අෂ්රෆ් ඝානී දෙවැනි ධුර කාලය සඳහා ජනාධිපති ධූරයට තේරී පත්ව ඇත.

පසුගිය වසරේ සැප්තැම්බර් මස 28 වැනිදා ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරණය පැවැත්විණි. එහි අවසන් ප්‍රතිඵල නිකුත් කෙරුණේ අද (18) ය.

‘‘අෂ්රෆ් ඝානී සමස්ත ඡන්දවලින් සියයට 50.64ක ප්‍රමාණයක් දිනාගැනීමට සමත්ව තිබෙනවා’’ යැයි කාබුල් නුවරදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඇෆ්ගනිස්තාන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති හාවා අලාම් නුරිස්තානි ප්‍රකාශ කළාය.

‘‘ඇෆ්ගනිස්තාන ජනතාවට සේවය කිරීමට දෙවියන් ඔහුට උදවු කරාවි. ඒ වගේම අපේ රටට සාමය උදාවේවා යැයි මා යාඥා කරනවා’’ යැයි ද ඇය පැවැසුවාය.

ඡන්දය ප්‍රකාශ කිරීමේදී මෙන්ම ඡන්දය ගණනය කිරීමේ කටයුතුවලදී අක්‍රමිකතා සිදුව ඇතැයි චෝදනා එල්ල වූ නිසා ප්‍රතිඵල නිකුත් කිරීම මාස පහක් මුළුල්ලේ ප්‍රමාද විය. එසේ චෝදනා එල්ල වීම නිසා ඡන්දය නැවත ගණන් කරන්නැයි ඇෆ්ගනිස්තානයේ ප්ර ධාන විධායක තනතුර හොබවන අබ්දුල්ලා අබ්දුල්ලා තදින් ඉල්ලා සිටියේය. අබ්දුල්ලා අබ්දුල්ලා, අෂ්රෆ් ඝානීගේ ප්රලධාන ප්‍රතිවාදියා ය.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම නිසා ඇෆ්ගනිස්තානය තුළ නව දේශපාලන අර්බුදයක් ද නිර්මාණය විය. මේ අතර කාලයේදී ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ අතර ඇමෙරිකාව සහ තලේබාන් සංවිධානය අතර ද සාම සාකච්ඡා පැවැත්විණි.

ආරක්ෂාව තහවුරු කරන්නේ නම් තමන් හමුදා ඉවත් කරගන්නා බව ද ඇමෙරිකාව එහිදි සඳහන් කර තිබිණි. එම ගිවිසුම සාර්ථක වුවහොත් ඇෆ්ගන් රජය සමඟ සාකච්ඡා පවත්වන බවට ද තලේබාන් සංවිධානය පොරොන්දුවක් ලබා දී තිබිණි.

සියල්ල හොඳින් සිදු වුවහොත් ඇෆ්ගනිස්තානයේ අනාගතය තීන්දු කරන සාකච්ඡා මේසයේ එක් පැත්තක අෂ්රෆ් ගානී අසුන් ගන්නා අතර අනෙක් පැත්තේ තලේබාන් සංවිධානයේ නායකයන් අසුන් ගනු ඇත.

වංචනික ලෙස නිකුත් කරන ලද ප්‍රතිඵල පිළිනොගන්නා බව අබ්දුල්ලා අබ්දුල්ලාගේ කණ්ඩායම මේ සතිය මුලදී ප්‍රකාශ කළේය.

වංචනික ප්‍රතිඵල නිකුත් කළහොත් තමන් ද සමාන්තර ආණ්ඩුවක් පිහිටුවනු බවට ඇෆ්ගනිස්තානයේ වත්මන් උප ජනාධිපති අබ්දුල් රෂීඩ් දොස්තුම් අනතුරු ඇඟවීය. අබ්දුල් රෂීඩ් දොස්තුම් ඇෆ්ගනිස්තානයේ බලවන්ත පුද්ගලයකු ලෙස සැලකෙන අතර හෙතෙම ඇෆ්ගනිස්තානයේ ජීවත් වෙන උස්බෙක් ජන කොටසට අයත් වන්නෙකි. එමෙන්ම ඔහු හිටපු සන්නද්ධ නායකයෙකි.

2014 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී ද අබ්දුල්ලා, අෂ්රෆ් ඝානීට පරාජයට පත්විය. එහිදි ඇමෙරිකා එක්සත්ජ ජනපදයේ මැදිහත්වීමෙන් අබ්දුල්ලා අබ්දුල්ලා සහ අෂ්රෆ් ඝානී අතර බලය බෙදීමේ ගිවිසුමක් ඇති කරන ලදි.

ජනාධිපතිවරණයේදී මිලියන 2.7ක් ඡන්දය ප්‍රකාශ කළහ. විවිධ අක්‍රමිකතා නිසා ඉන් ඡන්ද මිලියනක් ඉවත් කරන ලදි. ඒ අනුව එය ඇෆ්ගනිස්තාන ඉතිහාසයේ අඩුම ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයක් වාර්තා වූ මැතිවරණය විය.

අවසානයේදී ගණනය කරන ලද්දේ ඡන්ද මිලියන 1.8ක් පමණි. ඇෆ්ගනිස්තානයේ ජනගහනය සැලකීමේදී එය සුළු ගණනකි. ඇෆ්ගනිස්තානයේ ජනගහනය මිලියන 35ක් වන අතර ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යව මිලියන 9.6කි.

ඒ.එෆ්.පී.

055

 

 



අදහස් (0)

අෂ්රෆ් ඝානී ඇෆ්ගනිස්තාන ජනාධිපති ධූරයට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 123 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 76 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 5886 12

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 76 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 396 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 728 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site