IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සිංහයා බලුවේ

හඹා එන කුළු හරක් රංචුවකට බියෙන් ගස්බඩගානා සිංහයකු කෙන්යාවේ මසායි මාරා වනෝද්‍යානයේ සැරිසරමින් සිටි චාර්ල්ස් කොමින්ගේ කැමරාවේ සටහන් විය.

සංචාරය අවසන් කර නැවත නවාතැන බලා ඒමට තීරණය කළ අවස්ථාවේදී අහම්බයෙන් මෙන් මෙම සිදුවීම දුටු බව ඔහු කියයි.

සිංහයා කුළු හරක් රංචුවේ පැටවකුට කුරුමාණම් අල්ලමින් සිටියේය. පැටවා ගොදුරු කරගැනීමට ඔන්න මෙන්න තිබියදී ඉව වැටුණු වැඩිහිටි කුළු හරකුන් කලබල වීම නිසා සිංහයාගේ බලාපොරොත්තු සුන්විය.

පසුපස හඹා ආ කුළු හරකුගෙන් බේරීමට සිංහයාගේ පිහිටට පැමිණ ඇත්තේ අසළ තිබූ ගසකි.

කුළු හරක් රංචුවද ගස යටට පැමිණි බව චාර්ල්ස් පවසයි.සතුරාට එසේ ලෙහෙසියෙන් ගැලවීමට ඉඩදීම ඔවුන්ගේ අරමුණ නොවුණු සෙයකි.

අමාරුවෙන් බඩගාගෙන ඉහළට නැගගත්තද නැවත නැවතත් පහළට ලිස්සන්නට වීම නිසා ගසේ රැඳී සිටීමට ගත් උත්සාහය අතහළ සිංහයා ගොරවාගෙන බිමට පැන පසුනොබලා කැලයට වැදුණේය.

මේ සියල්ල ඡායාරූපයට නැගීමට චාර්ල්ස් කොම්යින් සමත්ව තිබෙන අතර එම ඡායාරූපයන්ට මේ දිනවල අන්තර්ජාලයේ මෙන්න මාධ්‍ය වලද ලැබී ඇත්තේ මහත් පිළිගැනීමකි.

290E21B400000578-0-But_as_they_remained_below_the_tree_waiting_for_the_lion_to_come-a-49_1432553946919 290E219C00000578-0-After_it_fell_from_the_tree_trunk_the_lion_wasted_no_time_speedi-a-45_1432553946699 290E218000000578-0-The_lion_sprung_from_its_hiding_place_and_quickly_scaled_the_tre-a-47_1432553946759 290E219800000578-0-Photographer_Charles_Comyn_said_the_lion_appeared_to_be_doomed_p-a-46_1432553946701



අදහස් (0)

සිංහයා බලුවේ

පාලිත Friday, 29 May 2015 11:28 AM

තැනේ හැටියට ඇනේ ගහලා තියෙන්නේ.(හේ)

:       0       0

ටෙන්සිල් Friday, 29 May 2015 11:27 AM

හොඳ වෙලාවට කොටි රැලකට බයේ නෙමෙයි.(හේ)

:       0       0

පිවිතුරු Wednesday, 27 May 2015 08:37 AM

ඔය සිංහයා සිංහලයාට සමාන කරගත්තානම්, අද සමාජයේ ඉන්න අනිත් මෝඩ කුලු හරක් වැඩිවෙන කොට මේ සිංහයන්ටත් අත්වන ඉරණම අනාගතයේදී සිංහලයන්ටත් අත්විය හැකි බව අපට හිතාගන්න බැරිද?(ම)

:       0       0

සිරිමල් Wednesday, 27 May 2015 08:38 AM

සිංහයා කියන්නේ මැරෙන්නේ නැති සතෙක් නොවෙයි නේද ? (බ)

:       0       0

නිහාල් Wednesday, 27 May 2015 06:31 PM

අහිංසක සතෙක් මරාගන්නවා කනවා බුදියනවා,ඇනුම් අරිනවා. මු හුඟක් අසරණ වෙන්නේ වතුරේදී. කිඹුලට අහුවෙනකොට කිසිම ගැලවීමක් නැහැ. බල්ලගෙන් ,මී හරකගෙන් තියෙන ප්‍ර යෝජනයක් සිංහයාගෙන් නැති උනත් සමහරු බළල් පවුලේ මිලේච්ඡ සතෙකුට තියෙන ආදරයක්. සමහරවිට මු ලංකාවේ නැති නිසා වෙන්න ඇති. බඩ ගින්නේ මලත් මී හරකා මළකුණු කන්නේ නැහැ. සොබා ධර්මය ඒකයි අගය කල යුත්තේ (නදී)

:       0       0

පූජි Wednesday, 27 May 2015 07:55 PM

මේ සිංහයාට පොල් රැවුලක් එහම තියනවද බලන්න හොදට. තිබ්බනම් ආයේ එනවා බොරු. මී හරක් ටික අනින්න එනෝ කිය කියා වනන්තරේ දෙවනත් වෙන්න.(නදී)

:       0       0

නාලක Thursday, 28 May 2015 06:45 PM

ඇත්තටම නියම ඡායාරූප ටික! (නි)

:       0       0

කමල් Wednesday, 27 May 2015 08:44 AM

බණ්ඩා, තාම සිංහයා බලුවෙලා නැහැ. එහෙම නොවේවා (බ)

:       0       0

සේදර Thursday, 28 May 2015 07:02 PM

හොඳට දැකලා පුරුදු සිංහයෙක්. (නි)

:       0       0

වාහිදා රාහුමාන් Wednesday, 27 May 2015 09:50 PM

ඔය දුවන දිවිල්ලට කාව අල්ලලා කාවිද දන්නේ නැහැ නේද.(නදී)

:       0       0

දුමින්ද Thursday, 28 May 2015 08:18 AM

සිංහයා බලු තැනට දාලා කතා කරන අයගේ සිංහල ජාතිකත්වය නැතිවෙලා (බ)

:       0       0

එරංග Thursday, 28 May 2015 08:10 PM

අපේ සිංහයෝ කණු උඩමයි ඉන්නේ. මේ සිංහයා වගේ ගස් උඩ බඩගායිද? (නි)

:       0       0

සසංක Wednesday, 27 May 2015 09:06 AM

සිංහයා තන කොළ කන්නේ නැහැනේ ...ඔය හරක් රංචු පිටින් ආවත්..තර්ජනය හමුවේ පසු බැස්සත් , අවසානයේ වු මරා දැමීමට ලක් වුවත් සිංහයා තණකොළ නම් කිසිදා නොබුදී (ම)

:       0       0

රාජිත Wednesday, 27 May 2015 09:06 AM

ඔය සිංහයාත් පන්සල් ගානේ ගිහින් කියයිද දන්නේ නෑ දැන් කුළු හරක් කැලේ විනාස කරනවා කියල. (ම)

:       0       0

වර්ණසූරිය Wednesday, 27 May 2015 09:12 AM

මේ මොකද මේ වෙලා තියෙන්නේ.(හේ)

:       0       0

තාරක Wednesday, 27 May 2015 09:14 AM

ඔය සිංහයා කැලේ අනෙක් සතුන්ගේ දේවල් මාටියා ගහල නැද්ද දන්නේ නෑ .(ම)

:       0       0

ජෙහාන් Wednesday, 27 May 2015 11:40 PM

අපේ රටෙත් ඉන්නවානේ සිංහයන් කියල හිතල වේදිකාවල බෙරිහන් දෙන අසවල් වර්ගයේ සත්ව කොට්ටාශයක්. (නදී)

:       0       0

ලක්සිරි Wednesday, 27 May 2015 09:30 AM

පහුගිය කාලේ සමහර නරිත් සිංහයෝ කියල හිතාගෙන හිටිය එක ගැනයි මට නම් දුක? (ත)

:       0       0

සරසි Thursday, 28 May 2015 12:19 AM

ඔහොම තමයි හැමදාම මමයි රජා කියාගෙන ඉන්න ලැබෙන්නේ නැහැ. කැලේ රජාත් ගස් බඩ ගාන තත්වයට පත් වෙන්න පුළුවන්. ඒ වුනාට ඉතින් ඒ ටික මිනිස්සුන්ටත් නොතේරෙන එකේ මේ තිරිසනුන්ට තේරේවිද ?(නදී)

:       0       0

ජෙහාන් Thursday, 28 May 2015 12:26 AM

මේ කුළු හරක් රන්චුව සිංහයා පසුපස හඹා ගෙන එන්නේ එසැන පුවත් පාඨක බවලතුන් කලකට පෙර අපේ කට වැරදුනු සහෝදර පාඨක භවතෙකු පිටුපස දුවගෙන ආපු විදියටමයි. මට ඒ රසවත් අතීතය මතක් වුනා. (නදී)

:       0       0

රුකී Thursday, 28 May 2015 12:29 AM

මේ ලොම් හැලිච්ච සිංහයා අපේ යහපාල උන්නැහේට යස අගේට ගැලපෙනවා. ගෙදර ගෙනිහින් ඇති කරන්න අපුරු සුරතල් සතා. (නදී)

:       0       0

කැනඩා දිසා Thursday, 28 May 2015 12:54 AM

නවීන් , මේකා බේරෙන්න දුවගෙන ගියේ නාරාහේන්පිට අබයාරාමෙට (නදී).

:       0       0

කුමාර් Thursday, 28 May 2015 08:55 AM

මු අර බොරුවට කෑගහන ලංකාවේ බලු සිංහයෙක් වගේ එකෙක්. (ම)

:       0       0

ජිලෝ Thursday, 28 May 2015 12:58 AM

ගස් බඩ ගාපු සිංහයා දැක්කම මට එක්තරා කඩේ යන අප්පු කෙනෙක් මතක් වෙනවා. (නදී)

:       0       0

සත්‍යපාල Wednesday, 27 May 2015 10:00 AM

දැන් බල්ලෝ සිංහයෝ වෙලා. හරක්ට තාවකාලිකව මාර ජොලියක්. ඒ හරක්ගේ හැටි . හැබැයි පස්සේ සිංහයෝ වටකරලා ගේම දෙනකොට හරක්ට උණු ගොම යනවා. (ත)

:       0       0

කනිෂ්ක Thursday, 28 May 2015 09:18 AM

සොබාදහම මවපු අපුඋර්ව දෙයකටවත් දේශපාලනය ගාවාගන්නේ නැතුව එක රසවිදින්න දාන්නේ නැති මිනිස්සු කොට්ටාසයක් තමයි අපේ රටේ ඉන්නේ... (ත)

:       0       0

චම්පික Thursday, 28 May 2015 01:54 AM

වචනයක් වැරදිලා, අර බවලත් පාඨකයන් ටික පසුපස හඹා ගෙන එනවිට අපේ බන්දුල පෙරේරාත් දෙවියන් සිහිකර ගස් නැග්ගේ මෙන්න මෙහෙමයි. නේද පිවිතුරු ? (නදී)

:       0       0

පී යෝගනාතන් Thursday, 28 May 2015 01:58 AM

අනේ සිංහයාගේ ප්‍රශ්නය පටලගන්න හදනවා දැක්කම ලැජ්ජයි. එය අපි මනුෂ්‍යාගේ කෝණයෙන් පමණක් බලමු. විහිළුවටවත් නැවත අර තිරිසන්නනුන්ට අන්ත විදියට නොහැසිරිමට වග බල ගමු. වචනයන් හෝ අපි අසමගිය කරා නොයාමට අදිටන් කර ගමු. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි - දෙවි පිහිටයි. (නදී)

:       0       0

එසෝ Saturday, 30 May 2015 01:23 PM

අනේ සිංහ පුතේ කොටි දැක්කොත් දුවන්න එපා. (ත)

:       0       0

සුමාල් Wednesday, 27 May 2015 10:29 AM

සිංහලයන්ටත් ඕක තමා වෙලා තියෙන්නේ (බ)

:       0       0

නිමාෂා Wednesday, 27 May 2015 10:31 AM

හරක්ට තාවකාලිකව මාර ජොලියක් තිබුනට තර්ජනය හමුවේ පසු බැස්ස සිංහයව පස්සෙන් පන්නන මෝඩකමක් ඒ හරක්ට නම් තිබිල නැහැ! (බ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 27 May 2015 10:47 AM

අනේ මන්ද මෙතැන මේ හැමෝම සිංහයාට මහා ගෞරවනීය තත්ත්වයක් දෙන්න හැදුවට මට නම් සිංහයා කියන්නේ අනුන්ගේ මසින් තම උදරය පුරවගන්න තිරස්චින සතෙක් , සමහර අනුගාමිකයෝ තමන්ගේ නායකයන්වත් සමාන කරන්න හදන්නේ මේ වගේ තිරස්චිනයෙකුටනම් අනේ ඉතින් උඹල හැමෝටම මේ තුන්සරණේ සරණයි කියල තමයි කියන්නේ වෙන්නේ ! (ස)

:       0       0

රුවන් විජේසිංහ Thursday, 28 May 2015 03:15 AM

මීහරක් රැල විතරක් නෙමෙයි සූකර ගහනයත් බොහොම අපූරුවට බලන් ඉන්නව සිංහය බලු වෙනකන්.(බ)

:       0       0

ජේමිස් Friday, 29 May 2015 02:16 AM

සිංහයා තණකොළ නොකෑවට කොමිස් කනවා. (ම)

:       0       0

යසවතී Wednesday, 27 May 2015 11:10 AM

ඔය ඔක්කම තව කාලෙක කුලුහරක් (බ)

:       0       0

සෙන්සා Thursday, 28 May 2015 03:27 AM

හරකුන්ගේ කණ්ඩායම් හැගීමත්,සිංහයාගේ ප්‍රඥාන්විත පසු බැසීමත් ඉතාමත් අපූරුයි.ස්වභාවධර්මය ලෝක සමබරතාව කොතරම් හොදින් රකිනවාද කියල බලන්න.(බ)

:       0       0

ලන්සා Thursday, 28 May 2015 03:27 AM

නියමයි (බ)

:       0       0

අනුරුද්ධ ජයසුන්දර Wednesday, 27 May 2015 12:05 PM

කැලේ රජා සිංහයා වුනාට,සිදාදියේ රජා සිංහයා නොවේ ...මිනිසාය..(කේ)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 27 May 2015 12:14 PM

පිටබැද්දර ජයෝ, අපි අපේ ජාතික කොඩියෙන් වගේම තියෙන හැම තැනකින්ම සිංහයා සළකුණ ගලවලා දාමු.මොකද ඔයාලා වගේ අයට ඒක නිතර දකිනකොට හිසරදයක් වගේනේ.අනෙක ජාතිවාදයත් ඇවිස්සෙනවනේ! අපි අපේ ජාතික කොඩිය පාට තුනකින් දාමු.එතකොට ඔයාලා වගේ අයට නින්දයාවි හොඳට. (නි)

:       0       0

වසන්ත Thursday, 28 May 2015 11:35 AM

සිංහයා සිංහයෙක් හැටියට හඳුනාගත් සැමට මෙන්න සැලියුට්,,,,,,,, අපි සිංහයා එක්කමයි........(ම)

:       0       0

මධූෂා Wednesday, 27 May 2015 05:25 AM

උපක්‍රමික පසු බැසීම කියල දැම්මනම් හොදා නේද (බ)

:       0       0

සේදර Thursday, 28 May 2015 11:52 AM

දේශපාලනය කරපු සිංහයෙක් වගේ. (බ)

:       0       0

පාල Thursday, 28 May 2015 04:53 AM

පිට බැද්දර ජයා කියන්නේ තණකොළ කන හරකෙක් වෙන්න ඇති නේද ? (බ)

:       0       0

එකමුතු Friday, 29 May 2015 04:21 AM

මෙතනින් ඉගෙන ගතයුතු පාඩම වනුයේ " එකමුතුකම සහ කණ්ඩායම් ශක්තිය හමුවේ දැවැන්ත බලවේග පරාජය කළහැකි බවයි " එහෙම නැතිව දේශපාලකයින්ට කඩේ යමින් එකිනෙකාට අපහාස වන පරිදි අදහස් ප්‍රකාශ කිරීම නොවෙයි. (බ)

:       0       0

සේදර Thursday, 28 May 2015 11:58 AM

බෝධි පුජාවක් කළානම් හරි (බ)

:       0       0

නාවලගේ Wednesday, 27 May 2015 05:52 AM

අපෙත් සිංහයෝ කියල සමාන කරගන්න සමහර නායකයන් අන්තිමට බලු වෙන්නේ මෙහෙමම තමයි. (ත)

:       0       0

තිලකරත්න -ශාන්ත Thursday, 28 May 2015 05:11 AM

තමන්ගේ ශක්තිය නොදන්නා අයට හොඳ ආදර්ශයක් (ම)

:       0       0

හරිත Wednesday, 27 May 2015 12:42 PM

සිංහයා බලු වෙන්නේ මේ වෙලාවට තමයි.(හේ)

:       0       0

නිහාල් Thursday, 28 May 2015 12:17 PM

කැමැති කෙනෙක් තිරිසනකුට සමාන කර ගත්තට කමක් නෑ.තමන්ගේ කැමැත්ත ආසාව. (බ)

:       0       0

නුවන් Thursday, 28 May 2015 12:20 PM

පිටබැද්දර ජයා,මේගොල්ලන්ගේ කෙනෙක් වගේ! (බ)

:       0       0

පද්මිණි Friday, 29 May 2015 04:52 AM

බඩගිනි වුණාට තණකොළ කන්නේ නැති වුණාට මට නම් හිතෙන්නේ අනේ සිංහයෝ ඔයා තණකොළ කැවා නම් මිට වඩා නම්බුයි නේද කියල. (ම)

:       0       0

චාමික Wednesday, 27 May 2015 06:07 AM

සිංහයා දැන් ඔය බලුවෙලා ගියාට ආයේ මල් වට්ටියකුත් උස්සගෙන ඒවිද දන්නේ නෑ ලජ්ජා නැතුව. (බ)

:       0       0

නිහාල් Thursday, 28 May 2015 12:22 PM

ජාතික වීරයෝ බළල් සාමාජිකයෙකුට සමාන කරන එක නිගරුවක් (බ)

:       0       0

මහින්ද Wednesday, 27 May 2015 12:56 PM

මේ වගේ සිද්ධියක් දක්නට ලැබෙන්නේ කලාතුරකින්.(හේ)

:       0       0

ප්‍රියාන් Thursday, 28 May 2015 05:35 AM

ඔය ගොඩක් කට්ටිය සිංහයව විවේචනය කරලා තියෙන්නේ මොකද? සිංහයා ඔය ඔක්කොටම නිදහසේ ඉන්න හදලා දුන්න එකද? (ම)

:       0       0

ලලිත් Wednesday, 27 May 2015 01:01 PM

මල්ලි සිංහයා බලු උනත් සිංහ සෙයියාවෙන් තමයි ඉන්නේ. මීහරක රජ උනත් කරන්නේ මි හරක් වැඩමයි. ඉන්නේ මි හරකෙක් වගේ. කරන්නේ. දාන්නෙත් මි හරක් පාට් .(හේ)

:       0       0

නිහාල් Thursday, 28 May 2015 12:28 PM

සිංහයා වදවෙමින් පවතින සතෙක්. (බ)

:       0       0

කමල් Wednesday, 27 May 2015 06:23 AM

සිංහයා තාම බලුවෙලා නෑ (බ)

:       0       0

දුමින්ද Wednesday, 27 May 2015 06:26 AM

චාමික, ඔබ නම් හරියටම හරි මල් අරගෙන එ්වි (නදී)

:       0       0

යද්දෙහි ආරච්චි Wednesday, 27 May 2015 06:29 AM

මල් වට්ටියකුත් උස්සගෙන එන්න ඕන නෑ.පොඩ්ඩක් හැරිලා බැලුවම ඔය ගවරැලට සුලුදිය පහවන හැටි දැන් පෙනෙනවා නේද චාමික ?(ම)

:       0       0

කීර්ති Wednesday, 27 May 2015 06:31 AM

සිංහය බලුවෙනකොට බල්ලො සිංහයො වෙන්න හදනවා(ම)

:       0       0

ටිරෝන් Wednesday, 27 May 2015 01:24 PM

ඔය සිංහයා මිහරක්ට බයේ දුවද්දී සිංහයාගේ ඇඟේ වහල හිටිය මැක්කන්ට සහ ඇටමැස්සන්ට කොච්චර නම් බියක් දැනෙන්න ඇද්ද? (අ)

:       0       0

චන්න බුවනක Friday, 29 May 2015 05:56 AM

සිංහයා ගිය දුරක් .(හේ්)

:       0       0

කමල් Wednesday, 27 May 2015 06:35 AM

මඩුෂා, උපක්‍රමික පසු බැසීම් කාලයකුත් තිබුණා. (ත)

:       0       0

පුෂ්පකුමාර Wednesday, 27 May 2015 01:33 PM

දත් හැලුණු සිංහයා බල්ලෙක් තරම් වත් වටිනවද? (අ)

:       0       0

නිහාල් Wednesday, 27 May 2015 06:45 AM

පසුගිය කාලේ මී හරකුන් ඇනල සිංහයන් මැරුවා. බළල් පවුලේ සතෙක්නෙ . රජෙක් නොවෙයි කැලේ ත්‍රස්තයා. (ත)

:       0       0

පහන් Wednesday, 27 May 2015 01:34 PM

දුටුගැමුණු රජ්ජුරුවොත් කොත්මලේ හැංගිලා හිටියාලු (අ)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 28 May 2015 06:02 AM

සිංහයා වුණත් තැනට සුදුසු විදිහට මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ඕනි නේද? (ම)

:       0       0

බණ්ඩා Wednesday, 27 May 2015 01:36 PM

සිංහයා නාකි වුණාම පරණ සෙල්ලම් දාන්න බෑ. ගුහාවට වෙලා ඉන්න ඕන . (අ)

:       0       0

සමන්ති Wednesday, 27 May 2015 01:40 PM

සිංහයා ගොදුරක් හොයා ගන්නකම් නරි රංචුව පස්සෙන්ම තමයි . නරි බොහෝවිට සිංහයා කාල ඉතිරිවන කුණ තමයි රසකර කර කන්නේ. සමහර සිංහයන්ගේ පැටවුත් නරි රංචුවට එක්වෙන අවස්ථා තියෙනවා. සමහර සිංහයන් සද්දේ දානවා විතරයි . (අ)

:       0       0

ප්‍රියනාත් Wednesday, 27 May 2015 01:42 PM

ලලිත් මල්ලි, එයාගේ සෙයියාව සිංහ වුණාට වැඩ නම් බලු.., කරන වැඩවල හැටියට ඔලුවේ අං විතරයි අඩු..(අ)

:       0       0

ජානිස් Thursday, 28 May 2015 02:24 PM

සිංහයාගේ මුණ දැක්කාම කාවද මතක් වෙනවා මට (බ)

:       0       0

රත්නායක Friday, 29 May 2015 07:49 AM

මෙයා දැන ගත්තා එකෙක් අල්ල ගත්තොත් වටෙන්ම කන්න වෙනවා කියලා.(හේ)

:       0       0

මහින්ද Friday, 29 May 2015 08:02 AM

සිංහයා මෙතන හොදට මොලේ පාවිච්චි කරලා තියෙනවා බේරෙන්න. නමුත් මතක තියාගන්න උෟ අායෙත් ඇවිත් ගොදුරක් කරගන්නෙත් මේ සත්තුන්වම තමයි. (හේ)

:       0       0

පෙරේරා Wednesday, 27 May 2015 02:40 PM

ආත්මාරක්ෂාව සඳහා සිංහයා එසේ කළ එක හොඳයි (නි)

:       0       0

නවීන් Wednesday, 27 May 2015 07:45 AM

මේකා දුවගෙන ගියේ කොයි පැත්තටද ? (බ)

:       0       0

කමල් Wednesday, 27 May 2015 07:49 AM

සිංහයා බලුවෙන කාලය එතරම් ඇතක නොවේ. එදාට කාටත් තේරේවි (බ)

:       0       0

අරුණ Wednesday, 27 May 2015 07:50 AM

ඇතැම් විට මහලු සිංහයෙක් හිවල් රංචුවකට මැදිව මරණයට පත් වුනොත් , ප්‍රවෘත්තිය යන්නේ සිංහයෙක් මිය ගිය පුවත මිස හිවලුන් ගැනනම් නොවේ.. (බ)

:       0       0

බද්‍රානි Wednesday, 27 May 2015 03:40 PM

අනේ මොකට කියනවද ඒ ටික මේ දවස් වල ඔයකියන සිංහයොත් සිඟාලයෝ වෙලානේ? (කේ)

:       0       0

බණ්ඩා Wednesday, 27 May 2015 08:02 AM

අයියෝ දැන් සිංහයා බලු වෙලා .(හේ)

:       0       0

කරුණාපාල Thursday, 28 May 2015 04:09 PM

සිංහයෙක් කියල හිතාගෙන හිටියට කරලා තියෙන්නේ මිහරක්ගේ කෑමත් හොරා කාපු එක තමයි. එකනේ අද ගස් උඩට වෙලා මල් කඩ කඩා ඉන්න වෙලා තියෙන්නේ. එ්ත්, සමහර මිහරක්ට ඒකවත් තේරෙන්නේ නැහැ. මොනවා කරන්නද ඉතින් උන් මිහරක්නේ? (බ)

:       0       0

අසිත Friday, 29 May 2015 10:49 AM

කොටි මරපු සිංහයට හරකා මොකාද ?(හේ)

:       0       0

නිහාල් Thursday, 28 May 2015 05:03 PM

හරකත් සතෙක්, සිංහයාත් සතෙක්.හරකාට සිංහයාට වඩා ශක්තියක් තිබෙනවා. නමුත් නල දත් දෙක නිසා අහිංසක මුවන් වැනි අහිංසක සතුන් පහසුවෙන් ගොදුරුකර ගන්නවා.සිංහයා බලුවෙනවා නම් හොඳයි. මොකද මිනිසාට බල්ලාගෙන් හරකාගෙන් තිබෙන ප්‍රයෝජනය අති විශාලයි (නි)

:       0       0

සේදර Wednesday, 27 May 2015 05:14 PM

සිංහයා මේ තරම් බයනම් සිංහලයෝ මොන තරම් බයවේද ?(නදී)

:       0       0

ලසන්ත Wednesday, 27 May 2015 08:30 AM

ඌ තනිවම නිසා වෙන්න ඇති (නි)

:       0       0

විජය Wednesday, 27 May 2015 05:33 PM

සිංහයා ඔය තරම් බයනම් අපිටත් ගහ උඩ නගින්න වෙනවා.(නදී)

:       0       0

නදිකා Friday, 29 May 2015 11:24 AM

මොලේ පාවිච්චි කරලා බේරෙන්න. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 4 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 5 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 6 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 816 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 121 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 298 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1537 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site