ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් පිරිසක් සිරියා ජනපති බෂීර් අල් අසාද්ට හිතවත් රූපවාහිනී ආයතනයකට කඩා වැදී එල්ල කළ වෙඩි තැබීම්වලින් එම ආයතනයේ සේවකයන් 10 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 15 දෙනෙක් තුවාල ලැබූහ. කැරැුලිකරුවන් කඩා වැදී පහර දුන්නේ ‘ඉක්බාරියා’ නමැති පෞද්ගලික රූපවාහිනී ආයතනයේ මූලස්ථානයටයි. එය පිහිටා ඇත්තේ සිරියාවේ ඩමැස්කස් අගනුවර සිට කිලෝ මීටර් 20 ක් දුරිනි. සිරියා විපක්ෂය සහ කැරැුලිකාර පාර්ශ්වය චෝදනා කරන්නේ ‘ඉක්බාරියා’ රූපවාහිනී ආයතනය සිරියා රජයට පක්ෂපාතී අයුරින් ප්රවෘත්ති සහ වැඩසටහන් ඉදිරිපත් කරන බවටය. ආයුධ සන්නද්ධ කැරැුලිකරුවෝ පහළොස් දෙනකු පමණ ප්‍රහාරය සඳහා පැමිණි බවත් ඔවුන් රූපවාහිනී ආයතනයේ උපකරණ සියල්ල විනාශ කළ බවත් වාර්තා වේ. කැරැලිකරුවන් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර කිහිපයකින් ද ආයතනයේ කාර්යාල කාමර කිහිපයක් විනාශ වූ බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. සිරියාවේ මාධ්‍ය කි‍්‍රයාත්මක වන්නේ එරට තොරතුරු තාක්ෂණ අමත්‍යාංශයේ නීතිරීතිවලට අනුවය. ‘ඉක්බාරියා’ පෞද්ගලික නාළිකාවක් වුවත් එයට ද තොරතුරු තාක්ෂණ අමත්‍යාංශයේ නීතිරීතිවලට පිටින් කටයුතු කිරීමට ඉඩ නොලැබේ. ‘ඉක්බාරියා’ රූපවාහිනී නාළිකාවට එල්ල වූ ප්‍රහාරය තමන් තරයේ හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ‘ඉක්බාරියා’ රූපවාහිනී නාළිකාවට එම ප්‍රහාරය එල්ල වූයේ සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් එරට පාර්ලිමේන්තුව අමතමින් විශේෂ දේශනයක් පැවැත් වීමෙන් පැය කීපයකට පසුවය. ජනපති අසාද් පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ සිරියාවේ ‘යුද තත්ත්වයක්’ හටගෙන ඇති බවය. මේ වනවිට ප්රචණ්ඩ කි‍්‍රයා සිරියාවේ ඩමැස්කස් අගනුවර තෙක් පැතිර පවතින බවත් සිරියා කැරැලිකාරුවන් සිරියා රජය සමඟ මුහුණට මුහුණ සටන් කිරීමට පවා ශක්තිමත්ව සිටින බව ද සිරියා ජනපති අසාද් පැවැසීය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සිරියා ජනපතිට හිතවත් රූපවාහිනී ආයතනයකට ප්‍රහාරයක්: 10 ක් මරුට