IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලංකාවට නෑවිත් පරික්ෂණ කළ හැකිලු

ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කර ඇති අන්තර්ජාතික කමිටුවට විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ශ්‍රී ලංකාවට පැමිණීම අත්‍ය අවශ්‍ය නොවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිනී නව නීදන් පිල්ලේ කියයි.

පසුගිය මාර්තු මාසයේ පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී යුද්ධයේ අවසන් සමයේ යුද හමුදාව හා එල්.ටී.ටී.ය දෙපාර්ශවයම අතින් සිදුවී යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීමේ සිදුවීම් සම්බන්ධයෙන් අන්තර්ජාතික තලයේ විමර්ශනයක් සිදුකළ යුතු යැයි ඉදිරිපත් වුණු යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය.

යෝජනාව ඉදිරිපත් කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් කාර්යාලය හා ඇමරිකාව, බ්‍රිතාන්‍යය වැනි බටහිර රටවල අදහස වූයේ යුද අපරාධ හා මානව හිමිකම් කඩවීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා රජය මැදිහත්වී සිදුකරන විමර්ශන කටයුතු වල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහිමකට පත්විය නොහැකි බවයි.

යෝජනාව සම්මත වීමත් සමග ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කළේ කිසිදු අන්තර්ජාතික කමිටුවකට ශ්‍රී ලංකාවේ කටයුතු වලට ඇගිලි ගැසීමට ඉඩ නොදෙන බවයි. ශ්‍රී ලංකාවේ කටයුතු ශ්‍රී ලංකාවටම බලා ගත හැකි යැයි අන්තර්ජාතික ප්‍රජාව අවබෝධ කර ගත යුතුව ඇතැයි රජය කියා සිටියේය.

රජයේ ස්ථාවරය එවැනි වූවත් සම්මත කරගත් පරිදි යෝජනාව ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් කාර්යාලය කටයුතු කළ අතර පසුගිය ජූනි මසදී විමර්ශනය සිදුකිරීම සදහා 12 දෙනෙකුගෙන් යුත් කමිටුවක්ද පත්කෙරිණ. මේ වන විට මූලික විමර්ශන කටයුතුද ක්‍රියාත්මකය.

මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් චෝදනා නැගුණු උතුරු කොරියාව හා සිරියාව සම්බන්ධයෙන් සිදුකෙරුණු අන්තර්ජාතික විමර්ශනයන් වලදීත් එම රටවලට ඇතුල් වීමට විමර්ශකයින්ට අවස්ථාව නොලැබුණු නමුත් විමර්ශන කටයුතු සාර්ථකව සිදුකෙරුණු බව නවී පිල්ලේ පෙන්වා දේ.

මෙනිසා විමර්ශන කටයුතු සදහා ශ්‍රී ලංකාවට පැමිණීම කිසිසේත් අවශ්‍ය නොවන බව ඇය පවසයි.

තවමත් පෙර මතයේම සිටින ශ්‍රී ලංකා රජය තමන්ගේම විමර්ශනයකින් රටේ ගැටලූ විසදා ගැනීමේ හැකියාව තමන්ට ඇතැයි පවසයි. පසුගිය මස දී ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් විදෙස් විශේෂඥයින් තිදෙනෙක්ද අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සොයාබැලීමේ කමිටුවකට පත් කැරිණ.

එසේ වුවත් අන්තර්ජාතික විමර්ශන කමිටුවේ කටයුතු දිගටම ක්‍රියාත්මක වනු ඇති බව පිල්ලේ මහත්මිය කියයි.

විමර්ශන කටයුතු සදහා අවැසි සාක්ෂි විමසීමට කමිටු සාමාජිකයින් ඉදිරියේදී නොයෙක් රටවල් බලා සංචාරය කිරීමටද නියමිතය.

මෙහි ඇත්තේ ලැබී ඇති සාක්ෂි වල සත්‍ය අසත්‍යභාවය තහවුරු කරගැනීමේ ක්‍රියාවලියක් මිස අන් කිසිවක් නොවන බව පිල්ලේ මහත්මිය පෙන්වා දේ.

ශ්‍රී ලංකා රජය කමිටු සාමාජිකයින්ට එරෙහිව නොයෙකුත් පරිහව සහගත හා සාවද්‍ය ප්‍රචාරයන්ද ගෙනයමින් සිටින බවත් පවසන ඇය කමිටු සාමාජිකයින්ට ඉන්දියාවට හා තායිලන්තයට ඇතුල්වීමේ අවසරය ලබා නොදීමට එම රටවල් කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා රජය ප්‍රචාරයක් ගෙන යමින් සිටියද එහි කිසිදු සත්‍යතාවක් නැතැයි අවධාරණය කරයි.

කමිටුවේ කිසිදු සාමාජිකයෙන් එම රටවල් වලට හෝ ශ්‍රී ලංකාවට හෝ පැමිණීමට කිසිදු උත්සාහයක් දරා නැතැයි ඇය කියයි.

කමිටුවේ අවසන් වාර්තාව එළැඹෙන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා රජය පවසන පරිදි කමිටුවෙන් සිදුවන්නේ රටේ කටයුතු වලට අනවශ්‍ය පරිදි ඇගිලි ගැසීමක් නොව ශ්‍රී ලංකා ජනතාවට ඉතාමත්ම ඇවැසි ස්ථීරසාර සාමයක් හා සංහිදියාවක් ඇතිකිරීම සදහා මාර්ගයක් සකසා දීම බව නවී පිල්ලේ මහත්මිය පවසයි.

මෙනිසා කමිටුවේ කටයුතු සම්බන්ධයෙන් ආක්‍රමණකාරී නොව සහයෝගී පිළිවෙතක් අනුගමනය කිරීම ශ්‍රී ලංකාවේ රජයේ යුතුකම යැයි ඇය පෙන්වා දේ.



අදහස් (0)

ලංකාවට නෑවිත් පරික්ෂණ කළ හැකිලු

සිරිල් බාලසුරිය Wednesday, 13 August 2014 01:09 PM

මෙපමණ කලක් මෙම මානව හිමිකම් කොමිසමේ තීන්දු තීරණ දුන්නෙත් ගත්තෙත් ලංකාවට පැමිණ නෙමේ , දැනුත් එහෙම කරන්න පුළුවන් කියන එක හරි , මොකද අපේ රටට විරුද්ධව බොරු කියා සරණාගත විසා ලබා ගන්නට විදේශ මුදල් ලබා ගන්නට පිට රට සවාරි යන්නට දෙමළ සිංහල මුස්ලිම් බහුතරයක් ඉන්නවා , රට බල්ලට දීලා හෝ ඔවුන්ට තමන්ගේ බඩ වියත් රැක ගන්නට බලන්නේ (අ)

:       0       0

නිමල් ලලිත Wednesday, 13 August 2014 06:44 AM

එක්සත් ජාතින්ට ඇමෙරිකාව වැනි රටවල කරන දේ ගැන පරීක්ෂණ පවත්වන්න මෙම ක්‍රමය උපයෝගී කරගත්තොත් නරකද? (නි)

:       0       0

සුනිල් පෙරේරා Tuesday, 12 August 2014 09:21 PM

ලංකාවට නෑවිත් පරීක්ෂණ කරන්න පුළුවන් තමා. බොරු කියන සාක්කිකාරයින් ටොන් ගණන් ඉන්නවනේ ඉතින් (නි)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 12 August 2014 09:52 PM

ඔය පරීක්ෂණ ලංකාවට නෑවිත් කරන්න පුළුවන් නම් ඒවා වර්තමානයේ සිදුවෙන සෑම කටයුත්තකටමත් පොදුයි නේද? (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 13 August 2014 12:36 AM

මොකද ලංකාවට එන්නේ නැත්තේ? (නි)

:       0       0

නිලුකා Thursday, 14 August 2014 11:21 AM

වයි ෆයි වලින්ද පරීක්ෂණය තියන්නේ (දී)

:       0       0

රන්ජිත් Wednesday, 13 August 2014 02:13 AM

රටේ හැම තැනකම බෝම්බ පුපුර පුපුරා අහිංසක මිනිස්සු මැරෙනකොට අපි පණ බයේ බස් වල යනකොට දැනුන හැඟීම් නෝනලාට තේරෙන්නේ නැහැ නෝනේ. පුලුවන් නම් ඇෆ්ඝනිස්තාන් යන්න මොනවද වෙන්නේ කියලා බලන්න. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 12 August 2014 12:27 PM

අනේ මන්දා , අන්තර් ජාතීන්ට වෙන වැඩ නැද්ද කියල ? අරහේ ඊශ්‍රායලය පලස්තීනය මහා දවල් ගහනවා මිනිස්සු අමුඅමුවේම මරනවා. පලස්තීන කාරයෝ එහෙන් ෂෙල් වෙඩි ගහලා මිනිස්සු මරනවා. ඉරාකේ එහෙන් මරනවා. සිරියාවේ කියල වැඩක් නැහැ අනේ ඔය තියෙන්නේ යන්න ඕන තැන් (නදී)

:       0       0

අජිත් Tuesday, 12 August 2014 12:55 PM

අනේ පිල්ලේ නෝනා, අනේ කරුණාකරලා අරෙහේ ගාසා, ලිබියා පැතිවල කෙරෙන දේවල් ගැනත් හොයලා බලන්නකෝ... (නි)

:       0       0

සම්පත් Wednesday, 13 August 2014 08:50 AM

පිල්ලේ නෝනා අතදාන හැම රටක්ම විනාශ වුණා. බලන්න ලිබියාව, ඉරාකය, බොස්නියාව වගේ රටවල්. හැබැයි ඊශ්‍රායලය කරන වැඩ ගැන කතාරන්න බැරි තරමට මෙය ගොලුයි. (නි)

:       0       0

කුමාරි Tuesday, 12 August 2014 12:58 PM

අපේ රටේ පන්සල් වල, පල්ලි වල, බස් වල, පාලම් උඩ මෙකි නොකී හැම තැනකම බෝම්බ පුපුර පුපුරා අහිංසක මිනිස්සු මැරෙනකොට මේ රටට සාමය උදාකරලා දෙන්න හිතුනේ නැද්ද නෝනේ? තිස් වසරක යුද්ධයක් නිම කරලා ඉන්න අපිට අපේ සාමය අපිටම බලාගන්න දීලා යන්න ඔයා ගාසා තීරයට හෝ ඊශ්‍රායලයට (නි)

:       0       0

කමල් Wednesday, 13 August 2014 09:52 AM

නිමල් ලලිත, ලංකාවට එහෙම කළාට ඇමරිකාවට එහෙම කරන්නේ නැහැ. (නි)

:       0       0

සඳරු Wednesday, 13 August 2014 03:41 AM

රටක් ස්වාධීනව නැගිටින්න හදනකොට ඔය කට්ටියට කොහොමත් ඉන්න බැහැ. පිල්ලේ නෝනේ, තමන්ගේ වැඩක් බලාගත්තා නම් නරකද? (නි)

:       0       0

රොෂාන් Wednesday, 13 August 2014 06:07 PM

ලංකාවට එන්න අවශ්‍ය නැහැ.පිල්ලේ නෝනා කරුණාකරලා ගාසා, ලිබියා පැතිවල කෙරෙන දේවල් ගැනත් හොයලා බලන්නකෝ (නි)

:       0       0

සෙනරත් Wednesday, 13 August 2014 04:06 AM

ලංකාවට එන්න කොහොමත් අවශ්‍ය නැහැ. (නි)

:       0       0

කිංස්ලි Wednesday, 13 August 2014 07:44 PM

පිටබැද්දර, ඔයා හරි. (නි)

:       0       0

හැරිසන් Tuesday, 12 August 2014 03:28 PM

ලංකාවට එන්නේ නැති තරමට හොඳයි (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 13 August 2014 04:57 AM

ලංකාවට එන්නේ නැතුව ගාසා තීරයට ගිහින් ඔය කරන පරීක්ෂණය පැවැත්තුවොත් නරකද නෝනේ. (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 14 August 2014 09:29 AM

කොරයි (දී)

:       0       0

හේවාවිතාරණ Thursday, 14 August 2014 09:33 AM

පිල්ලේ ලංකාවට එන්න ඕන නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 90 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 75 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 62 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 21 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 287 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 128 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1700 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1545 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site