ළඳරු අවදියේදී පැහැර ගෙන ගිය දරුවකු අවුරුදු විස්සකට පසු නැවත තම සැබෑ දෙමව්පියන් සමග එකතු වීමේ පුවතක් වාර්තා වන්නේ චීනයේ ගුවැන්සෝ නගරයෙනි. ඞී.එන්.ඒ ජාන පරීක්‍ෂණයක් මගින් සනාථ වූ පසු එම හමුව සිදු වී ඇත.
ෂියෝ ජී නම් ඔහු දැන් විසි එක් හැවිරිදි ශිෂ්‍යයෙකි. ඔහුට වයස අවුරුදු දෙකේදී පමණ මව්පියන් සමග සාප්පු සවාරි ගිය අවස්ථාවක ජාවාරම්කරුවකු විසින් පැහැරගෙන ගොස් අසල්වැසි පුජී ප‍්‍රාන්තයේ යුවළකට විකුණා ඇත.
හුන්ග් ෂවුපින් සහ ලින් සන් නැමැති ඔහුගේ සැබෑ දෙමව්පියන් තම දරුවා සෙවීම නතර කර නොමැත. ඔවුන් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කැර ඞී.එන්.ඒ වාර්තාද ඉදිරිපත් කර තිබේ. පසුව පොලිසිය දරුවා සොයා ගත්තේය.
දරුවන් නොමැති කම නිසා මිලඳී ගත් බවත්, දරුවා හොරෙන් රැගෙන ආ බවක් ඔහු නොදන්නා බවද ෂියෝ ජී මෙතෙක් හදා වඩාගත් පියා සඳහන් කළේය.
”මා හදා ගත්ත අම්මයි තාත්තයි ඇත්තටම ශ්‍රේෂ්ඨ අය. මට දැන් අම්මලා දෙන්නයි තාත්තලා දෙන්නයි. මම මේ දෙගොල්ලන් සමගම සබඳතා පවත්වනවා” යනුවෙන් ෂියෝ ජී පවසා තිබේ.
මෙම සිද්ධියෙන් පසු මෙවැනි සිද්ධී විශාල ප‍්‍රමාණයක් වාර්තා වූ බව එරට පොලිසිය සඳහන් කරයි.
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අම්මලා දෙන්නයි : තාත්ලා දෙන්නයි
රොෂාන් Wednesday, 21 August 2013 11:48 PM
ලංකාවෙත් මෙහෙම දේවල් ඕනෑතරම් තිබෙනවා. නමුත් එලියට එන්නේ නැහැ (නි)