IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කෙසෙල් ගෙඩියක් කන්න :දොස්තර අමතක කරන්න

අප බොහෝ දෙනා නොසළකා හරින කෙසෙල් ගෙඩි අප සිතා සිටියාට වඩා ප‍්‍රතිලාභ බොහෝමයක් ලබාදෙන පළතුරක් බව මේ ලිපිය කියැවීමෙන් ඔබට පෙනී යනු ඇත.

කෙසෙල්ගෙඩියක ස්වභාවයෙන්ම හමුවන ප‍්‍රධාන සීනි වර්ගතුනකි. සුක්රෝස්,ෆ‍්‍රක්ටෝස් හා ග්ලූකෝස් තුන් ජාතියම එහි ඇත.

මෙනිසා කෙසෙල් ගෙඩියක් කෑම යනු රූපවාහිනී දැන්වීමක පෙන්වනාක් මෙන් නමට ශක්තිය ලැබෙන ශක්තිජනක පානයක් මෙන් නොව සැබෑවටම සිරුරට එක් ක්ෂණිකයකින් ශක්තිය ලබා දෙන්නකි.

එය කෙඳී සහිතය.එනිසා දිරවීම පහසුය.

මෙනිසාවෙන්ම කෙසෙල් ලෝකයේ ප‍්‍රසිද්ධ ක්‍රීඩක කී‍්‍රඩිකාවන් අතර ජනපි‍්‍රය ආහාරයකි.

නමුත් ශක්තියට අමතරව කෙසෙල්වලින් ලැබෙන ප‍්‍රතිලාභ බොහෝය

ආතතියට

මයින්ඩ් ආයතනය ආතතිය ඇති පුද්ගලයින් කණ්ඩායමක් ආශ‍්‍රයෙන් සිදුකර ඇති පර්යේෂණයක් අනුව ඔවුන් බොහෝ දෙනෙක් කෙසෙල් ගෙඩියක් කෑමෙන් තමන්ගේ මනසට සහනයක් දැනෙන්නේයැයි ප‍්‍රකාශ කර ඇත.මෙහි විද්‍යාත්මක පසුබිම වන්නේ කෙසෙල් වල ඇති ප්‍රෝටීන විශේෂයක් වන ටි‍්‍රප්ටොෆන් ශරීරයේදී සෙරොටොනින් නම් සිත සැහැල්ලූ කිරීමේ හා ආතතිය දුරලීමේ සමත් සංයෝගයක් බවට පත්වීමයි.

තවත් කරුණක් වන්නේ කෙසෙල් වල ඇති විටමින් බී6 යි.විටමින් බී6 රුධිර ග්ලූකෝස් මට්ටම යාමනය කරන අතර රුධිර ග්ලූකෝස් මට්ටම සිතේ ස්වභාවය කෙරෙහි බලපාන බව සොයාගෙන තිබේ.

ආතතියට තවදුරටත් පෙති බීම අවැසි නොවේ.

ලේ හිඟකමට

යකඩ අධික නිසා කෙසෙල් ආහාරයට ගැනීමෙන් රුධිරයේ හිමොග්ලොබින් නිශ්පාදනය ඉහළ නැංවිය හැකිය.එය ලේ හිඟවීමට ප‍්‍රතිකාරයකි.

රුධිර පීඩනයට

කෙසෙල්වල පොටෑසියම් ප‍්‍රමාණය අධිකය අන්තර්ගතව ඇති ලූණු ප‍්‍රමාණය අවමය.මෙනිසා එය රුධිර පීඩනය මර්දනය කිරීමට හොඳ අවියකි.කෙසෙල් නිශ්පාදනයන්ට රුධිර පීඩන තත්ත්වයන් හා ආඝාත තත්ත්වයන් මර්දනය කිරීමට හැකියාව තිබෙන බව නිල වශයෙන්ම නිවේදනය කිරීමේ අවසරය නිශ්පාදකයින්ට ලබාදීමට ඇමරිකා ආහාර හා ඖෂධ අධිකාරියද කටයුතු කර තිබේ.

 

මොළය වැඞීමට

බි‍්‍රතාන්‍යයේ පාසලක සිසුන් 200 ක් දිනපතා උදය,දහවල් හා රාතී‍්‍ර ආහාර වේල්වලදී කෙසෙල් අනුභව කර ඔවුන්ගේ පාඩම් වැඩකටයුතු පෙරට වඩා සාර්ථකව නිම කළ පුවතක් වාර්තා වේ.විද්‍යාඥයින් පවසන ආකාරයට කෙසෙල් වල ඇති අධික වශයෙන් ඇති පොටෑසියම් මොළය ඉහළ කි‍්‍රයාකාරීත්වයෙන් පවත්වා ගැනීමේ සමත් වන අතර මෙනිසා පාඩම් වැඩකටයුතු වඩා අවධානයෙන් යුතුව කළ හැකිය.

 

මල බද්ධයට

කෙඳි වලින් සපිරි ආහාරයක් නිසා මල බද්ධයට කෙසෙල්ගෙඩි හොදම පිළිතුරකි.එය මලපහ කිරීම නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කරවීමේ සමත්ය.

 

රැයේ මත්පැන් පානය කර උදයේ ඇතිවන අපහසුතාවන්ට - ප‍්‍රධාන වශයෙන්ම මත්පැන් පානය නිසා ඇතිවන විජලනයටමෙවන් අපහසුතාවන් මගහරවා ගැනීමට කෙසෙල්, කිරි හා මී පැණි සමග මිශ‍්‍ර කර පානය කිරීම සුදුසුය.කෙසෙල් වලින් උදරය සාමාන්‍ය තත්ත්වයට පත්කරන අතර,මී පැණි මත්පැන් නිසා අඩුවී ඇති සිරුරේ සීනි මට්ටම ඉහළ නංවයි.කිරි විජලන තත්ත්වය පහකරයි.

හදවතේ ඇතිවන රිදුම් වලට

සිරුරේ ඇතිවන අම්ලකර තත්ත්වයන් පාලනය කිරීමේ හැකියාවක් කෙසෙල්වලට ඇත.හදවතේ රිදුම් ඇතිවන අවස්ථාවකදී කෙසෙල් ගෙඩියක් කෑම සහනය ගෙන දෙනු ඇත.

දරු උපත් අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ට ඇතිවන අපහසුතා වලට

ආහාර වේල් අතරතුරදී කෙසෙල් ආහාරයට ගැනීමෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ දමා ගත හැකිය.මෙය දරු උපතක් අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ගේ සිරුරේ සිදුවන වෙනස්කම් නිසා ඇතිවන අපහසුතාවයන් වළක්වාලීමේ සමත්ය.

මදුරුවන් දෂ්ට කිරීම් වලට

එක එක වර්ගයේ ආලේපන වර්ග නොව කෙසෙල් ලෙල්ලක ඇතුල් පැත්ත මදුරුවා දෂ්ට කළ ස්ථානයේ සුමුදුවට ඇතිල්ලීමෙන් වේදනාව මෙන්ම ඉදිමුමද අඩු කර ගැනීමට හැකිය.

ස්නායුවලට

ඉහළ විටමින් බී ප‍්‍රමාණයක් ඇති කෙසෙල් ස්නායු පද්දතියේ සෞඛ්‍යය තත්ත්වය ඉහළ නංවයි.

කුසෙහි ඇති වන වණ වලට

ආහාර මාර්ගයේ විවිධාකාර ආසාදනයන්ට හොදම පිළිතුරක් වන්නේ කෙසෙල්ය.මෘදු ආහාරයක් හෙයින් ආහාර මාර්ගය ඔස්සේ ගමන් කිරීමේදී, ආසාදනයන් නිසා ආහාර මාර්ගය කවර තත්ත්වයක තිබුණද එය වේදනාවක් නොගෙනේ.ආමාශයේ අම්ලකර තත්ත්වයන් නිසා ඇතිවන වණ ආදියටද කෙසෙල් හොද ප‍්‍රතිකාරයකි.එය අම්ලකර තත්ත්වය පාලනය කරනවා සේම වණ උඩින් ආවරණයක් සේ පිහිටා තවත් අම්ල වැදී වණ ‘‘වණ‘‘ වීම වළක්වාලයි.

උෂ්ණත්වය යාමනයට

දරුවන් ලැබීමට නියමිතව සිටිනා කාන්තාවන්ගේ සිරුරේ උෂ්ණත්වය පහත දැම්මේ ශක්තිය කෙසෙල් වලට කෙසෙල් වලට ශක්තිය ඇතැයි විශ්වාසයක් පවතී.තායිලන්තයේ අදටත් බඩ දරු අම්මලාට කෙසෙල් අනුභව කිරීමට දේ.එවිට ඉපදෙන දරුවා සිසිල් ශරීර තත්ත්වයකින් යුතු දරුවෙකු වනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.

මේවාට අමතරව තරබාරු බව අඩු කිරීමේ හැකියාවක්ද කෙසෙල් වලට ඇත.විශේෂඥයින් සිදුකර ඇති පර්යේෂණයන්ට අනුව ඇතැම් රටවල තරබාරු භාවය රෝගයක් යැයි සළකන තරමටම වර්ධනයව ඇත්තේ මිනිසාගේ වැරදි ආහාර පුරුදු නිසාය.මෙනිසා කෙසෙල් වැනි ස්වභාවික ආහාරයන් ගැනීමට හුරු වීම මෙම තත්ත්වය මර්දනය කිරීමට උපකාරී වනු ඇතැයි ඔවුන් පෙන්වා දේ.

‘‘ඇපල් අ ඬේ කීප්ස් අ ඩොක්ටර් අවේ‘‘ (දවසකට ඇපල් ගෙඩියක් කෑවොතින් ඔබට දොස්තර වෙත යෑමට සිදුනොවේ) යන කියමන ඔබ අසා ඇතුවාට සැක නැත.නමුත් කෙසෙල් ඇපල් වලට වඩා, සිව් ගුණයකින් ප්‍රෝටීන වලින් ඉහළය,දෙගුණයකින් කාබොහයිඩ්‍රේටයන්ගෙන් ඉහළය,තෙගුණයකින් පොස්පරස් වලින් ඉහළය,පස් ගුණයකින් විටමින් ඒ හා යකඩ වලින් ඉහළය,දෙගුණයකින් වෙනත් විටමින හා ඛනිජ ලවණ වලින් ඉහළය.

මේ බැව් සළකන විට අප ඉහත කියමන මේ මුළු කාලය පුරාවටම කියා ඇත්තේ වැරදියට බව පෙනේ.‘‘බනානා අ ඬේ කීප්ස් අ ඩොක්ටර් අවේ‘‘ යැයි එය නිවැරදි විය යුතුව ඇත.

ඇත්ත වශයෙන්ම කෙසෙල් යනු ගෙවන මිලට වඩා වටින,කිසිදු ආහාරයකට ළංවිය නොහැකි අද්විතීය ස්ථානයක් හිමි ආහාරයකි.එය අප බොහෝ දෙනා හඳුනාගෙන නොසිටීම නම් කනගාටුදායකය.

BANANA

 

 

 

 



අදහස් (0)

කෙසෙල් ගෙඩියක් කන්න :දොස්තර අමතක කරන්න

මහින්ද කේ ගොඩගේ සීෂෙල්ස් Tuesday, 12 August 2014 07:18 PM

ඉතා වටිනා ලිපියක්. මම ලංකාවේදී දැක නැති වුණත් මේ රටේ වියලන ලද කෙසෙල් තීරු පැකට් කර අළෙවි කරනවා. හරිම රසවත්. ඒ වගේම ගුණදායකලු. එහෙම දෙයක් කළොත් අපේ රටේ අස්වැන්න විකුණාගන්න බැරුව කසළ ගොඩවල් වලට විසිකරන්න ඕනෑ නැතිවේවි (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 10 August 2014 02:05 PM

රෑට දෙකක් දාගත්ත වෙලාවකට දැන් එහෙනම් අවුලක් නැහැ. උදේම කෙසෙල් ගෙඩියක් කෑවා නම් මුස්පේන්තු ගතිය මග ඇරිලා යාවි නේද ? (නදී)

:       0       0

මහින්ද කේ ගොඩගේ Tuesday, 12 August 2014 07:23 PM

සුබානි, අව්‍ කණ්ණාඩි දාගෙන අමු කෙසෙල් කන්න නම් එපා .... (නි)

:       0       0

ලෙස්ලී Sunday, 10 August 2014 02:16 PM

මෙය මම දිනපතාම දිගටම කරගෙන අාපු දෙයක් මට කෙසෙල් ගෙඩි නැතුවම බැහැ. (නදී)

:       0       0

ප්‍රියන්ත Monday, 11 August 2014 11:32 AM

කෙසෙල්වල මේ තරම් ගුණදායක බවක් තිබෙන බව දැනගත්තේ ලිපිය කියෙව්වම (නදී)

:       0       0

නැනී Tuesday, 12 August 2014 03:14 AM

ඉතා හොඳ පණිවිඩයක්. ඒ උනාට මගේ හදවතේ මේ දවස් වල පොඩි රිදුමක් තිබිලා කෙසෙල් ගෙඩිම කකා ඉන්නේ. තාම මුකුත් වෙනසක් නැහැනේ. (නදී)

:       0       0

ගාමිණී - සිරිවර්දන Sunday, 10 August 2014 03:27 PM

කෝවිද මල්ලීගේ විද්‍යාත්මක ලිපිත් ,භාෂා කරණයත් ඉතාමත් අනර්ඝයි. සබරගමුවේ අතීතයේ සිටම කෙසෙල් වලට නම පට බැඳුනේ රඹුක්කනයි. අද කොම්පොස් වෙනුවට රසායනික පොහොර භාවිතය නිසා කෙසෙල් ගෙඩියේ ගුණාත්මක භාවය පිරිහී ගිහින් බව කියන්නේ කණගාටුවෙන් මමත් කෙසෙල් වගා කරන්නෙක් නිසා. (නදී)

:       0       0

නානායක්කාර Monday, 11 August 2014 05:49 AM

කෙසෙල් ගන්න කොට හොඳට පැහිච්ච අමු කෙසෙල් අරගෙන දවසක් දෙකක් තියනකොට හොඳට ඉදෙනවා. එතකොට කාබයිට් ගහපු ඒවා ගන්න ඕන නැ. (දී)

:       0       0

පද්මිනී Sunday, 10 August 2014 04:39 PM

කෙසෙල් නම් ඉතාම ගුණ පළතුරක්. කෙසෙල් ගන්ට ගියාම අපි දුටුවා මොනවද රසායනිකයක් ඇවරි වලට විදිනවා. ගියා වෙනුවට ගත්ත මිස කෑවේ නැහැ. දියවැඩියා වට නම් කෙසෙල් කෑම පාලනයෙන් කලයුතුයි නේද? (නදී)

:       0       0

සනත් Sunday, 10 August 2014 04:53 PM

හොද ලිපියක් නමුත් සීනි ඇති අයට ? (නදී)

:       0       0

නිර්මලා සෙව්මිනි Monday, 11 August 2014 01:26 PM

කෙසෙල් මෙච්චර ගුණයි කියලා දැනගත්තේ ලිපිය කියෙව්වට පස්සේ (නදී)

:       0       0

රංජනී Friday, 22 August 2014 05:01 AM

ගොඩක් වැදගත් (නදී)

:       0       0

ගිශාන්ති වෙරළවිතාන Monday, 11 August 2014 01:36 PM

හොඳ උපදේශයක් ලැබුනට ස්තුතියි (නදී)

:       0       0

හේවාවිතාරණ Monday, 11 August 2014 01:39 PM

දොස්තර අමතක කරලා කෙහෙල් ගෙඩි කකා හිටියොත් නියමෙට හිටීවි (නදී)

:       0       0

ජනක Tuesday, 12 August 2014 04:40 AM

ලංකාදීපයට බොහොම ස්තූතියි! (නි)

:       0       0

රූපවතී Sunday, 10 August 2014 05:52 PM

මම පුරුද්දක් වශයෙන් කරන දෙයක්. හැමදාම කෙසෙල් වරදින්නේ නැහැ, එහි වටිනා කමත් හොදින් දැනගෙන සිටියෙමි. ගොඩාක්ම පිළිගෙන තිබුනේ මතක ශක්තිය, මොලේ වර්ධනයට කෙසෙල් වැදගත් පළතුරක් හැටියටයි. මගේ දියණියට හැමදාම උදේටයි හවසටයි කෙසෙල් ආහාරයට දෙන්න මා පුරුද්දක්කර ගත්තෙමි. දියණිය ඉපදීමෙන් පසු මා "ඩීප්ප්‍රේෂන්" තත්වයට පත්වෙලා හිටියා. ඒ නිසාම වෙන්න ඇති, මට ඉක්මනින්ම සුවය වී දැන් හොද සාමාන්‍ය ජීවිතයට නැවත පිවිසෙන්න එයම බොහෝ උපකාරී වූ වග මා තරයේම පිලිගනිමි. ලංකාදීපය ලිපියට ගොඩාක් ඉස්තුතියි. (නදී)

:       0       0

සදනි Wednesday, 13 August 2014 08:41 AM

ඉතා වැදගත් ලිපියක්. නොදන්නා දේවල් දැනගත්තා. ලංකාදීපයට ස්තුතියි. (නි)

:       0       0

තුෂාර පාලිත Monday, 11 August 2014 03:15 PM

ගොඩක් වටින ලිපියක් (දිල්)

:       0       0

පෙරේරා Monday, 11 August 2014 03:28 PM

ලංකාදීපයට ගොඩක් ස්තූතියි මෙවැනි ලිපි පළ කලාට (දිල්)

:       0       0

දසුන් Wednesday, 13 August 2014 04:27 PM

මොන කෙසෙල් වර්ගයද වඩා සුදුසු? මොකද කෙසෙල් වල ප්‍රබේද ගොඩක් තිබෙනවනේ (නි)

:       1       0

ඉරන්ත Wednesday, 13 August 2014 03:35 AM

ගොඩක් වටිනා ලිපියක් (නි)

:       0       0

රුවන් Sunday, 10 August 2014 08:52 PM

හොඳ ලිපියක් වගේම හොඳ දැනුවත්කිරීමක් (නි)

:       0       0

රූපවතී Monday, 11 August 2014 04:53 PM

අනේ අනේ! චමත්, ඔයාගේ කතාවට මට හිනා (නි)

:       0       0

සුබානි Tuesday, 12 August 2014 06:10 AM

වඩාත් හොඳම දේ අමු කෙසෙල් ඉදවා කෑම. (දිල්)

:       0       0

විමල් පෙරේරා Monday, 11 August 2014 02:03 AM

අගය කළ යුතු ලිපියකි. ලංකාදීපයට ස්තුතියි. (නි)

:       0       0

අසන්ති Friday, 15 August 2014 06:46 AM

මගේ දරුවාට මම දවසට කෙසෙල් ගෙඩි තුනක්වත් දෙනවා. ඒත් ඒවාගේ මේ තරම් ගුණයක් තිබෙන බව අදයි දැනගත්තේ. ලිපියට ස්තූතියි.(නදී)

:       0       0

මිනිපෙ Tuesday, 12 August 2014 03:04 PM

තරමක් ඉදුණු කෙසෙල් අධික රුධිර පිඩනයට හොදයි.දියවැඩියාව ඇත්නම් හොදට ඉදුණු කෙසෙල් කන්න එපා.හැමදාම සැතපුම් දෙකකක් අැවිද්දොත් මාසෙකින් දියවැඩියාව නැතිවෙනවා.(අ)

:       0       0

මලිති Tuesday, 12 August 2014 07:12 AM

හොඳ ලිපියක්. ලංකාදීපයට ස්තූතියි (නි)

:       0       0

රූපසිංහ Monday, 11 August 2014 06:19 PM

ධනුෂ්ක, නානායක්කාර කිවුවා වගේ හොඳට පැසුන අමු කෙසෙල් අරගෙන ඉදෙන්න තබන්න. කෙසෙල් වගා කරන ගොවි මහතුන් මේ කෙසෙල් වලට කාබයිට් හෝ රසායනික ගසන්නේ නැහැ. කෙසෙල් ගොවියා හොඳට පැසුණු කෙසෙල් මිස ඉදුණු ඒවා වෙළෙන්දාට නොදෙන්නේ ඒවා ප්‍රවාහනයට ප්‍රශ්නයක් වන නිසාය. කාබයිට් ගසන්නේ කෙසෙල් වෙළෙන්දා විසින්. මොකද පැසුණු හෝ නොපැසුණු කෙසෙල් බලහත්කාරයෙන් ඉදවීම තුළින් ඉක්මනට ඔවුනට මිල කර ගත හැකිය. සාමාන්‍යයෙන් ඔබ කෙසෙල් හෝ පැපොල් මිලදී ගන්නා විටදී හරි ලස්සනට කහපාටින් ඇති විට ඒවා ( විශේෂයෙන් පැපොල්) මිලදී ගන්න එපා. (නි)

:       0       0

සරත් Monday, 11 August 2014 03:02 AM

මමත් බොහොම කැමති පළතුරක් (නි)

:       0       0

නිමන්ති හේරත් Monday, 11 August 2014 09:22 AM

ගොඩක් වැදගත් ලිපියක් (දිල්)

:       0       0

ජයන්ත Wednesday, 13 August 2014 04:51 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

ආනන්ද Monday, 11 August 2014 07:24 PM

මෙවැනි දේවල් තව පළකරන්න .ස්තුතියි ලංකාදීපයට (නි)

:       0       0

රන්ජිත් Tuesday, 12 August 2014 07:45 AM

මේක හොද පණිවිඩයක්,ඒ වුනාට සිනි තියන කෙනෙකුට මේකෙන් එන බලපෑම කොහොමද දන්නේ නේ නේද?(දිල්)

:       0       0

ධනුෂ්ක Monday, 11 August 2014 03:34 AM

වටිනා ලිපියක් පල කලාට ලංකාදීපයට තුතී. කව්රු හරි දන්නවා නම් කියන්න අද අපි කඩේන් ගන්න කෙසෙල් වලට කාබයිට් නැතිනම් වෙනත් රසායනික දේවල් යොදල තියෙන්නේ. අපිට වෙන ගන්න විදියකුත් නැහැ (නදී)

:       0       0

සුජානි ප්‍රනාන්දු Tuesday, 12 August 2014 07:59 AM

ඉතා වැදගත් ලිපියක්. නොදන්නා දේවල් දැනගත්තා. (නදී)

:       0       0

ලසිඳු බැති Monday, 11 August 2014 09:46 AM

ගොඩක් හොද ලිපියක් ස්තූතියි (දිල්)

:       0       0

ලතා පළිහේන Monday, 11 August 2014 09:06 PM

මේ දැනුවත් කිරීමට බොහොම පින් (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 11 August 2014 03:57 AM

ඉතාම වටිනා ලිපියක්. ලංකාදීපයට ස්තුතියි.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 11 August 2014 03:58 AM

අගය කළ යුතු ලිපියක්. ලංකාදීපයට ස්තුතියි.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 11 August 2014 04:03 AM

රූපවතී, මේ ලිපියේ වැදගත් කම මොන තරම්ද කියනවා නම් ලංකාවේ සිටින මගේ පවුලේ සියලුම දෙනාට මේ ලිපිය බැලීමට සැලැස්සුවා. (නදී)

:       0       0

සත්‍යපාල Monday, 11 August 2014 04:02 AM

ලිපිය නම් ඉතා අනර්ගයි. එ්ත් ලංකාවේ කාබයිඩ් ගහලා ඉදවපු කෙසෙල් ගැටවලත් මේ ගුණ තියනවාද කියලා හොයා බලන්න වෙනවා. (නදී)

:       0       0

චන්දමාලි Wednesday, 13 August 2014 05:39 AM

තම වත්තේ කෙසෙල් ගසක් සිටුවා ගත්තා නම් කොතරම් අගනේද? (නි)

:       0       0

සරත් Sunday, 10 August 2014 01:16 PM

ඉතාම වැදගත් ලිපියක්. ලංකාදීපයට ස්තුතියි. (නදී)

:       0       0

ලීලානන්ද ඉහළගම Tuesday, 12 August 2014 01:09 AM

පිටරට පළතුරු දරුවන්ට කවන දෙමව්පියන්ට හොඳ පාඩමක්. පළතුරු පිළිබඳව අපේ මින්ස්සුන්ට හොඳ අවබෝධයක් නැහැ (නදී

:       0       0

ලක්මිනී Sunday, 10 August 2014 01:26 PM

ස්තුතියි. හොඳ ප්‍රවෘත්තියක් (නදී)

:       0       0

නන්දන Monday, 11 August 2014 10:53 AM

හොද පුවතක් (දී)

:       0       0

අතුල තිලක හිමි Tuesday, 12 August 2014 06:20 PM

අගය කළ යුතු ලිපියක්. ලංකාදීපයට ස්තුතියි. (නි)

:       0       0

චමත් ඉතාලිය Monday, 11 August 2014 11:08 AM

හොද ලිපියක් ...අද ඉදන් කෙසෙල් කැනක් තියාගෙන ටික ටික කනවා ...හොදයි නේද රුපවති (දී)..

:       0       0

සුරී Tuesday, 12 August 2014 02:12 AM

ඉතා වැදගත් ලිපියක්. ඔබට ස්තුතියි.(නදී)

:       0       0

සලීත් Tuesday, 12 August 2014 02:23 AM

ලංකාදීපයට ගොඩක් ස්තූතියි. හොද ලිපියක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 73 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 167 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 131 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1423 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 431 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 696 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site