ඕස්ටේ්රලියාව සහ ඇමෙරිකාව අතර හැට වසරක සිට පවතින ආරක්ෂක ගිවිසුම අලූත් කිරීම සඳහා ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ඊයේ (16) ඕස්ටේ්රලියාවට පැමිණියේය. ආර්ථික බලවතකු ලෙස චීනයේ පිබිඳීමත් සමඟ ආසියාව සම්බන්ධයෙන් සිය විදේශ ප්‍රතිපත්ති වර්තමානයට ගැලපෙන අයුරින් වෙනස් කිරීමට ඔබාමාගේ ඕස්ටේ්රලියා සංචාරයේ එක් අරමුණක් වේ. තම ජන්ම භූමිය වන හවායි දූපතේ පැවැති ‘ඇපෙක්’ සමුළුවට සහභාගී වීමෙන් පසු ඔබාමා ඕස්ටේ්රලියා සංචාරය ආරම්භ කළ අතර ඔහු රැගත් එයාර් ෆෝස් වන් ගුවන් යානය ඊයේ උදෑසන ස්ටේ්රලියාවේ කැන්බරා අගනුවරට ගොඩබෑවේය. ඇමෙරිකා හමුදා ඉරාකයෙන් සහ ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමෙන් පසු ආසියානු ආරක්ෂක ප්‍රතිපත්ති සංශෝධනය කර ඕස්ටේ්රලියාව සමඟ ආරක්ෂක සහ ආර්ථික සම්බන්ධතා තර කර ගැනීමට ද ඔබාමා සූදානමින් සිටින බව ඇමෙරිකානු ජාතික ආරක්ෂක නියෝජ්‍ය උපදේශක බෙන් රෝඩ්ස් පවසා තිබේ. ඔහු ද ජනාධිපති ඔබාමා සමඟ කැන්බරා නුවරට පැමිණි අතර ඔහු එම අදහස් මාධ්‍යවෙත ලබා දුන්නේ එයාර් ෆෝස් වන් ගුවන් යානයේ සිටය. අද දිනයේ (17) ජනාධිපති ඔබාමා, ඕස්ටේ්රලියානු පාර්ලිමේන්තුව ඇමැතීමට නියමිතය. ඊට පෙර ඔහු ඕස්ටේ්රලියා අගමැතිනී ජුලියා ගිලාඞ් හමුවීමටත් දෙදෙනා එක් වී මාධ්‍ය හමුවක් පැවැත්වීමටත් නියමිතය. ඕස්ටේ්රලියා සංචාරයෙන් පසු ඔබාමා අනිද්දා (සෙනසුරාදා 19) ඉන්දුනීසියාවේ සංචාරයකට සහභාගී වීමට නියමිතව. ජනාධිපති ඔබාමා ඉන්දුනීසියාවේ පැවැත්වෙන ‘පෙරදිග ආසියානු සමුළුවට ද සහගාවී වනු ඇත. එම සමුළුවට ඇමෙරිකාවත් රුසියාවත් මෙවර සහභාගී වන්නේ ප්‍රථම වතාවටය. ඕස්ටේ්රලියා අගමැතිනි ගිලාඞ් (වමේ) ඔබමා පිලිගනිමින්
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනාට මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හි
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ආරක්ෂක ගිවිසුම අලූත් කරන්න ජනපති ඔබාමා ඕස්ටේ්රලියා යයි