එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව සිරියාවට පහර දීමක් නොකරන්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඊයේ (4) ඇමෙරිකාවෙන් ඉල්ලා සිටියේය.
ඉකුත් 21 වැනිදා සිරියාවේ සිදුවුණු විස වායු ප්‍රහාරයට එරට රජය සම්බන්ධ දැයි ස්ථිරව දැනගන්නා තුරු සිරියාවට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් වලකින්නැයි මහ ලේකම් මූන් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.
එම විස වායු ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායමක් සිරියාවට ගොස් පරීක්ෂණ පැවැත්වීය. එම පරීක්ෂණ අවසන් වූයේ ඉකුත් 31 වැනිදාය.
විස වායු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට සාක්ෂි රැසක් ලැබුණු බවත්, ඒ ගැන අවසන් වාර්තාවක් සති තුනකින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්ට සහ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පරීක්ෂකයෝ එම අවස්ථාවේදී පැවැසූහ.
විස වායු ප්‍රහාරය එල්ල කළේ සිරියානු රජය යැයි කැරැලිකාර පාර්ශ්වය චෝදනා කරන අතර සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය චෝදනා කරන්නේ විස වායු ප්‍රහාරය කැරැුලිකරුවන් විසින් සිදු කරනු ලැබූවක් කියාය.
සෙරීන් විස වායුව රසායනික අවියක් ලෙස භාවිතයට ගැනෙන අතර ඇමෙරිකාව චෝදනා කර ඇත්තේ විශාලතම සෙරීන් විස වායු තොගය ඇත්තේ සිරියානු රජය සතුව කියාය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය නැතිව සිරියාවට පහර දෙන්න එපා
කුමාරි Thursday, 05 September 2013 12:10 PM
ඇමරිකාවට ඕනේ නම් ගහනවා නැත්නම් නිකන් ඉන්නවා (දී)
ජයරංග සුරවීර Friday, 06 September 2013 12:14 AM
ලංකාවත් ලගදිම යෝජනාවක් සම්මත කරයි.(නදී)
මංගල කොලොන්නාව Friday, 06 September 2013 12:46 AM
මෙයා මෙහෙම කිවූ එකේත් යටි අදහසක් ඇති.ඒක මොකක්ද කියලා හෙට අනිද්දා දැන ගත හැකිවේවි (නි)
සරෝජ් ජයසේකර Thursday, 05 September 2013 02:08 AM
ලොකු පුදුමයක් බෑන්කි මූන් මෙසේ කීම. කුමක් නිසා මෙසේ කිවුවාද දන්නේ නැහැ (නි)
රත්න Thursday, 05 September 2013 01:13 PM
ඔන්න ඔහේ දීලා දාන්න මූන් මහත්තයෝ සවුත්තු වෙන්නේ නැතුව. අපි නම් ඇමෙරිකාවට මුකුත් කියන්නේ නැහැ. (නි)
ගමේන් Thursday, 05 September 2013 01:19 PM
අපි කැමති නැහැ සිරියාවට ගහනවට.(නදී)
උපාලි Thursday, 05 September 2013 09:04 AM
මට බයේ බෑ බෑන් කි මුන්ට තරහ ගියොත් මොනවා කරයිද කියල. ඇමෙරිකාව වෙව්ලන්න ඇති බය වෙච්ච පාර. පරීක්ෂකයන්ගේ වාරතාව මොකක් වුනහම මොකද. ඇයි, ඉරාකෙදිත් පරීක්ෂණ වාරතාවෙන් කිව්වේ රසායනික අවි නැහැ කියලනේ. ඒත් මොකද වුනේ? සිංහයයි, හාවයි. (අ)
රිෂාර්ඩ් Thursday, 05 September 2013 10:00 AM
අමෙරිකාවත් දෙකඩ වීම වැඩි ඈතක නෑ (දී)