IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


පිල්ලේ යුදේව්වනට වැඩියෙන් බනී

ගාසා තීරයේ සිදුවන මිනිස් ඝාතනයන්ගේ වගකීම ඊශ්‍රායෙලය මෙන්ම හමාස් සංවිධානයද භාරගත යුතුව ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිඹද මහකොමසාරිනී නවී පිල්ලේ මහත්මිය කියයි.

එසේවුවද ඊශ්‍රායෙලයට වැඩි බරක් දමන ඇය ඔවුන් සිතාමතාම අන්තර්ජාතික නීති උල්ලංඝණය කරමින් සිටින බවට චෝදනා නගයි.

ඊශ්‍රායෙලයේ මිසයිල ආරක්ෂණ පද්දතිය වන අයන් ඩෝමයට ආධාර සැපයීයැයි ඇය ඇමරිකාවටද චෝදනා කරයි.ඇමරිකාව ඊශ්‍රායෙලයට කරන්නාක් මෙන් පලස්තීනයටද ප්‍රහාර වලින් ආරක්ෂා වීමට ආධාර නොදෙන්නේ මන්දැයි ඇය විමසයි.

පිල්ලේ මහත්මියගේ චෝදනා වලට ප්‍රතිචාරයක් නිකුත් කිරීමට ඊශ්‍රායෙලය මෙතෙක් කටයුතු කර නැතත් පලස්තීන අගමැති මහමුද් අබ්බාස් තමන් හමාස් සංවිධානයේ නායකයින් හා එක්ව ගැටුමට දේශපාලන විසඳුමක් ගෙන ඒමට කටයුතු කරන බව පවසා ඇත.

ඊශ්‍රායෙලයට අන්තර්ජාතික තලයෙන් දැඩි පීඩනයක් එල්ල වෙමින් තිඛෙන අතර ඒ ඔවුන් එල්ල කරන ප්‍රහාර වලින් වැඩි වශයෙන් හානි වන්නේ සිවිල් වැසියන්ට වීම නිසාය.

නමුත් ඊශ්‍රායෙලය පවසන්නේ එසේ සිවිල් වැසියන් ගැවසෙන ස්ථාන වල හමාස් සංවිධානය බියගුලූ ලෙස රොකට් අවි අටවා ඇති හෙයින් ඒවායින් ආරක්ෂා වීමට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තමන්ට සිදුව ඇති බවයි.

සිවිල් වැසියන්ගේ මරණ තමන්ගේ වාසියට හරවා ගැනීමට හමාස් සංවිධානය කටයුතු කරමින් සිටින බවට ඊශ්‍රායෙලය චෝදනා නගයි.

මෙම චෝදනා වල පදනම කුමක් වුවද එසේවී යැයි සිවිල් වැසියන් සිය ගණනින් මරණයට පත්වීම සාධාරණීකරණය කිරීමට ඊශ්‍රායෙලයට හැකියාවක් නැතැයි මැදහත් විචාරකයින්ගේ මතයයි.

මේ වන විට හමාස් සටන්කාමින් ඇතුළු පලස්තීන සිවිල් වැසියන් 1300 කට අධික සංඛ්‍යාවක් හා හමුදා භටයින් ඇතුළු ඊශ්‍රායෙල ජාතිකයින් 59 ක් මරු මුවට පත්ව ඇත.

හමාස් සංවිධානය ගාසා තීරයේ ඉදිකර තිබෙන උමං ජාලය සම්පූර්ණයෙන්ම විනාශ කර දමන තෙක් සටන නොනවත්වන බව ඊශ්‍රායෙල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පසුගියදා ප්‍රකාශ කළේය.

මෙම උමං ජාලයේ පිහිටෙන් හමාස් සටන්කාමිීන්ට ඊශ්‍රායෙලය කරා රහසේ පැමිණ ප්‍රහාර එල්ල කිරීමට හැකියාව ඇතැයි කියවේ.

දැනට 86000 ක පමණ ඊශ්‍රායෙල භට පිරිසක් යුධ පෙරමුණට කැදවා තිබෙන අතර ඉදිරියේදී තවත් භටයින් කැදවීමට නියමිතව තිඛෙන බව සදහන්ය.



අදහස් (0)

පිල්ලේ යුදේව්වනට වැඩියෙන් බනී

පහන් Friday, 01 August 2014 12:44 PM

ක්‍රිස්තුපුර්ව හයසියගනන්වල දී බැබිලෝනියන්වරුන්ද ,ක්‍ රිස්තුවර්ෂ 70 දී රෝමන්වරුන්ද යුදෙව්වන්ට ප්‍රහාර එල්ලකර ඔවුන් ජේරුසේලමෙන් පලවා හැරියා. රෝමන්වරු යුදෙව් පුදබිමේ වෙස්ටන් වෝල් එක ඇරෙන්න (වැලපෙන පවුර )නැගෙනහිර ,උතුරු ,දකුණු පවුරු විනාස කර දැමුවා. එ්ත් කවදාවත් කාටවත් බරුව ගියා යුදෙව්වන් සහමුලින්ම ඔවුන්ගේ බිමින් පන්නන්න. 1948 ඊශ්‍රායලය පිහිටුවද්දී එහෙ යුදෙව් ජනපද තිබුනා. (නදී)

:       0       0

නිමල ලතා Saturday, 02 August 2014 03:21 AM

පිල්ලේ නෝනා මේකට මහා පරිමාන කොමිසපත් කරන්නේ නැද්ද.ඇමෙරිකාව ,ඇතළු ඊළම වාදීන්ට කත් අදින අය මර නින්දේද.? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 2351 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


Tik Tok තරුව මියයයි
2024 අප්‍රේල් මස 16 183 0


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 1981 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


ඉන්දියාවේ බෝට්ටු අනතුරක්
2024 අප්‍රේල් මස 16 56 0

ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ බෝට්ටු අනතුරකින් කුඩා ළමුන් ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බෝට්ටු අනතුර සිදුවී ඇත්ත


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 3779 1

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


සල්මාන්ගේ නිවසට වෙඩි තැබූ දෙකක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 16 42 0

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site