රුසියාවේ පෙරේදා (4) පැවැති ජනපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට අගමැති ව්ලැඩිමීර් පුටින් සමත් වූ නමුත් ජනපතිවරණය දූෂිත බවට විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා කරයි. ජනාධිපතිවරණයේ මුල් වටයේදීම ප‍්‍රකාශිත ඡුන්දවලින් සියයට 64 ක් ලබා ගැනීමට පුටින් සමත් වූ බව වාර්තා විය. පුටින්ගේ ආසන්නතම ප‍්‍රතිවාදියා වූයේ කොමියුනිස්ට් පක්ෂ නායක ජෙනඩි සුගනෝව්ය. ඔහුට ලබා ගැනීමට හැකිවූයේ සියයට 17.13 ක ඡන්ද ප‍්‍රතිශකයක් පමණි. ඒ අනුව, වසර 2000 සිට 2008 තෙක් රුසියාවේ ජනපති ධුරය හෙබවූ පුටින්ට තෙවැනි වරටත් රුසියාවේ ජනපති ධුරයට පත්වීමට ව්ලැඩිමීර් පුටින්ට ජනවරමක් ලැබී ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඉන්පසුව ද තවත් අවුරුදු 6 කට එම ධුරය දැරීමට ද ඔහුට එරට ව්‍යවස්ථාවෙන් ඉඩ සැලැසී තිබේ. ඡන්ද ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනතාව අමතමින් පුටින් සතුටු කඳුළු පිරි දෙනෙතින් යුතුව ප‍්‍රකාශ කළේ තමන් සාධාරණ ජයග‍්‍රහණයක් අත්කර ගත් බවය. රට බෙදීමට, බටහිර රටවල උසි ගැන්වීම මැද විරුද්ධවාදීන් ගෙන යන විරෝධතා ව්‍යාපාරය රුසියානු ජනතාව ප‍්‍රතික්ෂේප කර ඇති බව ද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය. පුටින් ජනතාව ඇමැතූ අවස්ථාවට වත්මන් ජනපති දිමිත‍්‍රි මෙඩ්වදේව් ද පැමිණ සිටියේය. ඉකුත් දෙසැම්බරයේ පැවැති රුසියානු මහ මැතිවරණය දූෂිත යැයි පවසමින් විපක්ෂ කණ්ඩායම් ගත වූ තෙමසක කාලය පුරාවට පුටින්ට එරෙහිව විරෝධතා රුසියාව පුරා පැවැත්විණි. කෙසේ නමුත් එම විරෝධතා රැලිවලට එකඳු විපක්ෂ අපේක්ෂකයකු සහභාගී නොවීම ද විශේෂ සිද්ධියකි. පෙරේදා පැවැති ජනපතිවරණය දූෂිත යැයි චෝදනා එල්ල වෙද්දී ඉදිරියට ද පුටින්ට, විරෝධතාවලට මුහුණ දීමට සිදුවේවි යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ජනපතිවරණයට ස්වාධීන පක්ෂ අපේක්ෂක මිහායිල් ප්‍රොකරෝව්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ නායක ව්ලැඩිමීර් සිරිනෝව්ස්කී, සහ රුසියා සාධාරණ පක්ෂ නායක සර්ගේ මිරිනෝව් ද ඉදිරිපත්ව සිටියහ
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රුසියා ජනාධිපතිවරණයෙන් අගමැති පුටින්ට විශිෂ්ට ජයක්