IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බොරතෙල් මිල සියයට 2.6කින් ඉහළට

රතු මුහුදේදී ඉරාන නෞකාවකට මිසයිල ප්‍රහාරයක් එල්ල වීමත් සමඟ බොරතෙල් මිල ගණන් සියයට 2.6කින් ඉහළ ගොස් තිබේ.

ප්‍රහාර එල්ල වූයේ සෞදි අරාබිය දෙසින් යැයි ඉරානය චෝදනා එල්ල කරන අතර මසක් ඇතුළත මැද පෙරදිග කලාපයේ මෙවැනි සිදුවීමක් වූ දෙවැනි අවස්ථාව මෙයයි.

පසුගිය මාසයේදී සෞදි අරාබියේ ඇරැම්කෝ සමාගමේ ස්ථානයකට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල විය. සෞදි අරාබි රජයට අයත් ඇරැම්කෝ සමාගම ලොව වැඩිම ආදායමක් උපයන සමාගම් කිහිපය අතුරින් එකක් වන අතර ලොව විශාලතම තෙල් පිරිපහදු සහ සැකසුම් බලාගාරය අයත් සමාගමයි.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි අරාබිය සහ ඇමෙරිකාව ඉරානයට චෝදනා එල්ල කළ අතර ඉරානය එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළේය.

ඇමෙරිකාව සහ සෞදි අරාබිය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වූ අතර එසේ කළහොත් ඊට ප්‍රතිචාර වශයෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බවට ඉරානය අනතුරු ඇඟවීය.  

‘නැෂනල් ඉරානියන් ටෑන්කර්’ සමාගමට අයත් නෞකාවකට මෙලෙස ප්‍රහාර එල්ල වී තිබේ. සෞදි අරාබියට ආසන් මුහුදේදී පිපිරීම් දෙකක් සිදු වූ බවත් එය බොහෝ දුරට මිසයිල ප්‍රහාර විය හැකි බවත් තවත් වාර්තාවක දැක්විණි.

මෙම පුවත වාර්තා වීමත් සමඟ ‘බ්‍රෙන්ට්’ සහ ‘නිව්යෝක් කෘඞ්’ තෙල් මිල ගණන් සියයට දෙකකින් ඉහළ ගිය අතර තෙල් සම්පතින් පොහොසත් ගල්ෆ් කලාපයේ තෙල් සැපයුම් සම්බන්ධයෙන් මෙන්ම රටවල් අතර ද උණුසුම් තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් හටගෙන තිබේ.

ඒ.එෆ්.පී/රොයිටර්ස්

055

 



අදහස් (0)

බොරතෙල් මිල සියයට 2.6කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 166 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 103 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 96 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 292 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site