IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රසායනික අවි ප‍්‍රශ්නයක් අල්ලගෙන සිරියාවට ගැහුවොත් බලාගෙනයි

සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය කැරැුලිකරුවන්ට රසායනික අවි යොදාගෙන පහර දෙනවා යැයි චෝදනා කරමින්, එය නිමිත්තක් කර ගෙන සිරියාවට හමුදා ප‍්‍රහාරයක් එල්ල කිරීමට බටහිර රටවල් සූදානම් වන්නේ නම් ඒ අදහස වහාම අත්හරින්නැයි සිරියානු රජයේ මිතුරකු වන රුසියාව ඊයේ (28) අනතුරු ඇඟවීමක් කළේය.

සිරියා රජය පෙරළා දැමීමටත්, ලිබියාවට කළාක් මෙන් එරටට එරෙහිව හමුදා ප‍්‍රහාරයක් එල්ල කිරීමටත් ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා යෝජනාවලීන් සම්මත කර ගැනීමට අවස්ථා දෙකකදී උත්සහ කළත් රුසියාව නිෂේධ බලය පාවිච්චි කරමින් ඊට විරෝධය දැක්වීය. ඊට චීනයේ ද සහාය හිමිවිය.

ඇමෙරිකාව ඉරාකය ආක‍්‍රමණය කළේත් සදාම් හුසේන්ගේ පාලනය බිඳ දැම්මේත් ඔහු සතුව සමූල ඝාතක අවි ඇතැයි චෝදනා කරමින්. ඒත් එවැනි අවි කිසිවක් හමුවුණේ නැහැ යැයි රුසියානු නියෝජ්‍ය විදේශ ඇමැති මිකායිල් බොග්ඩනෝව් පවසයි.

සිරියාවට ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් වළකින්නැයි බොග්ඩනෝව් අනතුරු ඇඟවීමක් කළේ ඇමෙරිකානු ආරක්ෂක ලේකම් චක් හේගල් පෙරේදා (27) කළ ප‍්‍රකාශයක් හේතුවෙනි. 

චක් හේගල් කියා සිටියේ සිරියානු රජය රසායනික අවි යොදා ගෙන කැරැුලිකරුවන්ට මෙන්ම සිවිල් වැසියන්ට ද පහර දෙන බවට තමන්ට සාක්ෂි ලැබී ඇති බවය.

සිරියා රජය සතුව රසායනික අවි ඇතැයි ඇමෙරිකාව මීට පෙර අවස්ථාවලදී ද චෝදනා කර ඇත. ඇමෙරිකානු ජනපති බැරැුක් ඔබාමා වරක් කියා සිටියේ එවැනි අවිවලින් පහර දීමක් කළහොත් ඇමෙරිකාව සෘජුව මැදිහත් වී, සිරියාවට ප‍්‍රහාර එල්ල කරන බවය.



අදහස් (0)

රසායනික අවි ප‍්‍රශ්නයක් අල්ලගෙන සිරියාවට ගැහුවොත් බලාගෙනයි

සිල්වා Monday, 29 April 2013 08:01 PM

ලොව තෙල් ඇති කුඩා රටවල් සහ අනෙකුත් සෑම රටකටම බලපෑම් ඇතිකරන සහ ඇතිකරවා, පසුව එම රටවල් සූරාගන කෑමයි බටහිරයන්ගේ ක්‍රමය.බල උද්දාමයෙන් උඩ පනින මොවුන් හට මෙය  හොද පාඩමක්.මෙතෙක් ත්‍රස්නයන් සහ රසායණ අවි ඇතැයි කියා දැනටමත් රටවල් කීපයක් විනාශකර ඇත. රුසියාව සහ චීනය නොමැතිනම් ලොව සතර කොන් දක්වා මොවුන් කරණම් ගසාවි. රුසියාව සහ චීනය ඔබලාට ජයශ්‍රී! (අ)

:       0       0

සිතිර Tuesday, 30 April 2013 09:41 PM

රුසියාව සද්ද නැතුව හිටියට හොඳ යුද බලයක් තියෙන රටක්. ඇමෙරිකාවට ලේසි වෙන්නෑ ඒගොල්ලොත් එක්ක.(නු)

:       0       0

මාරියා Tuesday, 30 April 2013 12:32 AM

රුසියාවට කරන්න පුළුවන් දෙයක් නැහැ. බොරුවට කියවනවා ඩ

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 36 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 36 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 38 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 14 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 283 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 125 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site