ලොව විශාලතම යැයි කියන ටොන් 270 ක් බරැති තඹ ඝණAඨාරයක් සොයා මියන්මාර කිමිදුම්කරුවෝ මේ දිනවල රැන්ගුන් නදිය පීරමින් සිටිති.
15 වැනි සියවසේ මියන්මාරය පාලනය කළ දම්මසෙදි රජුගේ උපදෙස් පරිදි නිපදවා ඇතැයි කියන මේ ඝාණ්ඨාරය වසර 130 කට පසුව පෘතුගීසි ජාතිකයෙකු සොරාගෙන එය උණු කර කාලතුවක්කු සෑදීම සදහා රැගෙන යමින් සිටියදී රැන්ගුන් නදියේ නැව ගිලී ගිය බව මියන්මාර ඉතිහාසයේ සදහන්වේ.
මෙම ඝණ්ඨාරය සොයාගත හැකිවේ නම් මියන්මාරය අතීතයේ තිබුණු වීභූතිමත් තත්ත්වයට යළිත් එසවිය හැකි වනු ඇතැයි මියන්මාර වැසියන් අතර විශ්වාසයක් පවතී.
මියන්මාරයේ ආගමික නායකයෝද මේ බැව් විශ්වාස කරන අතර මේ දිනවල ඝණ්ඨාරය සොයා සිදු කෙරෙන කිමිදුම් කටයුතු සිදු කෙරෙන්නේද ඔවුන්ගේ ආශිර්වාද මැදය.
කෙසේ නමුත් අතීතයේ සෝනාර් වැනි අති නවීන උපකරණයන් භාවිතයෙන් ඝණ්ඨාරය සොයාගැනීමට තැත් කර ඇතත් ඒ කිසිවක් සාර්ථක වී නොමැත.මෙනිසා ඇත්තටම ඝණ්ඨාරයක් නදියේ පවතින්නේදැයි සැකයක්ද ඇතැම් මියන්මාර වැසියන් අතර තිබේ.
නමුත් නැවත වරක් ඝණ්ඨාරය සොයා මෙහෙයුම් සිදුකෙරෙන අතර මේ වන විද්‍යාවට වඩා ඔවුන් තැන දී ඇත්තේ ආගම දහමටය.
කිමිදුම් කටයුතු සිදුකෙරෙන අයුරු දැක බලා ගැනීමට දහස් ගණනින් ජනතාව පැමිණෙන්නෝය.
මියන්මාරයේ ඉතිහාසඥයෙකු වන හා පසුගිය දශක කිහිපයේදී මෙම ඝණ්ඨාරය සොයා සිදුකෙරෙණු ගවේෂණ කිහිපයකටම සහභාගීව අත්දැකීම් ඇති චිට් සැන් වින් පවසන්නේ ඝණ්ඨාරය ඇතැයි තමන්ට විශ්වාසයක් තිබෙතත් ආගමික හා අධ්‍යාත්මික මෙහෙයවීමකින් එය සොයාගත හැකිවනු ඇතැයි තමන් කිසිසේත් විශ්වාස නොකරන බවයි.
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඝණ්ඨාරය සොයා ගඟේ කිමිදෙති
ගාමිණී සිරිවර්දන Monday, 25 August 2014 12:13 PM
ගෙම්බා,කිඹුලා,කුකුල් අඩි කොටා සලකුණු ඇති මහා පර්වත වල නිධන් හාරන්න දක්ෂ අපේ රටේ ඇත්තන්ට දුන්නානම් ඔය ඝන්ටාරය ගොඩ ගැනීම සුළු දෙයක් ! (අ)
සෙනරත් Monday, 25 August 2014 07:14 AM
මෙය නිකම්ම නිකම් ජනකතාවක් වියනොහැක. අතීතයේ ටොන් 270 ක ඝණ්ඨාරයක් කොහොම ගෙනවිත් නැවකට පැටෙව්වාද? (නි)
රූපවති Monday, 25 August 2014 12:17 PM
එහෙත් ඉන්නවා වගේ අත්භූත ..දේවල් විශ්වාශ කරන ..ලංකාවේ වගේ මෝඩ මිනිසුන් ..? ලංකාවේ ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක්ට කීවානම් ..එක රැයෙන් ඕක ගොඩගන්නවා...? (අ)
සදුනි Monday, 25 August 2014 07:51 AM
ඔබේ සැකය මටත් ඇතිවෙනවා සෙනරත්.නමුත් තායිලන්තයේ කිලෝ 6000 කට වඩා බර රන් ප්‍රතිමාව කොහොමද එහා මෙහා අරගෙන ගියේ..? (නි)
නන්ද Monday, 25 August 2014 08:34 AM
ඉක්මනින්ම ඝණ්ඨාරය හමුවේවා ! අපිටත් බලන්න ආසයි. (නි)
හේමන්ත Tuesday, 26 August 2014 03:25 PM
උපන් රටටත් වැදූ මවටත් හා සමානව ගරු කරන්න (අ)
ලක්මාල් Monday, 25 August 2014 05:04 PM
රූපවති, ඔයාගේ හෘද ශාක්ෂියට එකඟව ඉපදුන දා සිට අද වෙනතුරු කිසිම දේවාලයකට ගිහින් බාරයක් වෙලා නැද්ද? (නි)