බටහිර සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ඔස්කාර් සිනමා සම්මාන උළෙල ඊයේ (27) ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර කොඩැක් රඟහලේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර හොඳම නළුවා, හොඳම චිත‍්‍රපටය ඇතුළු සම්මාන 5 ක් දිනා ගැනීමට ‘ආටිස්ට්’ චිත‍්‍රපටය සමත්විය. ‘ආටිස්ට්’ යනු සිනමා තාක්ෂණය ඉහළ හිණිපෙත්තට පැමිණ ඇති යුගයක නිර්මාණය වූ නිහඬ කළු සුදු චිත‍්‍රපටයකි. හොඳම අධ්‍යක්ෂකවරයා වූයේ ‘ආටිස්ට්’ චිත‍්‍රපටයේ අධ්‍යක්ෂක ප‍්‍රංශ ජාතික මයිකල් හසානාවිසියස්ය. හොඳම නළුවා වූයේ එහි ප‍්‍රධාන චරිතය නිරූපණය කළ ප‍්‍රංශ ජාතික ජෝන් ජුඩාර්ජීන්ය. ‘ආටිස්ට්’ චිත‍්‍රපටයේ අපූරු රංගනයක යෙදෙන යූජී නමැති බලූ සුරතලා ද සම්මාන සඳහා නිර්දේශවීම මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී සුවිශේෂී සිදුවීමකි. හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තේ ‘අයන් ලේඩි’ චිත‍්‍රපටයේ එක්සත් රාජධානියේ අගමැතිනියක වන මාගරට් තැචර්ගේ චරිතයට පණ දුන් මෙරලින් ස්ටී‍්‍රප්ය. හොඳම සහාය නිළිය වූයේ ‘ද හෙල්ප්’ චිත‍්‍රපටයේ රඟපෑ ඔක්ටේවියා ස්පෙන්සර්ය. හොඳම සහාය නළුවා වූයේ ‘බිගිනර්ස්’ චිත‍්‍රපටයේ අපූරු රංගනයක යෙදුණු කි‍්‍රස්ටෝපර් ප්ලම්මර්ය. හොඳම විදෙස් චිත‍්‍රපටය වූයේ ඉරාන චිත‍්‍රපටයක් වන, අස්ගාර් ෆර්හාඞී නමැති අධ්‍යක්ෂකවරයාගේ ‘ද සෙපරේෂන්’ චිත‍්‍රපටයයි. හොඳම පරිගණක සජීවීකරණ චිත‍්‍රපටය ලෙස සම්මානයට පාත‍්‍ර වූයේ ‘රැංගෝ’ චිත‍්‍රපටයයි. හොඳම වාර්තා චිත‍්‍රපටය වූයේ ඇසිඞ් ප‍්‍රහාරවලට ලක් වී ජීවිතය ජය ගත් කාන්තාවන් ගැන කියැවෙන ‘අන්ඩිෆීටඞ්’ නමැති පාකිස්තාන කෙටි වාර්තා චිත‍්‍රපටයයි. එහි අධ්‍යක්ෂිකාව ෂාර්මීන් ඔබයිඞ්ය. පාකිස්තාන කෙටි චිත‍්‍රපටයකට ඔස්කාර් සම්මානයක් හිමිවූ ප‍්‍රථම අවස්ථාව මෙයයි.
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඔස්කාර් සිනමා සම්මාන උළෙලේදී ‘ආටිස්ට්’ චිත‍්‍රපටයට සම්මාන 5 ක්