IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මෙහෙමත් ආසාවක්

බටහිර ස්වීඩනයේ ගොතන්බර්ග් දිස්ත්‍රික් අධිකරණයට ස්විඩ් පොලිස් නිලධාරීන් 37 හැවිරිදි ස්විඩන් කාන්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියේ මෙතෙක් ලෝකයේ කිසිම තැනකින් අසන්නට නොලැබුණු විස්මිත වූත්, අරුම පුදුම චෝදනාවකි. පොලිසිය කියා සිටියේ කාන්තාවගේ නිවසේ තිබි මිනිස් ඇට සැකිලි හිස්කබල් සොයාගත් බවත්, එම මිනිස් ඇට සැකිලි ලිංගික තෘප්තිය සඳහා උය උපයෝගී කරගෙන ඇති බවත්ය. එහෙත් එම චෝදනාවට නඩු පැවැරීම සඳහා  නීති පොතේ වගන්තියක් නැති හෙයින් ‘‘මළවුන්ගේ සාමයට බාධා කිරීම‘‘ යන චෝදනාව යටතේ ඇයට විරුද්ධව නඩු පවරන බව ස්විඩන් පොලිසිය අධිකරණයට දැන්වීය. පොලිසිය කාන්තාවගේ නිවසේ තිබී අත්අඩංගුවට ගත් හිස්කබල් පහක්, කොඳු ඇට පෙළක් සහ තවත් මිනිස් ඇට කටු රාශියක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ ඇයගේ නිවසේ රහස් කාමරයක මෘත ශාරීරාගාරයක මෙන් පවත්වාගෙන ගිය කොටසක මෙම ඇට සැකිලි තිබි අත්අඩංගුවට ගත් බවයි.  නිවසේ තිබූ සී.ඩී. තැටි දෙකක් සහ ලිංගික ක්‍රියාවනට අදාල ඡායාරූප රැසක් තිබූ බවත් එක් ඡායාරූපයක ඇය මිනිස් හිස් කබලක් සිප ගන්නා ආකාරය විදහා දැක්වෙන බවත් පොලිසිය කීවේය. සී.ඩී. තැටිවලින් එක් තැටියක මගේ පළමු අත් දැකීම මැයෙන් එයට අදාල ඡායාරූප ලියකියවිලි තිබූ බවත් අනෙක් තැටියේ මළවුන් සමග සංවාසයක් යෙදෙන ඡායාරූප ලියකියවිලි තිබූ බවත් පොලිසිය සඳහන් කෙළේය. ඇය මානසික වෛද්‍ය විශේෂඥයින් වෙත ඉදිරිපත් කළ ද ඇයට කිසිදු මානසික රෝගයක් හෝ එවැනි රෝගයක ලක්ෂණවත් නොමැති බව වාර්තා කර ඇතැයි ද පොලිසිය වැඩදුරටත් කියා සිටියේය. පොලිසිය මුලින් සැකකර ඇත්තේ ඇය කිසියම් මිනිමැරුම් කීපයක් රහසිගතව සිදුකර එය වසන් කිරීමට උත්සහා ගන්නා ආකාරයක වුවත් පසුව කළ නිරීක්ෂණවලදි මෙම කරුණු අනාවරණය වූ බවත් පොලිසිය පැවැසීය. චෝදනාවට නිවැරැදි කරු බව ඇය ප්‍රකාශ කළැයි. තමා කිසිදු වරදක්කර  නොමැති බවත් මිනිසුන්ට මුද්දර එකතු කිරීමට ඇති ආශාව මෙන් තමන්ද මිනිස් ඇට සැකිලිවලට එකතු කළ බවත් ඇය කීවාය. නඩු විභාගයට පැවැත්වෙන අතර ඇය වැරැදිකරු වුවහොත් වසර දෙකක සිරදඬුවමක් සහ දඩයක් ද ගෙවීමට සිදුවේ.



අදහස් (0)

මෙහෙමත් ආසාවක්

අමිල කටුනායක Thursday, 22 November 2012 08:33 AM

මළවුන් සමග කටයුතු කරාම නඩු වැටෙන එකක් නෑ කියලා හිතන්න ඇති (ස)

:       0       0

සම්පත් Thursday, 22 November 2012 09:13 AM

කෝ මේ ළමයගේ ෆෙටෝ එකක් දාලා නෑනේ (ස)

:       0       0

කැළුම් Thursday, 22 November 2012 09:35 AM

මේක එයාගේම කවුරුහරි කෙනෙක්ගේ වෙන්න ඇති. ආපහු ගිහින් දුන්නොත් හොඳයි..මැරුන මිනිස්සුන්ගෙන් කාටවත් කරදරයක් නෑනේ (ස)

:       0       0

බන්දුල Thursday, 22 November 2012 09:58 AM

බයානක ආසාවක්, ඔය වැඩේට හරියන කවුරුහරි හොයාගන්න (ස)

:       0       0

දුමි Tuesday, 27 November 2012 04:35 PM

මුතුකුඩ මේවා ලංකාවෙත් වෙනවා..? ඔයත් මේකට මොකක් හරි සම්බන්ධයක් තියෙනවා වගේ..!(නු)

:       0       0

බැරැක් Wednesday, 21 November 2012 08:44 PM

අනේ මෙහෙම තන්හාවක්, අනේ මෙහෙම ආසාවක් . මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් (ස)

:       0       0

රුමේන් Thursday, 22 November 2012 02:53 PM

හරි ෂොක් අප්පා... (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 21 November 2012 08:53 PM

නියම ක්‍රමයක් (ස)

:       0       0

මුතුකුඩ Thursday, 22 November 2012 10:20 PM

මේ ක්‍රමය ලංකාවෙත් වෙනවා. බෙහෝදුරට මේක සිදුවන්නේ මිනී තබන කාමර ඇතුළේ. (නි)

:       0       0

කුමාර Thursday, 22 November 2012 04:10 PM

මේ රටවල්වල ජීවත් වෙනවා ලෝකේ හැම ජාතියක්ම (ස)

:       0       0

දයානන්ද Thursday, 22 November 2012 04:41 PM

මොකක්ද අනේ මේ හරුපේ.......? (නි)

:       0       0

නාපාවල කටාර් Thursday, 22 November 2012 12:38 PM

ජීවත්වී සිටින මිනිසාට වඩා මළවුන් අතර සිටින මිනිසා විශ්වාස කළ හැකිය. (නි)

:       0       0

මධූ Thursday, 22 November 2012 12:58 PM

යකෙක් වැහිලද ?? තොවිලයක් නටන්න වේවි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 733 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 116 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 283 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1510 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 468 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1529 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site