මරා දැමුණු තලේබාන් බෝම්බකරුවන්ගේ සිරුරු කොටස් ප‍්‍රදර්ශනය කරන ඇමෙරිකන් සෙබළුන්ගේ ඡුායාරූප, පෙරේදා (18) ඇමෙරිකාවේ ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළ වීමත් සමඟ ඇෆ්ගන් වැසියන්ගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල විය. ඇෆ්ගනිස්තානයේ කාබුල් ඇතුළු නගර කිහිපයක ඊයේ (19) ඇමෙරිකා විරෝධී උද්ඝෝෂණ පැවැත්වුණු අතර ඇමෙරිකා ධජ ගිනිබත් කිරීම් ද එහිදී සිදුවිය. එම සිද්ධිය සම්බන්ධයෙන් ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි ද සිය විරෝධය පළ කර ඇත. ඇමෙරිකා හමුදා තව තවත් අපකීර්තියට ලක් වූ එම සිදුවීම සම්බන්ධයෙන් ධවල මන්දිරය ප‍්‍රකාශයක් නිකුත් කළ අතර, එහි සඳහන් වන්නේ ඇමෙරිකන් සොල්දාදුවන්ගේ කි‍්‍රයා කලාපය කිසිසේත් අනුමත කළ නොහැකි බවය. මේ අතර එම ඡායාරූප ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළ කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා රජය එම පුවත්පතට දොස් පවරයි. නිව්යෝක් ටයිම්ස් පුවත්පත එම ඡායාරූප පළ කර ඇත්තේ ඒවා පළ කරන බව ඇමෙරිකා ආරක්ෂක අංශ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව කල් තියා දැනුවත් කරමින්ය. එම අවස්ථාවේදී ඡායාරූප පළ නොකර සිටින්නැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර ඇති නමුත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත එම ඉල්ලීම ඉවත දමා ඇත.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්
චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ
ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ
මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
තලේබාන් සිරුරු කොටස් පෙන්වන ඇමෙරිකන් සෙබළුන්ගේ ඡායාරූප නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ