ඊජිප්තු පාපන්දු කී‍්‍රඩා සමාජ දෙකක් අතර පෙරේදා (2) රාති‍්‍රයේ පැවැති තරගයක් අතරතුරේ හටගත් දරුණු ගැටුමකින් පුද්ගලයෝ 75 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 150 කි. තුවාල ලැබූවන්ගෙන් 45 දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. ගැටුම හටගත්තේ ඊජිප්තුවේ මධ්‍යධරණී නගරයක් ලෙස සැලකෙන පෝට් සේඞ් නගරයේ පාපන්දු කී්රඩාංගණයේය. පාපන්දු තරගය පැවැත්වුණේ ‘අල් මස්රි’ සහ ‘අල් අහ්ලි’ යන කණ්ඩායම් දෙක අතරේය. අල් මස්රි සහ අල් අහ්ලි යනු ඊජිප්තුවේ වඩාත් ප්‍රකට පාපන්දු කණ්ඩායම් දෙකය. පෝට් සේඞ් නගරයේ පාපන්දු පිල අල් මස්රි කණ්ඩායමයි. අල් අහ්ලි යනු කයිරෝ නුවර පාපන්දු කණ්ඩායමකි. පෙරේදා රාති‍්‍රයේ පැවැත්වුණේ ඊජිප්තු ලීග පාපන්දු තරගාවලියේ එක් තරගයකි. සිදුවූ ප්රචණ්ඩ කි‍්‍රයාවලින් පසු පාපන්දු තරගාවලිය අවලංගු කර දමා ඇතැයි ද වාර්තා වේ. තරගයෙන් වැඩි වාසි අත්වුණේ අල් අහ්ලි පිලටය. එහෙයින් කෝපයට පත් අල් මස්රි පිලේ කී‍්‍රඩාලෝලීන් කී‍්‍රඩාංගනයේ ආරක්ෂක නිලධාරීන් සහ පොලිස් නිලධාරීහු පෙරළා ගෙන පිටියට කඩා වැදී අල් අහ්ලි පිලේ කී‍්‍රඩකයන්ට පහර දෙන්න වූහ. එම අවස්ථාවේදී තරගය නැරැඹීමට පැමිණි අල් අහ්ලි පිලේ ආධාරකරුවෝ අල් මස්රි පිලේ කී‍්‍රඩාලෝලීන්ට පහර දෙන්න වූහ. ඔවුහු කී‍්‍රඩාංගණයට ගිනි තැබීමට ද පටන් ගත්හ. දෙපිරිස අතර ගැටුම උග්රවෙද්දී කී‍්‍රඩාංගණයට රැස්ව සිටි පිරිස අතරේ ලොකු තෙරපීමක් ද හට ගැනුණි. බොහෝ ජීවිත හානි සිදුවූයේ එම අවස්ථාවේදීය. කී‍්‍රඩාංගණයේ සිටි පොලිස් සහ ආරක්ෂක අංශ නිලධාරීන්ට තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වූ හෙයින් කැරැලි මර්දන පොලිස් බලඇණියක් ද කී‍්‍රඩා පිටියට පැමිණියේය. පාපන්දු තරග නිසා ඊජිප්තුවේ පමණක් නොව පාපන්දු කී‍්‍රඩාව ජනපි‍්‍රය වෙනත් රටවල පවා නිරන්තරයෙන් ප්රචණ්ඩ කි‍්‍රයා සිදුවේ. එහෙත් පෝට් සේඞ් කී‍්‍රඩාංගනයේ හටගත්තේ පා පන්දු කී‍්‍රඩා ලෝලීන් අතර සාමාන්‍ය ගැටුමක් නොව යුද්ධයක් බවත් කී‍්‍රඩංගණය එකම ලේ විලක් වූ බවත් ඊජිප්තු මාධ්‍ය වාර්තා කළේය. පාපන්දු කී‍්‍රඩා තරගයකදී මීට පෙර මෙවැනි ප්රචණ්ඩ කි‍්‍රයා වාර්තා වූයේ 1996 වසරේදී යැයි ඊජිප්තු රජය පවසයි. වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ බලයේ සිටි ජනාධිපති හොස්නි මුබාරක් ජනතා විරෝධතා හමුවේ බලයෙන් ඉවත් වීමෙන් පසු ඊජිප්තුව අරාජිත වී ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඊජිප්තු පාපන්දු කී‍්‍රඩාංගණයක දරුණු ගැටුමකින් 75 ක් මියයති