කුඩා සාප්පු හිමියන්ට සහ ක්ෂණික ආහාර වෙළෙන්දන්ට ඔවුන් බෙදා දෙන සෑම ප්ලාස්ටික් බෑගයකටම දමා පැන්ස 5 බැගින් දඩ පැනවීමට එංගලන්තය සැරසේ.
වසරකට එංගන්තයේ ඉවත දමන ප්ලාස්ටික් බෑග් ප්‍රමාණය පසුගිය වසර දෙක තුළ ශිඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව කෝටී 700ක් පමණ මෙම වසර තුළ ඉවත දමා ඇත. ප්ලාස්ටික් දිරාපත් වීමට අවුරුදු 1000 ක් පමණ ගත වේ.
මෙයින් භූමිය විනාශ වීම පමණක් නොව ඒවා ආහාරයට ගැනීමෙන් සිව්පා සතුන් කුරුල්ලන් දහස් ගණනක් පීඩා විදින අතර, දහස් ගණනක් මිහිකත හැර ගොස් ඇති බව ඔවුන් කළ පරීක්ෂණ වලින් හෙළි විය.
දඩය පැනවීමේ අරමුණ වී ඇත්තේ ඉවත දමන ප්ලාස්ටික් භාවිතය අවම කිරීමයි. මෙයින් ලැබෙන මුදල් ඉවත දමන අපදව්‍ය බැහැර කිරීම හා ඒවාට විරුද්ධව සටන් කරන පරිසරය සුරැකීමේ පරිසරික හා වනසත්ව සංවිධානවල ප්‍රයෝජනය සඳහා ලබා දීමට කටයුතු කරන බව බලධාරීහු පවසති.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
එංගලන්තේ ප්ලාස්ටික් දඩයක්
ෂේන් Tuesday, 24 December 2013 02:50 AM
ලංකාවේ පොලිතින් බැග් හා වෙනත් ප්ලාස්ටික් නිසා තවත් ගොඩක් දේවල් සිදුවනවා. ප්ලාස්ටික් පුච්චනවානම් ඉතා ඉහල උෂ්ණත්වයකදී (800 සෙන්ටිග්රඩ් ) කරන්න ඕන. නැතිනම් සමාන්නයෙන් ගෙවල් වල පුච්චන විදිහට dioxin නමැති පිලිකකාරක විස වායුව පිටවෙනවා. පොලිතින් කොලවල උණු අහාර දැමිමේදීත් මේ වායුව පිටවන්න පුළුවන්. හැකිතරම් මෙය ඔබේ අවට අය දැනුවත් කරන්න
සෙලන්සියුස් Tuesday, 24 December 2013 09:15 AM
ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය වැඩි වෙලා තියෙන්නේ එහි මිල අඩු නිසා. නමුත් ඒවායින් වෙන හානිය ගැන වගකීමක් ගන්න කිසි කෙනෙක් නැහැ. ප්ලාස්ටික් හා පොලිතින් මිල කඩදාසි හා එවැනි වෙනත් ඇසුරුම් වල මිලට වඩා වැඩි කලානම් ඉබේම බාවිතය අඩු වෙනවා. (නදී)
සුජීව Monday, 23 December 2013 04:29 PM
වැදගත් ක්‍රියාවලියක්. උසස් අයුරින් ප්ලාස්ටික් ප්රත්ජිවිකරන එංගලන්තය වගේ රටක් මෙවැනි දෙයක් ක්‍රියාකිරීමට සැලසුම් කලානම්. අපේ ලංකාව වගේ රටවල් නියත වශයෙන් ආදර්ශයට අරගෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය විනාස කිරීමට සැලසුම් කිරීම හොද වටිනා දෙයක් ශ්‍රී ලංකාවේ අනගතයට.(නදී)
සුමංගල ඇල්පිටිය Monday, 23 December 2013 04:47 PM
එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ(දිල්)