මොස්කව්හිදීය (රොයිටර්)
අවුල්ජාලයක් බවට පත්ව තිබෙන ඇමෙරිකාව සමඟ තිබෙන සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට රුසියාව සූදානම් බව එරට විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් පැවැසීය.
රුසියාව සමඟ සාමාන්‍ය සංවාදයක් පැවැත්වීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට තිබෙන කැමැත්ත සළකා බලමින් ඒ ගැන අවධානය යොමු කරන බව ද රුසියානු විදේශ අමාත්‍යවරයා කීවේය.
කෙසේ නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ රුසියානු විරෝධී සිතුවිල්ල එම සාකච්ඡාවලට බාධාවක් යැයි ද රුසියානු විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
“දෙරට ඇති අවුල්ජාලය විසඳන්න අපේ පැත්තෙන් විය යුතු දේවල් කරන්න අපි සූදානම්” ජර්මනියේ ඩී.පී.ඒ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රුසියානු විදේශ අමාත්‍යවරයා කීය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියාකාරකම් නිසා දෙරට අතර අර්බුදය උග්‍ර අතට හැරෙන බව ද හෙතෙම පැවැසීය.
055
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇමෙරිකාවේ සමඟ ඇති සබඳතා යථාතත්වයට පත්කිරිමට රුසියාව සුදානම්ලු