අනුන්ගේ කෘතිවලින් කොටස් කොපි කර, ව්‍යාජ ලෙස නිබන්ධනයක් පළ කර, ආචාර්ය උපාධිය ලබා ගත් බවට චෝදනා එල්ල වී, ජනතා අප්‍රසාදයට ලක් ව සිටි හංගේරියා ජනාධිපති පෑල් ෂ්මිට් ඊයේ (3) සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේය. ජනාධිපති ෂ්මිට්ට විරුද්ධව ජනතාව මෙහෙයවූයේ හංගේරියා විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය. නිබන්ධනය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමත් සමඟ පසුගිය දින කීපය පුරාම ජනපතිවරයාට එරෙහිව විරෝධතා රැුලි පැවැත්විණි. විරෝධතාකරුවන් ප්‍රශ්න කළේ නිබන්ධනයක් ව්‍යාජ අයුරින් සකස් කළ තැනැත්තකු සාධාරණ අයුරින් රටක් පාලනය කරන්නේ කෙසේ ද යන්නයි. ෂ්මිට්, එම නිබන්ධනය සකස් කර ඇත්තේ 1992 වසරේදීය. ජනපතිවරයාගේ එම ඉල්ලා අස්වීමෙන් පසු දින 30 ක් ඇතුළතදී නව ජනපතිවරයකු පත් කර ගත යුතුව ඇත. එතෙක් අන්තර්වාර ජනපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ කතා නායක ලස්ලෝ කෝවෝ කටයුතු කරනු ඇත. වසර 2010 දී බලයට පත් ෂ්මිට්, වත්මන් හංගේරියානු අගමැති වික්ටර් ඕස්බෝන්ගේ ද සමීපතම මිතුරෙකි. ෂ්මිට් ආචාර්ය උපාධිය සඳහා පළ කළේ ඔලිම්පික් කී‍්‍රඩාවේ ඉතිහාසය නැමැති නිබන්ධනයයි. එහි වෙනත් කෘතිවල කොටස් ඒ අයුරින්ම ඇතුළත් කර ඇති බවට මුලින්ම චෝදනා කරමින් බුඩාපෙස්ට් නුවර සෙමෙල්ව්ට්ස් විශ්ව විද්‍යාලය, ෂ්මිට්ගේ ආචාර්ය උපාධිය අවලංගු කළේ ඉකුත් සිකුරාදා (30) ය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අනුන්ගෙන් කොපි කළ නිබන්ධනයක් පෙන්වා ආචාර්ය උපාධියක් අරන්
සංජය Wednesday, 04 April 2012 10:25 AM
අපරාදෙ ලංකාවට ආවනම් නිබන්ධන නැතුව උපාදි ගන්න තිබුණා.
කලු සුදු Wednesday, 04 April 2012 12:08 PM
ලංකාවෙ සීයක් ගත්තොත් 95ක්ම හොර උපාධි..