බංග්ලාදේශ ඇඟලූම් කම්හල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධියට වගකිව යුතු පුද්ගලයන්ට මරණ දඬුවම දෙන්නැයි රජයට බලකරමින් එරට ඩකා අගනුවර ඊයේ (1) පැවැති මැයි දින රැලියට සහභාගී වූ ඇඟලූම් කම්හල් සේවක සේවිකාවෝ කලහකාරීව හැසිරුණහ.
ප්‍රචණ්ඩකාරීව හැසිරුණු පිරිස්.. |
පොලිසිය ඔවුන්ට හරස්වූ අවස්ථාවේ හටගත් ගැටුම්වලින් 150 දෙනෙක් තුවාල ලැබූහ. ඒ අතර පොලිස් නිලධාරීහු ද සිටිති. දස දහසකට වැඩි පිරිසක් එම මැයි දින රැලියට එක් ව සිටි අතර කලහකාරීව හැසිරුණු පිරිස් ඩකා අගනුවර රජයේ කාර්යාලවලටත් බස් රථවලටත් පහර දීමට පටන් ගෙන ඇත.
මැයි දින රැලිය සංවිධානය කළේ බංග්ලාදේශ ඇඟලූම් කම්හල් සේවක සංගමයයි. එහි නායකයකු වන කමුරුල් අන්නාම් කියා සිටියේ ඇඟලූම් කම්හල් සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව ගැන රජය කිසිදු සැළකිල්ලක් නොදක්වන බවය.
ඩකා අගනුවර මහල් අටකින් සමන්විත ‘රනා ප්ලාසා’ ගොඩනැගිල්ල බිමට සමතලා වූයේ ඉකුත් 24 වැනිදා ය. ගොඩනැගිල්ලේ හිමිකරු සොහෙල් රානා පමණක් නොව, ප්‍රමිතියෙන් තොරව ගොඩනැගිල්ල ඉදිකිරීමට අනුමැතිය දුන් රජයේ ඉන්ජිනේරුවන් දෙදෙනා ද රටින් පලා යෑමට උත්සහ කළ නමුත් ඔවුහු පොලිස් අත්අඩංගුවට පත් වූහ.
රානාගේ බිරිඳ මෙන්ම රානාගෙන් අල්ලස් ගත් නගරසභා බලධාරීහු ද පොලිස් අත්අඩංගුවේ සිටිති. බංග්ලාදේශ මහාධිකරණය ඔවුන්ගේ බැංකු ගිනුම් ද අත්හිටිවීමට තීරණය කර ඇත.
කඩා වැටෙද්දී ගොඩනැගිල්ලේ, ඇඟලූම් කම්හල්වල සේවක සේවිකාවෝ 3,122 ක් සේවයේ නියැළී සිටියහ. තවත් දහසක් පමණ දෙනා එහි පිහිටි සෙසු වෙළෙඳසැල්වල සේවය කළහ. ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසු 2,500 දෙනකු දිවි බේරා ගත් අතර 400 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 147 දෙනකු තවමත් අතුරුදන්ව ඇතැයි ද පැවැසෙයි.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බංග්ලාදේශ මැයි රැලිය ප්රචණ්ඩ වෙයි
දිසානායක Friday, 03 May 2013 12:25 AM
බංගලාදේශයත් තවත් ඇෆ්ඝනිස්ථානයක් වෙන එක නවත්වන්න කාටවත් බැරි වෙයි. මතකනේ බුදුපිළිම වලට කරපු අපරාදේ. (නි)
ලලිත් Friday, 03 May 2013 12:47 AM
සඳරුවන් කියන දේ ඇත්තක් තියෙනවා තමයි. ඒත් හරිම දුප්පත්, දුප්පත්කම නිසාම අහිංසක වාගේම අති හිංසාකාරී ක්‍රියාත් කරන අය බංගලින්. (නි)
සඳරුවන් Thursday, 02 May 2013 01:59 PM
බංගලි ගෑවිච්ච තැන ඉවරයි.(ස)
රංග Thursday, 02 May 2013 07:59 PM
එහෙම කියන්න එපා මේ අහිංසක මිනිස්සුන්ට.අපි වැඩ කරන්නේ මේ රටේ තමයි හුඟ කාලයක ඉදලා. (නි)