දශක දෙකක් තිස්සේ ඉතියෝපියාවේ අගමැති ධූරය දැරූ පනස්හත් හැවිරිදි මෙලේස් සෙනාවි විදෙස් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා(21) මියගිය බව එරට රජය ප්‍රකාශ කළේය. මීට මාස දෙකකට පෙර හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා බ්රසල්ස්හි පිහිටි රෝහලක් වෙත මෙලේස් මාරු කර යවා ඇති බවත් එහිදී අගමැතිවරයා මියගොස් ඇති බවත් එරට රජය වැඩිදුරටත් සඳහන් කළේය. ඉතියෝපියාවේ ඒකාධිපති පාලනයක් ගෙන ගිය මෙන්ගිට්සු හයිලේ මරියම් බලයෙන් පහකර 1991 දී බලයට පත් වූ මෙලේස් එරට කැරැලි නායකයෙකි. අගමැතිවරයාගේ අභාවයෙන් හිස් වූ ධූරයට එරට උප අගමැති ලෙස කටයුතු කරන පනස්හත් හැවිරිදි හේලිමරියාම් ඩෙසලෙගන් පත් කරනු ඇතැයි වාර්තා වේ. මෙලේස් ශ්‍රේෂ්ඨ නායකයකු බව පැවසූ කෙන්යා අගමැති රයිලා ඔඩින්ගා සඳහන් කළේ ඔහුගේ මරණයෙන් පසුව ඉතියෝපියාවේ අනාගතය පිළිබඳ සැකසංකා මතුවන බවයි.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉතියෝපියා අගමැති දිවියෙන් සමුගනී
දිල්ශානි Thursday, 23 August 2012 02:59 PM
මා දන්නා තරමින් ඔහු හොද කෙනෙක් (නි)
අමිල කටුනායක Thursday, 23 August 2012 12:38 PM
මොහුගේ කාලයේදී එම රටවැසියන්ට යම්කිසි සහනයක් ලැබුණා. (නි)