අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබ සිටින පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානි ඊයේ (13) ඉස්ලාමාබාද් නුවර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි අතර නඩු වාරය අනිද්දාට (16) කල් තැබිණ. පැමිණිල්ලේ සාක්ෂි ද එදිනට ඉදිරිපත් කිරීමට නියම කෙරුණි. පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරිට එරෙහි ඇති දූෂණ වංචා චෝදනා යළි විභායට නොගැනීමෙන් පාකිස්තාන අගමැතිවරයාගේ අකාර්යක්ෂමතාව පෙන්නුම් කෙරෙන බව ද එය අධිකරණයට අපහාස කිරීමක් සේ සැළකෙන බව ද විනිසුරු නසීර් උල් මුල්ක් ඊයේ යළිත් අවධාරණය කළේය. එල්ල වී ඇති චෝදනාවලට තමන් වරදකරු ද නිවැරදිකරු ද යන්න පිළිබඳව විනිසුරුවරයා විමසූ අවස්ථාවේදී අගමැති ගිලානි කියා සිටියේ තමා නිවැරිදිකරු බවය. එල්ල වී ඇති චෝදනාවලට වරදකරු වුවහොත්, ගිලානිට මාස 6 ක් සිර දඬුවම් විඳීමට සිදුවන අතර අගමැති ධුරය ද අහිමි වනු ඇත. කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය සහ පාකිස්තාන රජය අතරේ හටගෙන ඇති මෙම අර්බුදය අනිද්දායින් කෙළවර නොවනු ඇති බවත් එය ඉදිරියේ දී තවත් දිග් ගැස්සෙනු ඇති බවත් පාකිස්තාන දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. අධිකරණයේ කටයුතු පැය 1 1/2 කට වැඩි නොවිණි. අගමැති ගිලානි අධිකරණයෙන් පිටව යද්දී ඔහුට පක්ෂවත් ශ්‍රේෂ්ඨාධිකරණයට එරෙහිවත් නීතීඥවරු කෑ කෝ ගසන්න වූහ. නඩුව විභාග කෙරෙද්දී ඉස්ලාමාබාද් නුවර ශ්‍රේෂ්ඨාධිකරණය සහ ඒ අවට ප‍්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් බවට පත් කර තිබුණු අතර හමුදාවේ සහ පොලිසියේ විශේෂ ආරක්ෂාව ද යොදා තිබුණි. ජනාධිපති සර්දාරිට පමණක් නොව ගිලානිට සහ පාකිස්තාන රාජ්‍ය නිලධාරීන් රැසකට දූෂණ වංචා චෝදනා රැුසක් එල්ල වී තිබේ. එහෙත් 2007 වසරේදී පර්වේස් මුෂාරෆ් පාකිස්තාන ජනපති ධුරය හොබවද්දී හඳුන්වා දුන් ක්ෂමා නීතිය යටතේ ජනාධිපතිවරයා කිසිදු චෝදනාවක් යටතේ වරදකරු කළ නොහැක. ඒ අනුව ජනාධිපති සර්දාරිට එරෙහිව ද නීති මගින් කටයුතු කිරීමට නොහැක.
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාකිස්තාන අගමැතිට එරෙහි උසාවි අපහාස නඩුව කල්යයි