වයඹදිග පාකිස්තානයේ බන්නු නුවර බන්ධනාගාරයට තලේබාන් සටන්කාමීන් පහරදේවි යැයි තමන් කල්තියා අනතුරු අඟවා තිබුණු බව එරට බුද්ධි අංශ පවසයි. පසුගිය ජනවාරි 5 වැනිදා තමන් රජයට ලිපියක් යවමින් ඒ බව දැනුම් දුන් බවත් පාකිස්තාන රජය ඒ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූ බව පෙනී යන බවත් බුද්ධි අංශ වැඩි දුරටත් කියා සිටියි. බුද්ධි අංශ රජයට යැවූ එම ලිපියේ පිටපතක් විදෙස් මාධ්‍ය වෙත ලැබී ඇති අතර එහි සඳහන් ව ඇත්තේ බන්නු බන්ධනාගාරය තලේබාන්වරුන්ගේ ප්‍රධාන ඉලක්කයක් වීමට ඉඩ ඇතැයි කියාය. බන්නු නුවර බන්ධනාගාරයට සටන්කාමීන් පහර දුන්නේ ඉකුත් ඉරිදා (15) ය. එහිදී රැඳවියෝ 400 කට ආසන්න පිරිසක් බේරී පලා ගියහ. පැනගිය එම සටන්කාමීන් අතර 2003 වසරේදී පාකිස්තානයේ හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් ඝාතනය කිරීමට තැත් කළ අඞ්නාන් රෂීඞ් නමැති තලේබාන් සටන්කාමියා ද සිටියි. තලේබාන් සටන්කාමීන් ඉතා සැලැසුම් සහගතව එම ප්‍රහාරය එල්ල කළේ බන්ධනාගාරයේ සිටි ඔවුන්ගේ සාමාජිකයන් බේරා ගැනීමටය. ප්‍රහාරය සඳහා ඔවුන් අත්බෝම්බ සහ රොකට් යොදා ගෙන තිබේ.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බන්ධනාගාර ප්‍රහාරය ගැන කල්තියා අනතුරු ඇගෙව්වා