IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘ක්ෂීරපථයේ හැඩය කලින් සිතා සිටියාට වඩා වෙනස්‘

අප ජීවත්වන පෘථිවිය අයත් ක්ෂීරපථයේ හැඩය මින්පෙර සිතාසිටි ආකාරයට පැතලි එකක් නොවන බවත් එය ඇදවුණු හා ඇඹරුණු හැඩයක් ගන්නා බවත් පර්යේෂකයෝ පවසති.

ක්ෂීර පථයේ වඩාත් දීප්තිමත් තාරකාවන්ගේ පිහිටීම දිගින් දිගටම අධ්‍යනය කිරීමෙන් මෙම නිගමනයට එළඹ ඇත.

පෝලන්තයේ වෝර්සෝ සරසවියේ තාරකා විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම අධ්‍යනය සිදුකර ඇති අතර 'සයන්ස් ජර්නල්'සඟරාවේ එම තොරතුරු ප්‍රකාශයට පත්කර ඇත.

පාසැල් පෙළපොත්වල සහ ජනප්‍රිය විද්‍යා ග්‍රන්ථවල රූපසටහන් මගින් පෙන්වා දී ඇත්තේ පැතලි තැටියක් ලෙස ක්ෂීරපථය පිහිටන ආකාරයයි. මේ සම්බන්දව අදහස් දක්වමින් වෝර්සෝ සරසවියේ ආචාර්ය ඩොරෝටා ස්කොව්රොන් පවසන්නේ එම හැඩය නිර්මාණය කර ඇත්තේ ක්ෂීරපථයේ තාරකා මිලියන 2.5ක් අධ්‍යනය කිරීමෙන් පමණක් බවයි.

ක්ෂීරපථයේ තාරකා බිලියන 2.5ක් පවතින බව ඔහු පවසයි.විද්‍යඥයින් අනුමාන කරන්නේ අප ක්ෂීරපථය ආසන්නයේ පිහිටි අනෙක් මන්දාකිණිවල ක්‍රියාකාරීත්වය හේතුවෙන් මෙම හැඩය ලැබෙන්නට ඇති බවයි.

කෙසේවුවද ක්ෂීරපථයේ අභ්‍යන්තර ව්‍යුහය හා ඉතිහාසය ගැන දන්නේ ඉතා සුළු තොරතුරු ප්‍රමාණයක් බවත් විද්‍යාඥයෝ පවසති.

චිලී දේශයේ දකුණු ඇටකාමා කාන්තාරයේ පිහිටුවා ඇති නිරීක්ෂණාගාරයේ උපකාරයෙන් මෙම අධ්‍යයන කටයුතු සිදුකර ඇත.

 



අදහස් (9)

‘ක්ෂීරපථයේ හැඩය කලින් සිතා සිටියාට වඩා වෙනස්‘

hira Friday, 02 August 2019 11:54 AM

මට බුදුන්ගේ දේශනාවල් සිහියට නැගෙනවා. කෙතරම් සත්‍යයක්ද අවුරුදු 2500 කට කලින් දේශනා කරන ලද්දේ... බුදුන්ගේ දේශනාවල් බුද්ධිමතුන් සදහාම පමණි. අනෙක් අයට මැජික් තමයි.

:       825       1019

nishaFriday, 02 August 2019 04:24 PM

අවුරුදු 2500 අල්ලගෙනම ඉන්න. මේ කියන්නේ වර්තමානය. සත්‍ය වර්තමානය කියන දේ වේ. ඔබ දන්නවද 2500 කලින් කිව්වද නැද්ද කියලා...?

:       1102       1148

kolam bossSunday, 04 August 2019 04:10 AM

මිනිසුන්ට කුමන හෝ අයුරකින් ආලෝකයේ වේගයෙන් ගමන් කළහැකි වුවොත් විශ්වයේ අවසානයක් කරා යන ගමනක් ආරම්ඹ කළහැකියි. එහෙත් එසේ අරඹන ගමනත් කවදා වෙනතෙක් යායුතුද කියා කිසිවෙක් නොදනී. නමුත් ඒ අවසාන ස්ථානය මොන වගේ ස්ථානයක් වෙයිද? දැනට අප දන්නා පරිදි විශ්වයට හැර අනිකුත් සියලුම දේවල්වලට ආරම්භයක් සහ අවසානයක් තිබේ. එසේ නම් මේ විශ්වයටද ආරම්භක ස්ථානයක් සහ අවසන් ස්ථානයක් තිබිය යුතුයි. මේ හිස් බවද වස්තුවකි. සියලුම වස්තුන්වලට නිශ්චිත ප්‍රමාණයක් ලැබී තිබේ... නවතම සොයාගැනීම් වලට අනුව බිග් බැන් එකෙන් පසුව ආරම්භ වූ මේ විශ්වයේ ආරම්භය අදටත් දැනටත් විහිදෙමින් තිබේ. එය අපට සිතාගත නොහැකි වේගයකින් දැනටත් සෑම තත්පරයක් තුළම අති විශාල ලෙස විහිදෙමින් තිබේ...

:       0       111

රජින්ද Friday, 02 August 2019 05:37 PM

විශ්වය ගැන සිතන එකත් ඒ ගැන කරන සකල භෞතික පර්යේෂණත් කිසිදා පරිපුර්ණ නොවේ. ඒ ලොව ධර්මතාවයන් කිසි කලෙකවත් සාමාන්‍ය මිනිස් මනසින් හෝ මසැසින් හෝ දැකීමට නොහැකි නිසාත්, ඒවා ඇත්තේ වෙනත්ම මානයක වෙනස්ම සංඛ්‍යාතයින්වල වන නිසාය. මේවා ඔප්පු කිරීම හෝ ඔප්පු කිරීමට වෙහෙසීම හෝ සත්‍ය වශයෙන්ම නිෂ්ඵල ක්‍රියාවකි. ඒ බව පසක් කරමින් ලෝකය ග්‍රාහක ගැන මෙතරම් විමසිල්ලෙන් පසුවෙද්දී 2013දි රුසියාවේ චෙල්යාබින්ස්ක් සිදුවීම ගත හැක. ඒ කිසිදු චන්ද්‍රිකාවක, රේඩාර් පද්ධතියක සටහන් නොවූ ග්‍රාහකයක් පෘථිවියේ වායුගෝලයට ඇතුල්වී පොළවට ඉතාම කෙටිදුරකදී පුපුරා යාමයි.

:       12       275

jayath Saturday, 03 August 2019 04:27 AM

මුලින්ම මේ වගේ දේවල් දාන එකම පත්තරේ - ලංකාදීපයට ස්තුතියි.. මෙතනත් අර "ඊනියා " බුද්ධාගමේ අය ඉන්නවා විද්‍යාව මොනවා හරි කිව්වම අාපෝ ඕක බුදු හාමුදුරුවෝ මීට කලින් කියලා තියනවා කියලා... විද්‍යාව තුළින් ධර්මයවත් දකින එක නිෂ්ඵලයි. මේක මම කියන දෙයක් නෙමෙයි, හොප්කින් වගේ අය කියපු දෙයක්...

:       238       215

චමින්ද ජයනාත් ජයසූරිය Saturday, 03 August 2019 05:46 AM

මම පුංචි කාලෙ ඉඳන් හිතපු දෙයක් තමයි මේ විශ්වයට අවසානයක් තියෙනවද කියලා.. ඒ කාලෙ හිතුවේ අවසානය මහා ලොකු ගලකින් අවසන් වෙනවා කියලා.. ඒත් තේරෙන වයසට අාවට පස්සේ විශ්වයේ අවසානය අපේ මනසින්.. මිනිසුන් සොයාගෙන අැති මානයන්ගෙන් සිතන්න බැහැ කියලා තේරුණා. අවසානයට දැන් මට හිතෙනවා බුදුන් දෙසා අැති ධර්මය තමා මෙයට කදිමට යොදනු හැකි පිළිතුර කියා... ඒ නිසා තමයි මේ විශ්වය පවතින්නේ බඹයක් පමණ වූ අපගේ ශරීරය තුළම යන්න වග... ඒ් කියන්නේ මා කිය පුද්ගලයෙකු නැතිනම්.. මට විශ්වය කියලා දෙයකුත් නැහැ කියන එක... අැත්තටම මා හිතන්නෙත් මිනිසාට කවදාකවත් විශ්වයේ නම් අවසානයක් දැකිය හැකි නොවේය කියක ඒකයි... අැත්තටම එහි අවසානය අර මම පුංචි කාලෙ හිතුව විදිහට මහා ගල් පර්වතයක් නම්... එහෙමත් නැතිනම් මුකුත්ම නැති අවකාශයක් නම්... ඒ් හැම දේකමත් අවසානයට... ඒ් කියන්නේ අප මනින මානයන්ගෙන්... අප ලබා අැති දැනුම් සම්භාරයන්ගෙන් අපි කොහොමද ඒවා විස්තර කරන්නේ... මම හිතන්නේ විශ්වය අවබෝධ කරගන්නට නම් කළයුතු එකම දෙය කවදා හෝ දිනයක් අප අපවම අවබෝධ කරගැනීමය කියන එක.. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කොට ගැනීම..

:       33       270

samantha Sunday, 04 August 2019 06:01 AM

කාම ලෝකයේ රමනයේ යෙදෙන්නන් හට විශ්වය මන්දාකිනි වෙනත් ග්‍රහලෝක හරිම රසවත් තොරතුරු බව ඇත්ත... නමුත් කාම ලෝකයෙන් මිදී සිත දමනය කළවුන් හට විශ්වය අතැඹුලක් සේ වැටහෙන බව අපි කවුරුත් නොදන්නේය. මන්දයත් අපි තාමත් කාම ලෝකයේ රමනයේය. ජීවත් වන ලෝකයේ ඇති දේ ඇති සැටියෙන් නොදන්නා අපි විශ්ව චාරිකවේ මහත් උනන්දුවෙන් යෙදෙන අපුරුව.. ඒ මදිවාට බුදුන්ටත් අභියෝග කරමින්. අපි නම් කලි යුගයේ උපන් අපූරුම මෝඩරැලකි.

:       112       387

සෙනෙවිරත්න Sunday, 04 August 2019 01:36 PM

ජගත් මහතාගේ මතයට එකඟවෙමි. සාපේක්ෂතා වාදයේ සොයා ගැනිම් බුදු දහමට ගැට ගැසීමට ගන්නා මෝඩ උත්සාහයෙන් බුදුදහම විද්වතුන් ඉදිරියේ හෑල්ලුවට ලක්වනවා ඇත.

:       49       107

thilakasiri Monday, 05 August 2019 11:57 AM

තවත් බුදුවරයෙකුට මිස ඉන් මෙහා සියලු දෙවිවරුන් මනුෂ්‍යයින් හා සියලු ආකාරයේ සත්වයින් අතර කිසිවෙකුටත් දැනගත නොහැකි බුදුන් වහන්සේගේ බලයන් සහ විශාරදත්වයන්, විමෝක්ෂයන් හා සමාධීන් මෙන්ම අනෙකුත් බුද්ධ ධර්මයන් ගැන කතාකිරීමට උන්වහන්සේ දේශනාකර ඇති නියම මග සොයාගන එ් මගෙහි ගමන්කර බුද්ධත්වයට පත්වීම පමණයි කලහැක්කේ... කෙසේවෙතත් සියලු බුදුවරු පිරිනිවන් කාලය පැමිණෙන තෙක් උපාය කෞශල්‍ය ඥානය හා සියුම් ප්‍රඥාවෙන් හේතු ඇති පිරිස හසුරවා ඔවුන් අතුරෙන් සුදුසුකම් ඇති පිරිස පමණක් රැස්කරවා, අනන්ත වූ ධර්මයන්ගේ පිහිටන්නා වූ සමාධියට නොහොත් අනන්ත නිර්දේශ පතිට්ඨාන සමාධියට සමවැදීමෙන් අනතුරුව මහා නිමිතිවලින් යුතු මහා ප්‍රාතිහාර්ය පා දේශනාකරනු ලබන අවසාන ධර්ම දේශනාවෙන් විශ්වයේ අනන්ත වූ සෞර්ය ග්‍රහමණ්ඩල ඇති බවත් ඒ අතර මනුෂ්‍ය ලෝක 18000ක් තිබෙන බවත් ගෞතම බුදුන්වහන්සේ වැඩ වාසය කරද්දී ඒ ඒ මනුෂ්‍ය ලෝකවල බුදුවරු 16ක් වැඩසිටින බවත් දේශනා කර ඒ සියල්ල දැකගැනීමට හා දේශනාවල් අසා දැනගැනීමට හැකිවන අයුරු අලෝක රශ්මිධාරාවක් නළල් තලයේ ඇති උෟර්ණරෝම ධාතුවෙන් නිකුත් කළ බවත් සියලු ලෝක 3ට බෙදා දේශනා කර ඇති නිසා තුන්ලෝකාග්‍ර ලෙස උන්වහන්සේ හඳුන්වනව‍ා..

:       1       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 592 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 109 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 260 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 152 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1504 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 452 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site