කියුබාවේ කෙළවරක පිහිටි ඇමෙරිකාවට අයත් ග්වන්තනාමෝ බේ සිර කඳවුර වසා දැමීමේ කටයුතු කඩිනම් කරන බවට ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා යළිත් වරක් පොරොන්දුවක් ලබා දුන්නේය.
තමන්ට සිදුවන කුරිරු වධ බන්ධනයන්ට එරෙහිව ග්වන්තනාමෝ බේ සිරකඳවුරේ රැඳෙවියන් මාස ගණනාවක් තිස්සේ උපවාසයක් අරඹා ඇත.
උපවාසයේ යෙදන රැඳෙවියන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය නිවේදනය කර ඇත. බන්ධනාගාර නියාමකවරුන් උපවාසයේ යෙදෙන තමන්ට වතුර පොදක් හෝ ලබා නොදෙන බව ද රැඳෙවියෝ පවසති.
ඇමෙරිකා රජය ත්රස්තවාදයට එරෙහි සටනේදී, අත්අඩංගුවට ගන්නා සැකකරුවන් රඳවා තැබෙන්නේ මෙම ග්වන්තනාමෝ බේ සිරකඳවුරේය. වසර ගණනක් තිස්සේ එහි සිරගත කර සිටින ඇතැමුන් නිරන්තරයෙන් කුරිරු වධ බන්ධනයන්ට ලක් කෙරෙන බව පැවැසෙයි.
උපවාසයේ යෙදෙන එම රැුඳෙවියන් කියා සිටින්නේ තමන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන්නේ හෝ නඩු විභාග පවත්වන්නේ හෝ නැතිනම් තමන් වහා නිදහස් කරන ලෙසටය.
ග්වන්තනාමෝ බේ බන්ධනාගාරය පවතින්නේ ඇමෙරිකානු හමුදා පාලනය යටතේය. එහි නියාමකවරුන් වන්නේ හමුදා භටයන්ය.
2008 වසරේ ජනපතිවරණයට ඉදිරිපත් වෙද්දී, ග්වන්තනාමෝ බේ බන්ධනාගාරය වසා දමන බවට ඔබාමා ප්‍රතිඥා දුන්නේය.
දෙවැනි ධුර කාලය ආරම්භ කළත්, ඔබාමාට එම පොරොන්දුව ඉටු කිරීමට නොහැකි විය. ඊට හේතුව එම රැඳෙවියන් මුදා හැරීම ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීමය.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ග්වන්තනාමෝ බන්ධනාගාරය ඉක්මනින්ම වසා දමනවා
සදරුවන් Friday, 03 May 2013 08:35 PM
ඇමෙරිකාවට කඩේ යන මුරුගන්,චූලා,කෝ? ඇමෙරිකාව ඔහොම ගිහිල්ල ගිහිල්ල කාගෙන් හරි කනවා කෑමක් හොදි නැති වෙන්න. වියට්නාමෙන් වගේ නෙමෙයි ඊටත් වඩා.(නදී)
ගාමිණී-සිරි Friday, 03 May 2013 09:42 PM
ත්රස්තවාදයට මුළු ලෝකයම විරුද්ධයි. නමුත් අනුන්ගේ රටවල ත්‍රස්තවාදී සැකකරුවන් නඩු විභාගය කින් තොරව සිරගතකර තැබීම මානව හිමිකම් වලට පටහැනි නොවේද?(නදී)
සදරුවන් Friday, 03 May 2013 11:51 PM
මහපොළොව සිඳිලා වියළිලා යාම පුදුමයක් නෙමෙයි. සතර අපායට වැටුන සත්වයෙක් එයින් ගොඩ එන්න ලැබුනොත් අන්න ඒකයි පුදුමේ. අනුන්ට හිංසා නොකරන්න. ප්‍රතිපල භයානකයි. (නි)
නසාර් Friday, 03 May 2013 05:27 PM
ලෝකෙම නායකයන් තනිකර කෙලින්නෙම පිස්සු.(නදී)
කමල් Friday, 03 May 2013 12:08 PM
මාර කථාවක්නේ. හමුදාව උතුරේ ඉන්නවා කියලා කෑ ගහනවා, මේ අයගේ බන්ධනාගාර පාලනය කරන්නෙත් හමුදාව. මෙන්න මානව හිමිකම් කඩනවෝ! මානව හිමිකම් සංවිධාන කරන්නේ අප වගේ රටවල් සමතලා කරන්න උදව් කිරීමට මිස මානව හිමිකම් රැකීමට නොවේ. (නි)
කුරුවිට Saturday, 04 May 2013 09:04 AM
කමල්, පූසාරියා කෝවිලේ පැහැරුවට කමක් නැහැ. (නි)
ජනක Friday, 03 May 2013 12:42 PM
ඕකේ ඉන්න අය එලියට දාලා සි අයි ඒ එකට එයාලා පස්සේ පන්නන වැඩේ බාරදෙන්න. ඉතුරු වුණොත් කොහේ හරි ආයෙත් පත්තු කරයි. (නි)
ලාල් Sunday, 05 May 2013 10:08 PM
මේ තම්බින්ට මොකද කරන්නේ? (නි)