නයිජීරියාවේ බොකෝ හරාම් ඉස්ලාමීය සටන්කාමීන්ගේ ප්රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් එරට ජනාධිපතිවරයා වන ගුඞ්ලක් ජොනතන් රටේ ප්‍රදේශ කිහිපයකට හදිසි නීතිය ඊයේ (31) ප්‍රකාශයට පත් කළේය. පසුගියදා එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින්, තුනක් දේවස්ථාන ඉලක්ක කර ගෙන එල්ල වූ අතර එම ප්‍රහාර රට තුළ ගැටුම්කාරී තත්වයක් ඇති කිරීමේ අරමුණ ඇතිව බොකෝ හරාම් සටන්කාමීන් සිදු කළ බව එරට රජය පවසයි. ‘අප රටේ ආරක්ෂාව තහවුරු කරන බවට නයිජීරියා වැසියන්ට සහතික වෙනවා. ත්රස්තවාදයට සම්බන්ධ ආයතන සහ පුද්ගලයන් සොයා දැඩි දඬුවම් පමුණුවනවා’ යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. සටන්කාමීන්ගේ මූලස්ථානය පිහිටි බෝර්නෝ නගරය ඇතුළු නගර කිහිපයකට හදිසි නීතිය ප්‍රකාශ කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා කිසිවෙකුටත් තර්ජනයක් නොවූ කණ්ඩායමක් ලෙස මුලදී සංවිධානය වූ බොකෝ හරාම් සටන්කාමීන් පසුව රටටම පිළිලයක් වූ බවත් ප්‍රකාශ කළේය. අපි‍්‍රකාවේ පිහිටි ප්‍රධාන රාජ්‍යයක් වන නයිජීරියාවේ මිලියන 160ක ජනතාවක් වාසය කරන අතර අපි‍්‍රකා මහද්වීපයේ විශාලතම තෙල් නිෂ්පාදකයා ද වෙයි. නයිජීරියාවේ උතුරු ප්‍රදේශයේ බහුතරය මුස්ලිම් වන අතර දකුණු ප්‍රදේශයේ බහුතරය කි‍්‍රස්තියානීන් වේ.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නයිජීරියාවේ ප්රචණ්ඩ කි‍්‍රයා: හදිසි නීතිය ප්‍රකාශ කෙරේ