දකින කාගේත් නෙත් මුලින්ම යොමුවන්නේ ඇගේ දුඹුරු පැහැ දෑසට සහ රෝස පැහැති දෙතොල්වලටය. ලිබියාවේ ටි්රපොලි අගනුවර මැටීගා හමුදා රෝහලේ දැඩි ආරක්ෂක රැුකවල් මැද රෝස පාට සළුවක් හිස දවටා ගෙන සිටින ඇයගේ දෑත් සහ දෙපාවලට විලංගු දමා ඇත. ඇය 19 හැවිරිදි යුවතියකි. ඇගේ නම නස්රීන් මන්සූර්ය. ඇය ලිබියා නායක කර්නල් ගඩාෆිගේ ‘සුරූපී කාන්තා ආරක්ෂක බළඇණියේ’ සෙබළියකි. සැඟවී සිට පහර දීමට පුහුණුව ලැබූ ස්නයිපර් තුවක්කුකාරියකි. එපමණක් ද නොව ඇය ගඩාෆිගේ අළුගෝසුවෙකි. අද ඇයගේ ඉරණම තීන්දු වී ඇත. කැරැලිකරුවන්ගේ ග්‍රහණයට පත්ව සිටින ඇය මරණ බියෙන් පසුවන්නීය. ඇය කැරැලිකරුවන් අතට පත්වූයේ ඇයගේ උසස් නිලධාරීන් අතින් පවා අතවරයට ලක්වීමෙන් අනතුරුවය. නිස්රීන් මන්සූර් සමඟ පිළිසඳරකට එක්වුණු විදෙස් මාධ්‍යවේදීන්ට ඇය කියා සිටියේ ලිබියා කැරැලිකරුවන් ටි්රපොලි නුවර අත්පත් කර ගනිමින් සිටි අවස්ථාවේදී ලිබියා හමුදා අත්අඩංගුවට හසුවූ කැරැලිකරුවන් යැයි සැක කළ පුද්ගලයන් 19 දෙනකුට ඇය වෙඩි තබා මරා දැමූ බවය. ඔවුන් මට කීවා මා ඒ පිරිසට වෙඩි තැබුවේ නැතිනම් මට මැරෙන්න සිදුවේවි කියලා” යැයි ඇය කඳුළු සලමින් කියයි. මුලින් මට මරන්න කීවේ එක්කෙනයි. ඊට පස්සේ තව කෙනෙක් අරගෙන ආවා. ඔහු බියෙන් තැති ගත්තා මා මරා දමා තිබුණු පුද්ගලයා දැකලා. ඔහුට දැනෙන්න ඇති ඔහුට අත්වන ඉරණම මොකක්ද කියලා. මා ඔහුටත් වෙඩි තැබුවා” යැයි නිස්රීන් කියයි. නිස්රීන් මෙන්ම ‘ගඩාෆි කාන්තා බලඇණියේ’ සාමාජිකාවෝ කිහිප දෙනෙක් මේ වන විට කැරැලිකරුවන්ගේ අත්අඩංගුවේ සිටිති. කැරැලිකාර පාර්ශ්වයේ අත්අඩංගුවේ සිටින නිස්රීන්, ඇගේ ජීවිතයට අනතුරක් වේවි යැයි මරණ බියෙන් පසුවන්නීය. ගඩාෆිගේ ඝාතකයකු වුවත් ඇයගේ දුක්බර කතාව අසන කාහටත් ඇය ගැන අනුකම්පාවක් ඇති වෙයි. නිස්රීන් පවසන්නේ ගඩාෆිට ආරක්ෂාව සැපැයීමට විශේෂයෙන් ස්ථාපිත කළ හමුදා බළඇණියේ ජේ්‍යෂ්ඨ හමුදා නිලධාරීන් කිහිප දෙනකු අතින් ඇය දුෂණයට ලක් වූ බවය. ඒ බව මැටීගා හමුදා රෝහලේ වෛද්‍යවරුන් පමණක් නොව කැරැලිකරුවෝ ද සනාථ කරති. කැරැලිකරුවන් ටි්රපොලි නුවරට කඩා වැදී අප අල්ලා ගත් අවස්ථාවේදී මා කළ දේ මා ඔවුන්ට කීවා. ඔවුන් ඉන්නේ මා සමග වෛරයකින්. මාගේ ඉරණම කුමක් වේවි දැයි මා දන්නේ නැහැ.” යැයි නිස්රීන් මන්සූර් කඳුළු සළයි. ටි්රපොලි නුවර සිය මව සමඟ ජීවත් වූ, තවමත් යොවුන් විය ඉක්ම නොගිය සංගීතයට හුඟක් ඇළුම් කළ මේ සුරූපී තරුණිය අළුගෝසුවකු වූයේ කෙසේද යන්න ඇය සමඟ පිළිසඳරේ යෙදුණු මාධ්‍යවේදීන්ට පවා ගැටලූවක් විය. නිස්රීන් පවසන පරිදි ඇයගේ පවුලේ කිසිවකු ගඩාෆි පාලනයට සහාය දැක්වූවන් නොවේ. ඇයගේ මාපියන් ඇය කුඩා කාලයේදී ම වෙන් වී ඇත. පියා වෙනත් විවාහයක් කර ගත් අතර අලූත් කුඩම්මා කෙරෙහි නිස්රීන්ගේ කැමැත්තක් නොතිබුණි. ඒ නිසා ම ඇය ඇගේ අම්මා සමඟ ජීවත් වීමට ගියාය. ෆාතිමා අල් ඩ්රේබී ඇයගේ මවගේ යෙහෙළියකි. ෆාතිමා ලිබියා නායක ගඩාෆිගේ කාන්තා බලඇණියේ නායිකාව වූවාය. නිස්රීන්ගේ ඉරණම තීන්දු කළේ ඇයයි. නිස්රීන් සෙබළියක් ලෙස ගඩාෆිගේ කාන්තා බලඇණියට බඳවා ගත්තේ ෆාතිමාය. ඒ වන විට නිස්රීන් සමඟ ලිබියාවේ නන්දෙසින් තවත් තරුණ තරුණියන් 100 දෙනකු එම බලඇණියට තෝරා ගෙන තිබුණි. ටි්රපොලි නුවර හමුදා පුහුණු කඳවුරට යොමු කිරීමෙන් පසු නිස්රීන්ට අවි පුහුණුවක් ද ලැබුණි. ඇය පුහුණුව ලැබුවේ ස්නයිපර් තුවක්කුකාරියක ලෙසිනි. ඇය සහ තවත් තරුණියන් පිරිසක් ගඩාෆිගේ අල් අසීසායා මන්දිරය සහ බළකොටුවේ ආරක්ෂාවට යෙදවිණි. කැරැලිකරුවන් යැයි සැකපිට අල්ලා ගන්නා අය ඝාතනය කිරීමේ කාර්යය නිස්රීන්ට පැවැරුණේ මේ අවස්ථාවේදීය. ඇයත් සෙසු තරුණියනුත් ඔවුන්ගේ හමුදා ප්‍රධානීන් කිහිප දෙනකු අතින් අතවරයට ලක්වූයේ කැරැලිකරුවන් ටි්රපොලි නුවරට කඩා වැදී පහර දෙන්න පටන් ගත් අවස්ථාවේදීය.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කැරලිකරුවන්ට වෙඩි තැබු ගඩාෆිගේ සුරූපිනියෝ
සමුද්‍ර Wednesday, 07 September 2011 12:07 PM
මේ මිනිස් ඝාතකයිකයින්ට තමන් කරා මරණය පැමිණෙන තුරු එහි වේදනාව නොදැනේ