කොංග්රස් පක්ෂයට ඉදිරියේදී දැඩි වෙහෙසක් ගැනීමට සිදුවන බවත් පක්ෂය එය කරන බවත් එම පක්ෂයේ මහලේකම් ප්‍රියංකා ගාන්ධි වද්‍රා පැවැසුවාය.
දිල්ලි ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව ප්‍රියංකා ගාන්ධි වද්‍රා ඒ බව කීවාය.
දිල්ලි ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් වරණාසී ගුවන් තොටුපොළ ආසන්නයේදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇය ඒ බව දඳහන් කළාය.
දිල්ලි ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල අඟහරුවාදා නිකුත් කෙරුණි.
භාරතීය ජනතා පක්ෂය ගෙනා පුරවැසිභාවය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව වරණාසීවලද විරෝධතා පැවැත්වෙයි. ප්‍රියංකා ගාන්ධි එම විරෝධතාකරුවන් මුණ ගැසීමට වරණාසී වෙත පැමිණියාය. ඔවුන් මුණ ගැසීමෙන් අනතුරුව ඇය නැවත දිල්ලි බලා ගමන් කිරීමට නියමිතය.
“මහජනතාව කරන්නේ මොකක් වුණත් හරි. එහෙත් මේ වෙලාවේ අපිට අරගල කරන්න වෙලා තියෙනවා.වෙහෙසෙන්න වෙලා තියෙනවා. අපි ඒ දේ කරනවා” යැයි ප්‍රියංකා ගාන්ධි වාර්තාකරුවන්ට කීවාය.
ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට අයත් දිල්ලියේ ප්‍රාන්ත මැතිවරණය පසුගියදා (8) පැවැත්විණි. දිල්ලි ප්‍රාන්ත සභාව ආසන 70කින් සමන්විතය. එම ආසන 70න් 63කම ඇප මුදල් ආරක්ෂා ගැනීමට කොංග්රස් පක්ෂය අසමත් විය. ආසන 70න් එකදු ආසනයක් හෝ දිනාගැනීමට කොංග්රස් පක්ෂයට නොහැකි විය. ප්‍රාන්ත මැතිවරණයකදී එකදු ආසනයක් හෝ දිනාගැනීමට කොංග්රස් පක්ෂය අඛණ්ඩව අසමත් වූ දෙවැනි අවස්ථාව මෙය විය.
එන්.ඩී.ටීවි
055
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘කොංග්‍රසයට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවෙයි‘‘ - ප්‍රියංකා ගාන්ධි වද්‍රා