ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර මුඩුක්කු සංකීර්ණයක පෙරේදා (18) හදිසියේ හටගත් මහා ගින්නකින් පුද්ගලයන් හත් දෙනකු මියගිය අතර 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. ගින්න හටගත්තේ හයිද්‍රාබාද් නුවර සිට කිලෝ මීටර් 30 ක් දුරින් පිහිටි මුඩුක්කුවකය. මුඩුක්කුවේ තාවකාලිකව අටවා ගත් පැල්පත්වල ජීවත් වූයේ බිහාර්, බටහිර බෙංගාලය, ආන්ද්‍රා ප්‍රදේශ් ආදී ප්‍රාන්තවල ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධ කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ය. ගින්න ඉක්මනින් පැතිර ගිය බවත් එය නිවා දැමීමට ගිනි නිවන හමුදාව දැඩි පරිශ්‍රමයක් දැරූ බවත් ඉන්දීය එන්.ඞී.ටී. පුවත් සේවා වාර්තා කරයි. ගින්න හටගත් අවස්ථාවේදී ගිනි නිවන හමුදා භටයන් පැමිණීමට පෙර ගින්න නිවා දැමීමට උත්සාහ කළ පිරිස් ගින්නට හසුවී බරපතළ ලෙස තුවාල ලැබූ අතර ඔවුන් කඩිනමින් රෝහල් ගත කර ඇත. මියගිය අය අතර කුඩා දරුවන් දෙදෙනකු සහ කාන්තාවන් දෙදෙනකු සිටින බව පොලිසිය පවසයි. පිළිස්සුම් තුවාල ලැබූවන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් මියගිය ගණන තවත් ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි. ගෑස් කාන්දුවක් නිසා ගින්න හට ගෙන ඇතැයි සිදුකළ පරීක්ෂණවලින් හෙලි වූ බව ගිනි නිවන භටයෝ පවසති.
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හයිද්‍රාබාද් නුවර මුඩුක්කුවක මහා ගින්නකින් 7 ක් මරුට