වසර 50 ක් පමණ තිස්සේ මිනීමැරීම්, පැහැරගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූ කොලොම්බියා ගරිල්ලා සංවිධානයක් වන ‘ෆාර්ක්’ (කොලොම්බියානු විප්ලවීය හමුදාව) සංවිධානයේ නායක ඇල්ෆොන්සෝ කැනෝ ඝාතනය කිරීමට එරට හමුදාව පෙරේදා (05) සමත් විය. ඇල්ෆොන්සෝ කැනෝ (63) ඝාතනයත් සමඟ ගරිල්ලන් අමතමින් විශේෂ ප්‍රකාශයක් කළ කොලොම්බියා ජනාධිපති යුවාන් මැනුවෙල් සැන්ටෝස්, කියා සිටියේ අවි බිම දමා යටත් වන ලෙසය. විප්ලවීය කැරැලිකරුවන් කණ්ඩායමක් ලෙස බිහිවූ ෆාර්ක් සංවිධානය, ආයුධ අතට ගත්තේ 1964 වසරේදී ධනවත් ඉඩම් හිමියන්ගෙන් අහිංසක ගැමියන්ට සිදුවන අසාධාරණකම්වලට එරෙහිවය. ඉන් වසර ගණනකට පසු ඔවුන් කොලොම්බියා රජය සමඟ අවි ගැටුමකට මුල පිරුවේ, මත්ද්‍රව්‍ය සහ අවි ජාවාරම් කිරීමත් ඒ හරහා ඔවුන්ගේ සංවිධානයට අරමුදල් රැස් කිරීමටත් පෙළඹීමෙන් පසුවය. ගරිල්ලා සටන්කාමී සංවිධානයක් ලෙස ෆාර්ක් සටන්කාමීන් සහ කොලොම්බියා රජය නිරන්තරයෙන් ගැටුණු අතර අඩසියවසක් තිස්සේ පැවැති එම ගැටුම් නිසා මේ වනවිට මිලියන හතරකගේ ජීවිත අහිමිවී ඇතැයි ද වාර්තා වේ. ලතින් ඇමෙරිකා රටක පැවැති දීර්ඝතම සිවිල් යුද්ධය ද එයයි. ගැටුම් පවතිද්දී පවා ජනාධිපති සැන්ටෝස්, ෆාර්ක් නායක ඇල්ෆොන්සෝ කැනෝ සමඟ අවස්ථා කිහිපයකදී සාම සාකච්ඡා පැවැත්වීමට උත්සහ කළ නමුත් එම උත්සාහයන් අසාර්ථක විය. හමුදා ප්‍රහාරයකින් ඇල්ෆොන්සෝ කැනෝ මියගිය බව ෆාර්ක් සංවිධානය ද ඒ බව පිළිගෙන ඇතැයි වාර්තා වේ. හමුදාව බාරයට පත් කැනෝගේ මළ සිරුර රහස් ස්ථානයක තබා ඇති බව කොලොම්බියානු පුවත්පත් පෙන්වා දෙයි. කොලොම්බියා රජයට කැනෝ සැඟවී සිටි තැන සොයා ගෙන ඔහු ඝාතනය කිරීමට හැකි වූයේ වසර ගණනක් තිස්සේ තොරතුරු සොයමින් සහ ඒවා අධ්‍යනය කිරීමෙන් පසුව යැයි බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙයි. කොලොම්බියාවේ කෝකා කඳුකරයේ ස්ථානයකට හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් කැනෝ පමණක් නොව ඔහුගේ පෙම්වතිය සහ තවත් සටන්කාමීන් කීප දෙනෙකු ද මියගිය බව හමුදාව පවසයි. කැනෝ ඝාතනය කිරීමට සමත් වීම කොලොම්බියා ජනාධිපති සැන්ටෝස් ලැබූ විශාල ජයග්‍රහණයක් බවත්, නායකයාගේ මරණින් පසු ෆාර්ක් ගරිල්ලා සංවිධානය ඇද වැටෙනු ඇති බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. එහෙත් ෆාර්ක් සංවිධානය පවසන්නේ තම නායකයා මියගියත් ඔහු ආරම්භ කළ සටන ජයග්‍රහණය තෙක් පවත්වාගෙන යන බවය. කැනෝ මරා හෝ පණ පිටින් හෝ අල්ලා දෙන කෙනකුට ඇමෙරිකන් ඩොලර් 37 ලක්ෂයක ත්‍යාගයක් පිරිනැමීමට කොලොම්බියා රජය නිවේදනය කර තිබුණි.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොලොම්බියාවේ ෆාර්ක් ගරිල්ලා නායකයා හමුදා ප්‍රහාරයකින් මරුට