සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය, රසායනික අවි යොදා ගනිමින් කැරැලිකරුවන්ට පහරදීමක් කළහොත්, හමුදාව යවා සිරියාවට පහර දෙන බවට ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා අනතුරු අඟවයි. ඇමෙරිකා ජනපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (21) ධවල මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවකදීය. ”සිරියා රජය සතුව රසායනික සහ ජීව විද්‍යාත්මක අවි තිබෙනවා. ඒවා ලෝකයටම තර්ජනයක්. සිරියා රජය ඒවා යොදා ගෙන කැරැලිකරුවන්ට පහර දීමට ඇමෙරිකාව ඉඩ දෙන්නේ නැහැ. අපි සිරියා ජනපතිට අනතුරු අඟවා තිබෙනවා එසේ කිරීමෙන් වළකින ලෙසට” යැයි ඇමෙරිකා ජනපතිවරයා කියා සිටියේය. අසාද්ගේ රජය සතුව රසායනික අවි විශාල ප්‍රමාණයක් ඇතැයි ඇමෙරිකාවේ සී.අයි.ඒ. සංවිධානය මෙන්ම කැරැලිකාර පාර්ශ්වය ද පවසයි. සිරියා රජය එම අවි යොදා ගනිමින් තමන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන ‘නිදහස් සිරියානු’ හමුදාව බිය පළ කර ඇත. සිරියාවට එරෙහි තමන් හමුදා ප්‍රහාරයක් එල්ල කරන බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා තර්ජනය කළ පළමු අවස්ථාව වන්නේ මෙයයි. මේ වනවිටත් ඇමෙරිකා රජයේ අනුදැනුම පරිදි එරට සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන් සිරියා කැරැලිකරුවන්ට සහාය ලබා දෙයි. සී.අයි.ඒ. නිලධාරීන් පමණක් නොව බි්රතාන්යයේ එම්.අයි.6 සහ ජර්මන් බුද්ධි අංශ නිලධාරීන්ගේ සහාය ද හිමි වන්නේ කැරැලිකරුවන්ටය. මේ වනවිට කැරැලිකරුවන්ට එරෙහිව ඩමැස්කස් සහ ඇලෙප්පෝ යන නගරවල දරුණු සටන් පවතී. සිරියා රජයේ හමුදා කැරැලිකරුවන්ට පහර දෙන්නේ යුද ටැංකි, ප්‍රහාරක හෙලිකොප්ටර් සහ ජෙට් යානා යොදා ගෙනය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ සිරියාවේ ගැටුම්වලින් 20,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, සිරියා අර්බුදය විසඳීමට හඳුන්වා දුන් ඔවුන්ගේ සාම සැලැස්ම අසාර්ථක වීමෙන් පසු සිරියාවේ සාම නිරීක්ෂණ කටයුතු නවතා දමා පිටව ගොස් ඇත.
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කැරැලිකරුවන්ට එරෙහිව රසායනික අවි යොදා ගත්තොත් සිරියාවට පහර දෙනවා
සමන් Wednesday, 22 August 2012 11:49 PM
ඇමෙරිකාව අනවශ්‍ය ප්‍රශ්න දා ගන්න වගෙයි සැරසෙන්නේ. (නි)
ලංකා Thursday, 23 August 2012 01:15 AM
මුස්ලිම්වරුන් ගැන තීරණයක් ගැනීමට කාලය පැමිණ ඇත. (නි)
සෑම් Wednesday, 22 August 2012 11:11 AM
කොහොම කලත් ගහනවා නේ (දී)
මධු Wednesday, 22 August 2012 06:43 PM
මුසා වදන් සිත පතුලේ - සගවා දෙවියන් හමුවේ.... (නි)
ඩබ්ලිව්. මංගල Wednesday, 22 August 2012 09:00 PM
බොරු අවියක් හරි දාල සිරියාවට ගහන්න. (අ)
අමිල කටුනායක Wednesday, 22 August 2012 10:04 PM
මේ රටට සාමය ඉක්මණනි ලැබේවා (අ)