IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


චීන ජනපති නිවාස අඩස්සියට? කතාව ඇත්තද?

චීන හමුදාව කුමන්ත්‍රණය කරමින්, රටේ බලය අල්ලා ගෙන ඇති බවත්, සේනාධිනායක ධුරයෙන් නෙරපා දැමුණු ජනාධිපති ෂී ජින්පින් නිවාස අඩස්සියට පසුවන බවත් දැක්වෙන ට්විටර් පණිවුඩ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ මහත් ආන්දෝලනයක් හටගෙන ඇත.

හමුදා කුමන්ත්‍රණයෙන් පසු චීනයේ මහජන විමුක්ති හමුදාවට අයත් හමුදා රථ බෙයිජීං අගනුවර වීදිවල සැරිසරන්න වූ බව ද එම ට්විටර් පණිවුඩවල සඳහන් වෙයි. චීනයෙන් පිටවන සහ චීනය බලා පැමිණෙන ගුවන් ගමන් සියයට 60 කින් පමණ හදිසියේ අඩු කර ඇති බවත්, චීන රජයේ ඉහළ නිලධාරීන් බොහෝ දෙනකු හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් ට්විටර් පණිවුඩ සංසරණය වී තිබේ.

කෙසේ නමුත්, චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත. පසුගිය දා චීන ජනාධිපති ෂී ජින්පින් උස්බෙකිස්තානයේ සංචාරයක නියැළිනි. ඒ, උස්බෙකිස්තානයේ සමර්කාන්ද් අගනුවර ආරම්භ වුණු ෂැංග්හායි සහයෝගීතා සමුළුවට සහභාගී වෙමිනි.
‘කොවිඩ් 19’ වසංගතය ආරම්භ වීමෙන් පසු චීන ජනාපධිති ජින්පින් විදේශ සංචාරයකට සහභාගී වුණු පළමු අවස්ථාව මෙයයි. රුසියන් ජනාපධිති ව්ලැදිමිර් පුටින් මෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද එම සමුළුවට සහභාගී වූහ.

2020 වසරේ චීන සහ ඉන්දීය හමුදා අතර පැවැති දේශසිමා ගැටුමින් අනතුරුව, ජනාධිපති ජින්පින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකම සමුළුවකට සහභාගී වුණු පළමු අවස්ථාව මෙයයි. කෙසේ නමුත් දෙදෙනා අතරේ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වූයේ නැත.

සමුළුව අවසන් වී, යළි චීනයට පැමිණි ජනාධිපති ජින්පින්, නිවාස අඩස්සියට යොමු කළේ නම්, එසේ කරන්න ඇත්තේ ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් ඔහු නිරෝධානයට යොමු විය යුතු නිසා යැයි ට්විටර් පණිවුඩ ඔස්සේ සංසරණය වන තොරතුරු සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් කරුණු පැහැදිලි කර තිබේ.

‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් චීන සෞඛ්‍ය අංශ දැඩි නීතිරිතී පනවා ඇත. විදේශ ගමන් බිමන්වලින් පසු චීනයට පැමිණෙන පිරිස් නියමිත දින ගණනක් නිරෝධානයනට යොමු කිරීම ද සිදුවෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

චීන ජනපති නිවාස අඩස්සියට? කතාව ඇත්තද?

Perera Sunday, 25 September 2022 08:53 AM

අපේ එක්කෙනාට උණ ගැනේවි ඕවා අහලා. අපේ අනිත් එවුන්ට බඩ යාවි බයට.

:       6       24

sampath Monday, 26 September 2022 09:16 PM

ලංකාව අමාරුවේ දැම්මට දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඵලදෙන්න ඕනේ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 789 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 119 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 296 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1515 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 474 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site