IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ඔටුන්නේ දියමන්තිය අප්‍රිකාව ඉල්ලයි

දෙවැනි එලිසබත් රැජිනගේ අවමංගල කටයුතු අවසන් වීමත් සමඟ රැජිනගේ ඔටුන්නට සවි කර ඇති දියමන්තියක් ආපසු දකුණු අප්‍රිකාවට දෙන්නැයි, එරට දේශප්‍රේමී සංවිධානයක් බ්‍රිතාන්‍ය රජ පවුලට දන්වා ඇත.

‘ග්‍රේට් ස්ටාර් ඔෆ් අප්‍රිකා’ එසේත් නැතිනම් ‘කලිනන් 1’ යන නමින් හැඳින්වෙන මෙම දියමන්තිය 1905 වසරේ දී දකුණු අප්‍රිකාවෙන් සොයා ගනු ලැබූවකි. මෙය දකුණු අප්‍රිකාවෙන් හමුවුණු විශාලතම දියමන්තිය පමණක් නොව, වටිනාම දියමන්තිය ද වෙයි.

යටත් විජිත සමයේ යටත් විජිත පාලකයන් මෙම දියමන්තිය බ්‍රිතාන්‍ය රජ පවුලට පරිත්‍යාග කර තිබේ. දියමන්තිය ඔටුන්නට සවි කෙරුණේ ඒ අනුවය.

දකුණු අප්‍රිකා දේශප්‍රේමී ක්‍රියාකාරීන් පෙන්වා දෙන ආකාරයට, රැජිනගේ අභාවයෙන් පසු තමන් ‘කලිනන් 1’ දියමන්තිය පමණක් නොව, දකුණු අප්‍රිකාවෙන් හමුවී පසුව බි්‍රතාන්‍ය රජ පවුලට ලබා දුන් සෙසු දියමන්ති ද ආපසු අවශ්‍ය බවය. එම දියමන්ති සුදු පාලකයන් විසින් දකුණු අප්‍රිකාවෙන් කොල්ල කෑ බවට දේශප්‍රේමී ක්‍රියාකාරීහු චෝදනා නගති.

(රොයිටර්)



අදහස් (43)

ඔටුන්නේ දියමන්තිය අප්‍රිකාව ඉල්ලයි

dasun Tuesday, 20 September 2022 06:10 AM

මෙහේ ජේ.වී.පී එකෙන් කැඩිලා ගිය කට්ටියක් ද දන්නේ නැහැ. වැඩකට නැති කතා කියවන්නේ.

:       287       49

nihal Tuesday, 20 September 2022 09:38 AM

ජේවීපී එක, පෙරට්ටෝ සුද්දන් මෙහෙන් අරන්ගිය දේවල් නැවත දෙන්න කියන්නේ නැහැ. පක්ෂෙට උදවු කරන්නේ, ළමයි ඉගෙන ගන්නේ, පවුල්වල කට්ටිය ඉන්නේ EU රටවලනේ.

:       36       201

ChinthakaTuesday, 20 September 2022 10:12 AM

ජේ වී පී වෙන්න විදියක් නැහැ. ඔය වගේ කතා කියල මිනිස්සුන්ව අවුස්සන්නේ ගම්මන්පිල, විමල්, වාසුදේව වගේ අයනේ. අන්න ඒ වගේ සෙට් එකක් එහේ ඉන්නවා වගේ.

:       122       87

senaTuesday, 20 September 2022 10:24 AM

ජෙප්පො මේ වගේ දෙකයි පනහෙ වැඩ කරන්නේ නැහැ. මේ වගේ බාල දේශප්‍රේමියෝ ඉන්නේ පොහොට්ටු කඳවුරේ.

:       113       76

යෝගා Tuesday, 20 September 2022 11:19 AM

ජෙප්පො දෙකයි පනහේ වැඩ කරන්නේ ලංකාවට මිසක් එන්ගලන්තයට අයර්ලන්තයට නෙමෙයි

:       35       141

Bamunuarachchi Tuesday, 20 September 2022 06:29 AM

දකුණු අප්රිකාවෙත් ජෙප්පෝ ඉන්නවද?

:       139       31

BamunuareachchiWednesday, 21 September 2022 06:26 AM

කතාවේ කියවෙන්නේ දියමන්තිය පරිත්‍යාග කල බවයි. පරිත්‍යාග කලදෙයක් දකුණු අප්‍රිකානු රජය නැවත ඉල්ලන්නේ නැත. ඉල්ලන්නේ දේශප්‍රේමීන් කියා ගන්න අප්‍රිකානු පෙප්ප්න්ය.

:       31       5

ගල් බමුණාWednesday, 21 September 2022 01:24 PM

බමුණෝ හරියට කියවලා බලන්න. පරිත්‍යාග කර තියෙන්නේ අප්‍රිකා රජය නොවෙයි, ඒ කාලයේ එරට පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයික් ඒක මංකොල්ල කෑමක් මිස පරිත්‍යාගයක් නොවෙයි.

:       3       33

BamunuarachchiThursday, 22 September 2022 05:41 AM

ගල් බමුණෝ, කවුරු පාලනය කළත් පාලනය කරන්නා රජය හැටියට සලකනවා. ලංකාව යටත් විජිතයක් තිබුණු කාලේ අපිව පාලනය කලේ බ්‍රිතාන්‍ය රජය. අපේ රජු බ්‍රිතානයේ රජු... දියමන්තිය ඉල්ලන්නේ දකුණු අප්‍රිකානු රජය නොවෙයි, එරට දේශප්‍රේමී සංවිධානයක්. ලංකාවේ බස් ගිනිතියන, ගෙවල් ගිනිතියන, බැංකු කඩන දේශප්‍රේමී කියා ගන්න ජෙප්පන් වගේ ජාතියක්...!

:       0       0

Dewa Tuesday, 20 September 2022 06:35 AM

අන්න.නියම දේශප්‍රේමියො.ඒකට අපෙ.නේද?.

:       13       122

චන්දන Tuesday, 20 September 2022 06:55 AM

ලංකාවෙන් ගෙනියපු ඒවත් ආපසු දියල්ල .

:       9       217

PereraTuesday, 20 September 2022 10:32 AM

මතක තියා ගන්න. ලංකාවේ මහාමාර්ග පද්ධතිය, තැපැල් සේවය, රෝහල්, දුම්රිය සේවය සහ දුම්රිය මාර්ග බ්‍රිතාන්‍යෙයන් ලැබුණ සමහර දේවල් කියලා. සුද්දෝ රට පාලනය කළා නම් ලංකාව අද පත්වෙලා තියන ඉරණමට පත් වෙන්නෙත් නැති බවත් මතක තියා ගන්න.

:       164       72

senaTuesday, 20 September 2022 11:08 AM

හරියටම හරි නිදහස කියන මගුලෙන් පස්සෙ වැඩි හරියක් රට පාලනය කලේ මංකොල්ල කාරයො පිරිසක්.

:       23       70

BinukaTuesday, 20 September 2022 11:24 AM

මේකත් මතක තියා ගන්න. සුද්දා ඇවිත් රට කාලා ගියේ නැත්තං ලංකාවේ මේ වෙනකොට දුම්රිය නිශ්පාදනය කරන බව. දෙවන ලෝක යුද්ධෙන් ජර්මනියෙන් හොඳට ගුටි කාපු නිසා ඕව දාලා ගියා මිසක් අපිට ආදරේට ඕවා හැදුවෙන් නෑ, තියලා ගියෙත් නැහැ. ඕක හරියට ගෙදරට හොරු පැනලා උන් කලබලේට දාල ගියපු නියන ගැන හොරුන්ට ස්තූති කරනව වගේ ගොන් වැඩක්.

:       24       155

වික්‍රම Tuesday, 20 September 2022 12:03 PM

පෙරේරා මහාචාර්ය තෙන්නකෝන් මහත්තය ලියපු , මුල් පිටපත් අතුරුදන් කරපු , පසුකාලීනව මුද්‍රණය කරන ලද උඩරට මහා කැරැල්ල පොත් කියවන්න එතකොට ඔය සුද්දට නැමෙන ගතිය මගහැරිලා යාවි සදහටම.

:       1       62

සිංහTuesday, 20 September 2022 01:14 PM

තාම වහල් බවින් මිදිලා නැහැ හිතන්නේ පරම්පරාව රැක ගන්න එක විතරයි. සුද්දෝ රේල් පාරවල්, මහාමාර්ග හැදුවේ තමන්ගේ බිස්නස් කරන්න මිස අපිට ආදරේට නෙමෙයි. හරියට කලානම් 1505 ඉදලා රට තියෙන්න ධනෑ මෙහෙම නෙමෙයි. රීට වඩා විශාල සේවයක් මහින්ද මහත්තයා කරලා තියෙනවා අපිට හීනයක් වුණු හයිවේ වරාය විදුලි බලාගාර. විද්‍යාගාර, පාලම්. යෝධ ජලාශ. 1505 ඉදලා කවදාවත් හයිවේ හදලා නැහැ. සුද්දෝ මිනිස්සුන්ගේ ඉඩම් කොල්ල කෑවා මිනිස්සු මැරුවා. මීට වඩා බුද්ධිමත්ව හිතන්න සුද්දන් නෙමෙයි සැබෑම සේවය කරපු අය අදුර ගන්න.

:       11       41

පහන් Tuesday, 20 September 2022 01:57 PM

අපේ රට පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි බලෙන් පහර නොගත්තානම් අපේ පිරිවෙන් අධ්‍යාපනය .අපේ වෙදකම් ,වාරි කර්මාන්ත තාක්ෂනය ඉතා ඉහල තැනක තියෙන්න ඉඩ තියනවා .ඔය මොන පාර හැදුවත් ශ්‍රමය අපේ .ආරුක්කු නාමයේ පාලමේ ඉජිනේරුවත් අපේ .කැප්ටන් ඩෝසන් හබරණ කැලේ අලි පහලට බැහැපු පාරට අපේ මිනිස්සු අල්ලාගෙන තාර දාල දැන් එයාගේ නමින් කුලුනකුත් තියනවා .සුද්දෝ කැලේ මලපහ කරද්දී අපේ ජලමුද්‍රිත වැසිකිලි තිබුනේ සීගිරියේ ජල මල් තවම වැඩ උඩුකුරු තෙරපුම හොයාගත්තේ ආකි මිඩිස් ලු .

:       3       65

tikiribuwa Tuesday, 20 September 2022 02:30 PM

ඉංග්‍රීසිකාරයෝ ඒ හැම දෙයක්ම හදාගත්තේ එයාලගේ සැප පහසුවට සහ අපේ රටේ තියෙන දේවල් වරායට ප්‍රවාහනය කරගන්න.!!! එංගලන්තය සල්ලිකාර බලවත් රටක් වුණේ අනික් රටවල් අල්ලගැනීමෙන්. මේ සියලු ආක්‍රමනයන්ට පෙර ඉංග්‍රීසිකාරයෝත් කන්න, බොන්න, අඳින්න නැතිව සීතලේ ගැහි ගැහී හිටියයි කියලා තමයි පුරාණ පොත්පත්වල සඳහන් වෙලා තියෙන්නේ..!

:       2       26

JiwanTuesday, 20 September 2022 01:17 PM

ගෙනියපු දේවල් දෙන්න කෙසේ වෙතත් අපේ ඉන්න බටහිර වහල්ලු පුලුවන් නම් තියෙන ටිකත් ගලවල දෙයි. පේනවනෙ කොමෙන්ට්.. සුදු උත්තමයො කරේ තියන් ඉන්නෙ.

:       1       61

හේරත් Tuesday, 20 September 2022 07:49 AM

දකුණු අප්‍රිකාව නිවාඩු දිනයක් ප්‍රකාශ කරලා නැත්ද?

:       4       89

LalithM Tuesday, 20 September 2022 08:33 AM

ඇත්ත. අපටත් තියනව පාලන කාලයේ ගෙනගිය පැරණි වත්කම් රැසක් අයකර න්නන.

:       4       95

johanTuesday, 20 September 2022 12:22 PM

මොකද හොරා කන්නද? මතකද කටුගෙයි තිබ්බ කඩු ටිකට වෙච්ච දේ?

:       44       7

Kule Tuesday, 20 September 2022 08:55 AM

පෙර රජවරු නායකයින් කල වැරදි වර්‍රතමාන රජවරු නායකවරු අවංකනම් සාදාරනනම් හරිගස්සාවි

:       3       46

ලුම්බිණි Tuesday, 20 September 2022 09:29 AM

යටත් විජිත පවතී යුගයේ බ්‍රිතාන්‍ය පාලකයන් පැහැර ගත් හෝ ගෙනගිය දේවල් එම රටවල් ඉල්ලා සිටින එක අලුත් දෙයක් නොවෙයි.

:       70       22

සඳුන් Tuesday, 20 September 2022 09:37 AM

හිත උණු නොවෙන කලු ගලක් ලංකාවෙන් මල ගෙදර ආව. ඒ වෙනුවට එයාව තියා ගන්න.

:       13       44

Prase Tuesday, 20 September 2022 09:55 AM

අනිවාර්යයෙන් ජේ.වී.පී එකෙන් ඇඩ්වයිස් අරගෙන වගේ.

:       43       11

E m wijeyekoon Tuesday, 20 September 2022 10:26 AM

දුන්න දේ ඉල්ලන එක හොඳද?

:       76       4

ලංකාපුත්‍රTuesday, 20 September 2022 11:17 AM

දුන්නුදේ නොවෙයි ඔවුන් පැහැරගෙන ගිය දේවල් .අපේ රටිනුත් ගෙනගිය සියලු දේවලුත් ඉල්ලීම කරන්න ඕන නමුත් මේ පාලකයො නිසා ඉල්ලන්න බයක් හිතෙනවා

:       4       94

විපරමා Tuesday, 20 September 2022 03:08 PM

ඊටත් වැඩිය විනාශයක් කරලා තියෙනවා දූෂිත පවුල් පාලනේ, දූෂිත දේසපාලුවෝ ..කටුගෙයි වටිනා පුරාවස්තු හොරකම් කෙරුවා. නිදන් හෑරුවා. රටේ වටිනා සම්පත් කුණු කොල්ලෙට විවිකුණුවා .මොනවද නොකෙරුවේ?

:       29       4

indika Tuesday, 20 September 2022 10:58 AM

පිස්සු කියවනව, ඔය දියමන්ති වගේද අපෙන් කොල්ල කාපුව. මැනික්,මුතු අලිඅතුන් මරල ගෙනියපු දල, ගජමුතු...මෙහෙම ලිස්ට් එකක් දීල නැව් 100 විතර බඩු...අපෙ දේශ ‍‍ෙප්මෙියො රටෙ ඉදගෙන මෙ රටටම කෙලවනව.

:       5       123

Janaka Tuesday, 20 September 2022 12:30 PM

ලෝකයේ රටවල් වලින් බ්‍රිතාන්‍ය රජ පවුල් මංකොල්ලකාපු බඩු ආපසු දෙන්න ගියොත් උන් ලංකාව වගේම බංකොලොත් වෙනවා ශුවර් !

:       1       76

sharm warn Tuesday, 20 September 2022 01:04 PM

බමුණා නම් වහලෙක් බව කවුරුත් දන්නවා. දසුන් කියලත් වහලෙක් ඉන්නවා කියලා දැක්කේ අදනෙ බොලේ...!

:       0       0

බද්රානි Tuesday, 20 September 2022 01:12 PM

රාජපක්ෂ පරම්පරාවේ කෙනෙක් වත් දකුණු අප්‍රිකාවට ගොඩ බැහැලද කියලයි මම මේ බැලුවේ? සුද්දොත් තියලා ගිය රාජසිංහ රජ්ජුරුවන්ගේ රත්තරන් කඩුවත් හොරා කාපු එවුන් ඉන්න රටක් මේක. පුහු දේශප්‍රේමේ පෙන්නලා රටක් නෙමේ ලෝකයක් මංකොල්ල කන්න පුළුවන් තක්කඩි හපන්නු ඉන්න රටක් මේක.

:       49       11

Kamal Tuesday, 20 September 2022 03:31 PM

දකුණු අප්‍රිකාව සංවර්ධිත රටකි. ලංකාව සුද්දන්ගෙන් හිඟා කා රජයේ සේවකයන්ට පඩි ගෙවන රටකි, ඒ නිසා සන්සදනයෙන් වලකින්න.

:       28       4

Samantha Tuesday, 20 September 2022 03:34 PM

මෝඩයෙක් දේශපාලනය අල්ලගෙන දඟලනවා අපේ රටෙන් මංකොල්ල කාපුවා ඉල්ලන්න එකෙක් වත් නෑ

:       1       31

bamunuarachchiFriday, 23 September 2022 05:20 AM

අපේ රටෙන් මංකොල්ල කෑමේ මුලත් දේශපානය තමයි හලෝ...!

:       0       0

Demuni Uduwara Wednesday, 21 September 2022 06:00 AM

අපි දකුණු අප්‍රිකානුවන් නොවිය යුතුයි!

:       24       2

ganegoda Wednesday, 21 September 2022 01:40 PM

ඉංග්‍රීසිකාරයින් අනෙක් රටවලින් ගත්තු දේවල් ආපහු දෙන්න ගියොත් එංගලන්තය තිබුණු තැනවත් හොයාගන්න අපහසු වෙයි.

:       2       42

saj Thursday, 22 September 2022 09:31 AM

හැම දේටම jvp කිය කියා මැරෙන්න එපා... ඔයාලා කවුද?

:       0       0

Perera Friday, 23 September 2022 07:36 AM

සුද්දන්ට බැන බැන සුද්දන්ගෙන්ම හිඟාකන සුද්දන්ගේ රටවල් වලට යන්න බලන් ඉන්න බොහොම බුද්ධිමත් මිනිස්සු ඉන්න රටක් ලංකාව..

:       0       3

බද්රානිFriday, 23 September 2022 07:27 PM

ඇත්තමයි පෙරේරා, ඒ ගැන කියන්න වචන නැහැ. චීනේටයි, රුසියාවටයි, ආවඩමින් සුද්දන්ගේ රටවල් වලට යන්න දඟලනවා. හරි නම්, මැදපෙරදිගටවත් වද්දා නොගත යුතුයි. ශරීරය මිනිස් වුණාට මනස විපරිතයි කියලයි මට නම් හිතෙන්නේ. සුද්දා වවලා දීලා ගිය ඔය බොන "තේ කහට" එකට වත් ගරු කරපල්ලා මෝඩ මිනිසුනේ....

:       1       3

Mahesh Friday, 23 September 2022 10:34 PM

අපෝ ජෙප්පන් එහෙත් ඉන්නවාද?

:       0       0

P.Halpe Sunday, 25 September 2022 02:10 PM

දකුණු අප්‍රිකාව, එංගලන්තය යටත් කරගත්තා නම් ඔවුනුත් කරන්නේ එංගලන්තයේ තිබෙන වස්තුව තම රටට ගෙනයාමයි. එහෙම වුණා නම් ඔය දේශප්‍රේමියන් ඒවා ආපසු දෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

Tik Tok තරුව මියයයි
2024 අප්‍රේල් මස 16 71 0


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 1079 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


ඉන්දියාවේ බෝට්ටු අනතුරක්
2024 අප්‍රේල් මස 16 31 0

ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ බෝට්ටු අනතුරකින් කුඩා ළමුන් ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බෝට්ටු අනතුර සිදුවී ඇත්ත


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 2298 1

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


සල්මාන්ගේ නිවසට වෙඩි තැබූ දෙකක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 16 24 0

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පව


ඉරානයට පහර දෙන්න සුදුසු අවස්ථාව එනකල් ඉන්නවා
2024 අප්‍රේල් මස 15 3610 1

ඉරානයට පහරදීමට සුදුසු අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටින බව ඊශ්‍රායලය ඊයේ (15) පැවැසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 139 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1420 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1344 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site