ඉන්දු-ශාන්තිකර සහයෝගීතාවට බංග්ලාදේශය ඇතුළත් කරගැනීමට ඉන්දියාවේ අවධානය යොමු වී තිබේ.
බංග්ලාදේශය සමඟ සම්බන්ධතා ජාලය ශක්තිමත් කරගැනීම සඳහා ඉන්දියාව මේ වනවිට යටිතල පහසුකම් ව්‍යාපෘති රැසක් කෙරෙහි ද අවධානය යොමු කර ඇත.
බංග්ලාදේශ නිදහස් වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන 26 සහ 27 දෙදින බංග්ලාදේශයේ සංචාරයක නිරත වීමට ද නියමිත අතර එහිදි ඉන්දු-ශාන්තිකර සහයෝගීතාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.
මේ මස මුලදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ සහභාගීත්වයෙන් දෙරට අතර පාලමක් ද විවෘත කෙරුණු අතර එය ‘‘මෛත්‍රී-සේතු’’ යනුවෙන් හැඳින්වේ. ඊට අමතරව මෙය මිත්‍රත්වයේ පාලම යනුවෙන් ද හැඳින්වේ. දෙරටේ අග්‍රාමාත්‍යවරුන් ඊට සහභාගී වූයේ විඩියෝ තාක්ෂණය ඔස්සේ ය. මේ පාලම හරහා බංග්ලාදේශයේ චිතගොං වරායට පිවිසීම ද පහසු වනු ඇතැයි පැවසේ.
මෙම පාලම කිලෝමීටර 1.9කින් දිගින් යුක්ත වන අතර ෆෙනී ගංඟාව හරහා ඉදි කර තිබේ. මෙම පාලම මගින් ඉන්දියාවේ ත්‍රිපුර සහ බංග්ලාදේශය සම්බන්ධ වේ. ඊට අමතරව මෙම පාලම මගින් ඉන්දියාවේ සබ්රූම් සහ බංග්ලාදේශයේ රාම්ගාර් ද සම්බන්ධ වේ.
මීට අමරතව දෙරට අතර තවත් ව්‍යාපෘති රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.
ඉන්දියාවේ ‘අසල්වැසියට ප්‍රමුඛතාව’ සහ ‘නැගෙනහිර දෙස බලනු’ විදේශ ප්‍රතිපත්තිය යටතේ මෙම ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බව ද රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ
ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ ස
නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉන්දු-ශාන්තිකර හවුලට බංග්ලාදේශයත්