ඉන්දියාවෙන් අද (6) දිනය තුළ දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 412,262 දෙනකු හඳුනාගත් බවත් එම පැය 24 ක කාලයේදී මරණ 3,980ක් වාර්තා වූ බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන්දියාව තුළ මේ වනවිට නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් නිර්මාණය වී තිබෙන අතර ඒ හේතුවෙන් එරට සෞඛ්‍ය පද්ධතිය දරුණු කඩාවැටීමකට ලක්ව ඇත.
නගරබදව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබූ නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල මේ වනවිට එරට ග්‍රාමීය සහ පිටිසර ප්‍රදේශවලත් ව්‍යාප්ත වෙමින් තිබෙන සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ලොව දෙවැනියට වැඩිම ජනගහනයක් ජීවත් වන ඉන්දියාවෙන් මේ වනවිට හඳුනාගෙන ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 21 ඉක්මවයි.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව අද පස්වරුව වනවිට එරටින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 230,168කි.
ඉකුත් සතියක කාලයේ දී ලොව පුරා වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණනින් අඩක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන් බවත් වාර්තා වූ මරණ ගණනින් හතරෙන් එකක් වාර්තා වී ඇත්තේ ද ඉන්දියාවෙන් බවත් සතිපතා වාර්තාවක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේය.
රොයිටර්ස්
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉන්දියාවේ කොරෝනා යළි ලක්ෂ 4 පනී
Sri Lanka Friday, 07 May 2021 03:57 AM
පුළුවන් නම් දාන්නකෝ ලෝකයේ හැම රටකම ඔය කියන කොරෝනා බොරුවේ විස්තර... ඉන්දියාවෙයි, අපේ රටෙයි ගොන්නු හිටියට අනික් රටවල නැහැ. කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් බිස්නස් එකක්..