ඉන්දියාවේ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ඊයේ (29) මිලියන 18 ඉක්මවා ගියේ ය.
ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මේ වනවිට තුන් ලක්ෂය ඉක්මවා තිබෙන අතර දෛනිකව වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ.
මේ හේතුවෙන් මිනීවළවල් කපන්නන් හට දිනය පුරා වැඩි කිරීමට සිදුව තිබේ. එසේ වුව ද ඒවා ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රථ ගාල සහ උද්‍යානවල මෘතදේහ ආදාහනය කරන අයුරු ද ඡායාරූප ශිල්පීන්ගේ කැමරා කාචවල සටහන් වී තිබිණි.
ඉන්දියාවෙන් බ්‍රහස්පතින්දා, එනම් ඊයේ නව කොරෝනා වයිරස ආසාදිතයන් 379,257ක් වාර්තා වූ අතර වයිරස ආසාදිත මරණ 3,645ක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ලොව දෙවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන රට වන්නේ ද ඉන්දියාව යි.
දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් ඉහළ යෑම හේතුවෙන් එරට සෞඛ්‍ය පද්ධතිය දරුණු කඩා වැටීමකට ලක්ව තිබෙන අතර රෝහල් වයිරස ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇත. මෝචරිවල මෘතදේහ තැබීමට ද නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.
රෝහල්වල ඇඳන් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වෛද්‍යවරුන්, හෙද ඇතුළු රෝහල් කාර්යමණ්ඩලවලට වයිරස ආසාදිත රෝගීන් හරවා යැවීමට ද සිදුව තිබේ.
ඉන්දියාව මේ වනවිට ඔක්සිජන්, විශේෂයෙන්ම වෛද්‍ය ඔක්සිජන් (මෙඩිකල් ඔක්සිජන්) හිඟයකට ද මුහුණ පා ඇත. එරට වෛද්‍ය සැපයුම් ද එන්නම එන්නම අඩු වෙමින් තිබෙන බව වාර්තා වේ.
රෝහල්වල ඇඳන් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇතැම් රෝහල්වල විශේෂයෙන්ම දිල්ලියේ රෝහල්වල එක ඇඳක වයිරස ආසාදිත රෝගීන් දෙදෙනකු තැබීමට සිදුව තිබේ.
රොයිටර්
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉන්දියාවේ ආසාදියන් මිලියන 18 පසු කරයි