IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රෝහල්වල බේත් හිඟය

මැතිවරණ උණුසුම වාන් දමමින් තිබේ. රටේ පොදු මහජනයා වෙතින් බරපතළ උනන්දුවක් ප්‍රදර්ශනය නොවූවද දේශපාලන පක්ෂ නායකකයන් හා ඔවුන්ගේ කාඩර්වරුන් පෙන්නුම් කරමින් සිටින්නේ රට හමුවේ ඇති සියලු ප්‍රශ්නවලට විසඳුම තිබෙන්නේ පළාත් පාලන මැතිවරණය තුළ බවය. කවුරු කවුරුත් අමතක කර තිබෙන්නේ අප සිටින්නේ පුපුරා යාමට ආසන්න ගිනි කන්දක් මුදුනක බවය. ඒ බව සලකුණු කෙරෙන දුම්රොටු පිටවෙමින් තිබේ. මේ සංඥාව නිවැරැදිව කියවා නොගැනීම යනු අනතුරේ පරිමාව පුළුල් කර ගැනීමකි.

අප පුවත්පත ඉකුත් දා වාර්තා කළ පුවතක් සෑම පුරවැසියකුගේම ඇඟ ලොමු ඩැහැ ගන්වන්නකි. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ රට පුරා තවමත් ඖෂධ හිඟයක් දැඩිව පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන බවය.

සෑම පුද්ගලයකුගේම ඒකාන්ත ප්‍රාර්ථනය රෝගී නොවී සිටීමය. එහෙත් රෝගී තත්ත්වයන් අප කරා පැමිණෙන්නේ කලින් දැනුම් දීමකින් තොරවය. එම තත්ත්වයට පිටුපා ජීවත්විය නොහැකිය. එම අනතුරුදායක තත්ත්වයට මුහුණ දීමට බලවත් ආත්ම ශක්තියක් ඇවැසිය. එම ආත්ම ශක්තිය නිර්මාණය කරවන බලවත්ම සාධකය වන්නේ ‘‘ඕනෑම ලෙඩකට බෙහෙත් තියෙනවා’’ යන සිතුවිල්ලය. එම සිතුවිල්ල ඇතිවීමට නම් ඖෂධ හිඟයක් රට තුළ නොමැති විය යුතුය.

එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ රට පුරා තවමත් ඖෂධ හිඟයක් පවතින බවය. එමෙන්ම දිවයිනේ ඈත දුෂ්කර ප්‍රදේශවල පමණක් නොව කොළඹ ජාතික රෝහලේ පවා ඖෂධ හිඟය පවතින බවත් ඒ නිසාම රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

ඉන්සියුලින්, ප්‍රතිජීවක, නිර්වින්දන ඖෂධ, වේදනා නාශක ඇතුළු ඖෂධ වර්ග රැසක හිඟයක් රෝහල්වල පවතින බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කර තිබිණි.

ඖෂධ හිඟය සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවල මාධ්‍ය මගින් පෙන්වා දුන්විට අදාළ බලධාරීන් ප්‍රකාශ කළේ ‘‘ඖෂධ හිඟයක් නොමැති’’ බවය. මෙම පුවතට අදාළවත් ඔවුන්ගේ ප්‍රතිචාරය එයම විය හැකිය. එහෙත් රජයේ රෝහලකට යන ඕනෑම රෝගියකුට රෝහලේ ඖෂධ නොමැති බව වටහා ගැනීමට අසීරු නැත. නේවාසික රෝගීන්ගේ ඥාතීන්ට සිදුවන්නේ රුපියල් දහස් ගණන් වැය කර පිටතින් ඖෂධ මිලදී ගැනීමටය.

අප රට ඉන්ධන ඇණවුම් කරන්නේ රටේ සෑම ඉන්ධන පිරවුම්හල්වලම අන්තිම ඉන්ධන බිංදුවද සිඳී ගිය පසුවය. එය ඩොලර් සම්බන්ධ  ප්‍රශ්නයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කළ ද එම තත්ත්වය ඇතිවන්නේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව නිසා බව රහසක් නොවේ. එහෙත් ඩොලර් හිඟය බලපා නැති බව කිව නොහැක. මුළු රාජ්‍ය සේවක යාන්ත්‍රණයම පිරිපහදුවට ලක් කළ යුතු තරමට රාජ්‍ය දේහයේ සෑම අවයවයකටම මෙම තත්ත්වය බලපා තිබේ. ජනතාවගේ බදු මුදලින් ඉගෙන එම බදු මුදල්වලින්ම වැටුප් සහ අනෙකුත් වරප්‍රසාද ලබා ගන්නා රජයේ සේවකයන් ජනතාව සම්බන්ධයෙන් සංවේදී විය යුතුය. ඒ ජනතාවට සානුකම්පිතව නොව තමන්ගේ වගකීම ලෙස සලකමිනි.

අප මෙම තීරුවෙන් බොහෝ අවස්ථාවල පෙන්වා දුන්නේ අපට තවමත් රට සම්බන්ධයෙන් ප්‍රමුඛතා ලැයිස්තුවක් නොමැති බවය. විශේෂයෙන්ම ඉතිහාසයේ පෙර නොවූ විරූ අර්බුද සුළියකට රට ගොදුරුව තිබෙන මොහොතක එබඳු ප්‍රමුඛතා ලැයිස්තුවක් අත්‍යවශ්‍යම කාරණයකි. ජනතාවගේ ආහාරපාන, ඖෂධ, ඉන්ධන, විදුලිය හා ගෑස් එම ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තිබිය යුතුය. පාරට තාර දැමීම ආදි සංවර්ධන ව්‍යාපෘති ආපස්සට දැමිය යුතුය. ඒවා ප්‍රමුඛ කරගනිමින් ජීවත්විය හැකි රටක් අපට ඉතිරිව නැත.

එහෙත් කාගෙ කාගෙත් මල්ල පිරෙන්නේ සංවර්ධන ව්‍යාපෘතිවලින් හෙයින් ඒවා ආපස්සට අදිනු ඇතැයි සිතිය නොහැක. එහි ඒකාන්ත ප්‍රතිඵලය වන්නේ ‘‘කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා රෝහල්වල බේත් හිඟය උග්‍ර අතට’’ යනුවෙන් පුවත් සිරස්තල ලිවීමට සිදුවීමය. මේ ඉරණම කවදා වෙනස් වේදැයි ජනතාව පසුවන්නේ බලවත් වේදනාවකිනි.

(***)



අදහස් (0)

රෝහල්වල බේත් හිඟය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3851 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3726 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 11124 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1873 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 626 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 774 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site