ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් සුබදායි පණිවුඩ දෙකක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සති අන්තයේ දී දැනගන්නට ලැබී තිබූ බව මාධ්‍ය ඔස්සේ අනාවරණය විය. ඉන්දියාවේ විදේශ කටයුතු ඇමැති සුබ්‍රමනියම් ජයිශංකර් මහතා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවේ සිදුකළ දෙදින සංචාරයේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කර තිබූ ඉල්ලීමට සුබදායි ප්‍රතිචාර දක්වමින් ඉන්දීය ආණ්ඩුව ඒ සඳහා කැමැත්ත පළකළ බව දන්වා ඇතැයි සඳහන්ය.
පසුගිය 16 වැනිදා සඳුදා දිනයේ දී ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නිල වශයෙන් දන්වා තිබුණේ ශ්‍රී ලංකාවට දිගටම ආර්ථික සහාය ලබාදීමට කැමැත්ත පළකරන බවය. එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රික නිපුණත්වය හේතුවෙන් රට ලබාගත් ජයග්‍රහණයකි.
ඉන්දියාව විසින් මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා වෙත අදාළ කාරණය දැනුම් දෙමින් යවා තිබූ ලිපිය ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර මාධ්‍යයට නිකුත් කර තිබිණි.
ඉන්දියාවේ එම කැමැත්ත ලැබීම ශ්‍රී ලංකාව මහත් බලාපොරොත්තු රඳවාගෙන සිටින මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9ක ණය මුදල ලබා ගැනීම පිළිබඳ අපේක්ෂාව විශාල ලෙස ඉහළ නැංවීමකි. ශ්‍රී ලංකාවට ණය ආධාර ලබාදුන් තවත් රටක් වන චීනය ද ඉදිරි දෙවසරක කාලයක් සඳහා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැත්ත පළකරන බවට මූල්‍ය අරමුදලට සෘජුවම පසුගිය දා දන්වා තිබිණි. එය ද ශ්‍රී ලංකාවේ මූල්‍ය අරමුදලේ ණය ආධාර ලබා ගැනීම තවදුරටත් තහවුරු කිරීමක් බව ද සඳහන් කළ යුතුය. ඒ අනුව චීනයෙන් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීමට ශ්‍රී ලංකාවට වසර දෙකක සහන කාලයක් ලැබෙනු ඇත.
කෙසේ වුවද ණය ලබාගැනීමට දොරක් විවෘත වූ පමණින් ඒ සම්බන්ධයෙන් උදම් ඇනීම සුදුසු නැත. ලබාගන්නා ණය කොහෙන් ගත්තත් ගෙවිය යුතුය. මූල්‍ය අරමුදලින් ලබාගන්නා ණය ආධාරයේ එක් පැහැදිලි වෙනසක් වන්නේ ඒ සඳහා ගෙවිය යුතු වන පොලිය අඩු අගයක් ගැනීමය. එසේම ලොවේ අඩු පොලියට එක් එක් රටවලට ණය ආධාර සපයන ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවලින් ණය පහසුකම් ලබා ගැනීමට ද මුල්‍ය අරමුදලේ සහතිකය වැදගත් වෙයි. ශ්‍රී ලංකාවට මහත් ගැටලුවක්ව පවතින විදෙස් සංචිතයේ ඩොලර් නියඟයට ද එය වැහි පොදක් වන බවත් පෙන්වා දිය යුතුය.
ලබාගන්නා ණය ගෙවීමට නොහැකි බව ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් රාජ්‍යයක් බවට විදෙස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය මගින් හඳුන්වා දෙනු ලැබීය. එය රටට මහත් අවාසියක් වූ බවත් එම අවාසියේ ප්‍රතිඵල රටේ සියලු මූල්‍ය කටයුතු බලාපොරොත්තු කඩවන තත්ත්වයට තල්ලු කර දමා ඇති බවත් යථාර්ථයයි. මේ යථාර්ථය හඳුනාගෙන රටේ ආර්ථිකය ඉදිරියට මෙහෙයවීම ජනාධිපති ඇතුළු රජයේත් මහ බැංකු අධිපති ඇතුළු සියලු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගේත් වගකීම වෙයි.
ඉන්දියාව සහ චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වීමේ සතුට සැබෑ ලෙස භුක්ති විඳිය හැක්කේ ඒ ගැන උදම් ඇනීමෙන් නොව ඒ හරහා ලබා දී ඇති කාලසීමාව ලංකාවට වාසිදායක තත්ත්වයට හරවා ගැනීමෙන් සහ ඒ සඳහා සැලසුම් සහගතව ක්‍රියාකර ලබාගන්නා ප්‍රතිඵලයෙන් පමණි. මේ කාලසීමාව ඉදිරි මාස 12 සිට 18 දක්වා පමණ දීර්ඝ වනු ඇති බවද සඳහන්ය. ඉන්දියාවේත් චිනයේත් කැමැත්ත පළවීම හේතුවෙන් මූල්‍ය අරමුදලේ යෝජිත ණය ආධාර පහසුකමේ ප්‍රථම කොටස ඉදිරි සති කිහිපය තුළ දී ලබා ගැනීමට හැකිවනු ඇතැයිද අපේක්ෂිතය.
ඉන්දියාව, චීනය හෝ අපේ රටට හිතවත් වෙනත් රටවල් හෝ හැමදාමත් ආධාර දීමට ඉදිරිපත් වන්නේ නැති බව සියලු දේශපාලන පක්ෂ නායකයන් තරයේ සිතට ගත යුතුය. රූපවාහිනී නාළිකාවල, ජනහමු වේදිකාවල ගිරිය පුප්පාගෙන උගුර ලේ රහවනතුරු කෑගැසුවත් රටක ආර්ථික දියුණුව රැඳී තිබෙන්නේ ඒ ඒ රටට ගැළපෙන සේ බුද්ධිමත්ව ලොවේ ප්රවණතා හඳුනා ගැනීමෙන් බිහිකර ගන්නා ජාතික ආර්ථික ප්‍රතිපත්ති මත පමණි.
ඡන්දයෙන් ඡන්දෙට වෙනස් වන ආර්ථික ප්රතිපත්තිවල ප්‍රතිඵලයක් හැටියට අද දුක් විඳින්නේ මේ රටේ පොදු මහජනතාව මිස රට කරවූ පාලකයන් නොවන බවත් පෙන්වා දීම අවශ්‍යය. ආර්ථික ආගාධයෙන් ගොඩ ඒමට ඉන්දියාවත් චීනයත් විසිකළ අත්වැල ශක්තිමත්ව අල්ලා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය යුතුය. එම අත්වැලත් දේශපාලනීකරණය කිරීමෙන් වළකින්නැයි සියලු දේශපාලන නායකයන්ට දැනුම් දෙනු කැමැත්තෙමු.
(***)
ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්
වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.
හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය
පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.
සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි
නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
චීනයේ හා ඉන්දියාවේ සහාය ශ්‍රී ලංකා වාසී සැමට සතුටක්