IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කෝටි හැටක කැකුළු හාල් කුකුළන්ට දුන් නරුමයෝ

රට අර්බුද සුළියකය. ආර්ථිකය කඩා වැටී තිබේ. ජීවත්වීමට ඇවැසි පහසුකම් හිඟවීම මත ජන ජීවිතය අවුලෙන් අවුලට ගමන් කරමින් තිබේ. කොවිඩ් වසංගතය යළිත් හිස ඔසොවා තිබේ. ඩෙංගු මාරයාද පැමිණ සිටී. නිරිත දිග මෝසම සක්‍රීය වී තිබෙන්නාක් මෙන් පාතාලයද සක්‍රීය වී ඇත. උසාවිය තුළටම ගොස් ප්‍රතිවාදියා ඉලක්ක කර වෙඩි තැබීමට තරම් පාතාලය නිර්භීත වී තිබේ. රටේ මෙම පොදු තත්ත්වය ‘‘මානව ආපදාවක්’’ ලෙස හැඳින්වෙන තත්ත්වයෙන් වෙනස් නොවන්නකි. 

ඉහත පරිසරය අප මෙතෙක් අත්දුටු පරිසරයක් නොවේ. මෙම තත්ත්වය මැනවින් වටහා ගන්නා ඕනෑම අයකු ‘‘වරැදි වැඩ’’ ලෙස හඳුන්වන ක්‍රියාවට නොපෙළඹේ. එහෙත් අපේ සමාජය වෙනස්ය. එමෙන්ම අමුතුය. ඕනෑම ආපදා තත්ත්වයක් තමන්ගේ මඩිය තර කර ගැනීමට යොදා ගැනීමට තරම් සැහැසිය. මෙයට සම්බන්ධ පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද රුපියල් කෝටි හැටක පමණ වටිනාකමකින් යුත් කැකුළු සහල් තොගයක් මහා පරිමාණයෙන් සත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගනිමින් තිබියදී වාරියපොළ ඊතණවත්ත ප්‍රදේශයේදී පාරිභෝගික සේවා අධිකාරිය මගින් අත්අඩංගුවට ගත් බව අප පුවත්පත හෙළි කළේය. මෙරට ප්‍රධාන හා ප්‍රසිද්ධ කුකුළු මස් නිෂ්පාදනාගාරයක සත්ව ආහාර නිෂ්පාදන ඒකකයක තිබී මෙම සහල් තොගය සොයා ගෙන තිබේ.

මේ මොහොතේ රටේ සහල් හිඟයක් පවතී. එබඳු තත්ත්වයක මිනිස් පරිභෝජනයට සුදුසු සහල් මෙසේ සත්ව ආහාර නිෂ්පාදනයට යොදා ගැනීම බරපතළ වරදකි. එමෙන්ම මෙම ආයතනය සහල් ආනයනය කර තිබෙන්නේ ජනතාවගේ පරිභෝජනය සඳහා සහල් ගෙන්වීමට දී ඇති අවසරය අවභාවිත කරමින් බවද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. මෙම සහල් තොගය ඉන්දියාවේ සිට ආනයනය කර වරායේ සිට කෙළින්ම මෙම කුකුළු මස් නිෂ්පාදනාගාරය වෙත රැගෙන විත් ඇති බවද අනාවරණය වී තිබේ.

ව්‍යාපාර සහ ජාවාරම් යනු දෙකකි. ව්‍යාපාරයක් ජාවාරමකින් මුළුමනින්ම වෙන් විය යුතුය. එහෙත් අප රටේ එය එසේ සිදු නොවේ. වංචා, හොරකම් හා දූෂණ සම්බන්ධ පුවත් එයට කදිම නිදසුන්ය. ජනතාවගේ පරිභෝජනයට සහල් ආනයනය කිරීමට ලබා දුන් අවසරපතින් සහල් ගෙන්වා ඒවා සත්ව ආහාර නිෂ්පාදනයට යොදා ගැනීමෙන් පැහැදිලි වන්නේද එයයි.

පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් මෙම කුකුළු මස් නිෂ්පාදනාගාරයේ කටයුතු පරීක්‍ෂා කර බැලීමට ගිය අවස්ථාවේදී සත්ව ආහාර සැකසීම සඳහා තනා ඇති විශාල බොයිලේරුවක් අසල ඉතා පිරිසුදු කැකුළු හාල් ඇට කිහිපයක් වැටී තිබෙනු එම නිලධාරින් දැක තිබේ. එය එතරම් ගණන් නොගත යුත්තක් වූවද නිලධාරීන්ට ඇති වූ සැකයක් මත ආයතනයේ කළමනාකරුගෙන් විමසූ විට ඔහු පවසා තිබෙන්නේ සත්ව ආහාර නිෂ්පාදනය සඳහා වසර එක හමාරක් පමණ සහල් ඇටයක් හෝ රැගෙනවිත් නැති බවය. එහෙත් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සිදු කළ පරීක්‍ෂා කිරීමේදී රුපියල් කෝටි 60ක් පමණ වන සහල් තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.

මෙම වැටලීමට සම්බන්ධ නිලධාරීන්ට අපගේ ප්‍රණාමය හිමි වේ. රුපියල් කෝටි 60ක සහල් තොගය බේරා ගැනීම සඳහා තවත් කෝටි දෙක තුනක් හෝ වියදම් කිරීමට මෙම ආයතනයට හැකියාව නැතැයි අපි නොසිතමු. අප රටේ වංචා දූෂණ හොරකම් සිදුවන්නේ එසේය. එහෙත් මෙම වැටලීමට සම්බන්ධ වූ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් මිල-මුදලට එසේ නම්මවා ගැනීමට හැකි වී නැති බව සිද්ධිය අවසානයෙන් පැහැදිලි වේ. දරුණු ආර්ථික අවපාතයකට ලක්ව තිබෙන මොහොතකදීත් වෘත්තියේ ගරුත්වය හා අභිමානය රැකගනිමින් රටට සාධාරණය ඉටු කළ එම නිලධාරීන් අගය කළ යුතුමය.

‘මේ රට හදන්න බැහැ’ යැයි මුල් බැස ඇති මතයකි. මන්දයත් චෞර වළල්ලක අත්අඩංගුවට රට පත්ව ඇති හෙයිනි. එහෙත් මේ රට හදන්න පුළුවන් යන විශ්වාසය ඇති කර ගැනීමට සමත් සිදුවීම් ද වේ. වාරියපොළ ඊතණවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ කුකුළු මස් නිෂ්පාදනාගාරය වැටලීමට ගිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් එම විශ්වාසය බලසම්පන්න කිරීමට හේතු වී තිබේ. රාජ්‍ය සේවයේ නියුතු සියල්ලන්ම මෙලෙස හෘද සාක්‍ෂියට වග කියන රාජකාරියක නියැළෙන්නේ නම් මේ රට වඩාත් යහපත් තැනකට පරිවර්තනය වනු ඇත.

අප හැමදාමත් අවධාරණය කරන එක් කාරණයක් වනුයේ වැරැදි කරන සියල්ලන්ට තරාතිරම් බේදයකින් තොරව දඬුවම් කළ යුතු බවය. මෙම සිදුවීමට අදාළවද අපට ඉල්ලා සිටීමට තිබෙන්නේ එයමය.

(***)



අදහස් (4)

කෝටි හැටක කැකුළු හාල් කුකුළන්ට දුන් නරුමයෝ

ලෙස්ලි හර්බට් විජේසිංහ Wednesday, 10 August 2022 11:03 AM

ඒක තමයි කුකුල් මස් මේ තරම් ගණන්

:       0       1

ganegoda Thursday, 11 August 2022 12:53 PM

පණුවෝ ගහපු ගුල්ලෝ ගහපු හාල් නේද මේ සත්තුන්ට දුන්නේ. ඇයි ඇත්ත කතාකරන්න ඔය තරම් බය.

:       2       1

sunil Friday, 12 August 2022 06:18 AM

ඉතා හොඳ සහල් නම් පමා නොකොට රාජසන්තක කොට වෙළඳපොළ මිලට වඩා අඩුකොට ජනතාවට ලබාදෙන්න

:       0       2

fairoos Sunday, 14 August 2022 05:19 PM

නිලධාරීන් ඉල්ලපු ගාන හම්බවෙලා නැතුව ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3849 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3723 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 11016 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1863 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 623 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 772 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1553 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1457 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site