රටේ සෞඛ්‍ය තත්ත්වය කිසිසේත්ම යහපත් නැත. එක් අතකින් කොවිඩ් මාරක වසංගතය යළි රට පුරා රළ ගසමින් තිබේ. අනෙක් අතට මුළු රටම ඩෙංගු තවානක් බවට පත්ව ඇති සෙයකි. අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේ රටපුරා නැවතත් ඩෙංගු උණ රෝගය තදින් පැතිර යමින් තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන බවය. ජනවාරි මාසයේ ගෙවීගිය සති කිහිපය ඇතුළත ඩෙංගු රෝගීන් 5500 දෙනකු හමුවූ බව එම ඒකකය පවසන බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. ප්රශ්නය වන්නේ රටේ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් මෙම තත්ත්වය එයට හිමි බරින් හඳුනා නොගැනීමය.
කොරෝනා ආසාදිතයන් 78 දෙනකුගෙන් ලබාගත් ජෛව පටල සාම්පල පරීක්ෂා කිරීමේ දී ඉන් 75 දෙනකුම ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරසය ආසාදිතයන් බව හඳුනා ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළ බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. ඒ අනුව මෙම සටහන තබන මොහොත වනවිට මෙරටින් හඳුනාගෙන ඇති ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 383ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම සංඛ්‍යා ලේඛන සරලව ගෙන පහසුවෙන් බැහැර කළ නොහැකිය. නියත වශයෙන්ම මෙම තත්ත්වය ඇඟ ලොමු ඩැහැගන්වන සුළුය. කොරෝනා මාරක වසංගතය අප රට ආක්‍රමණය කර දෙවසරක් කල් ඉක්ම ගොස් තිබේ. එහෙයින් මෙබඳු මාරක වසංගතයක් ඉදිරිපිට කෙසේ කටයුතු කළ යුතු ද යන්න සම්බන්ධයෙන් ඉතා පැහැදිලි අවබෝධයක් මෙරට පුරවැසියන්ට තිබිය යුතුය. එහෙත් ඇතැම් පිරිස හැසිරෙන ආකාරයට අනුව කිසි කලෙක කොරෝනාව තුරන් කළ හැකි තත්ත්වයක් පාදා ගැනීමට නොහැකිවනු ඇත.
කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ අටුළුගම අල් ගස්සාලි මහා විද්‍යාලයේ සිසුන්ට ගුරුවරුන්ට හා මවුපියන්ට කොවිඩ් 19 එන්නත ලබාදීම සඳහා වෛද්‍යවරයකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉකුත් 19 වැනිදා එම පාසලට ගියද එන්නත ලබා ගැනීම සඳහා එකදු ශිෂ්‍යයකු හෝ ගුරුවරයකු නොපැමිණි බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ලිඛිතව තමාට දැනුම් දුන් බවය.
කොවිඩ් වැනි මාරක වසංගතයක් ඉදිරිපිට මෙසේ වගකීම් විරහිත ලෙස හැසිරීමට කිසිදු පුරවැසියකුට අයිතියක් නැත. මෙබඳු මාරක වංසගතයක් ඉදිරිපිට ස්වාධීන තීරණ ගැනීමට කිසිවකුට හැකියාවක් නැත. ගත හැකි වන්නේ සෞඛ්‍ය බලධාරීන් ලබාදුන් උපදෙස් අනුව ගන්නා තීන්දු තීරණ පමණි. දර දඬු මුරණ්ඩු තීරණ ගැනීමෙන් සිදු වන්නේ මුළු රටම නරකාදියක් බවට පත්වීම පමණෙකි.
එන්නත හැර අන් පිළියමක් කොවිඩ් මාරයට එරෙහිව නැත. ලෝක යථාර්ථය ද එයමය. එහෙත් ඇතැම් පුරවැසියෝ එන්නතට අනිසි බියක් දක්වති. ඇතැම්විට දුර්මතවලට නොමග යෑම නිසා එන්නත ප්‍රතික්ෂේප කරන පිරිස් ද සිටිති. එමෙන්ම කොවිඩ් ආසාදිතයන් වැඩි වී රටම කැරකොප්පුවක් වීම දකිනු රිසි පාපි පිරිස් ද මේ අතර සිටිය හැකිය. මේ සියල්ලන්ටම එරෙහි වීමේ ශුද්ධ වූ අයිතියක් ශිෂ්ට පුරවැසියාට තිබේ. මන්දයත් එම අශිෂ්ට සුළුතරය උදුරා ගනිමින් සිටින්නේ අපගේ ජීවත්වීමේ අයිතිය වන බැවිනි.
කොවිඩ් නිවෙස් ප්‍රතිකාර සේවාව බාර විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ ගත වූ සතියක කාලය තුළදී කොවිඩ් නිවෙස් ප්‍රතිකාර සේවාව යටතේ ප්‍රතිකර ලබන ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ ඉතා ඉහළ වැඩිවීමක් සිදුවී ඇති බවය. එමෙන්ම ඔම්ක්‍රොන් ප්‍රභේදය සමග රැල්ලක් ඇතිවීමේ අවදානමක් තිබෙන බවද එම මහත්මිය ප්‍රකාශ කර තිබිණි.
දිනකට හමුවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දහසකට ආසන්න වෙමින් පවතී. ඉකුත් දෙතුන් මස හා සසඳා බලනවිට එය ඉතා පැහැදිලි වැඩිවීමකි. මෙම වැඩිවීම සම්බන්ධයෙන් මනා වැටහීමක් සෑම පුරවැසියකුටම තිබිය යුතුය. එහෙත් ඉකුත් දිර්ඝ සති අන්ත නිවාඩුවේදී ඇතැම් පිරිස් හැසිරෙන ආකාරය කිසිසේත්ම අනුමත කළ නොහැකිය. සැබැවින්ම රට පුරා රෝන්ද යාමට තරම් පරිසරයක් තවමත් නැත.
අප පුවත්පත වාර්තා කළ එක් පුවතකින් කියැවුණේ ගාල්ල වලහන්දූවේ පිහිටි රුහුණු ජාතික විද්‍යා පීඨයේ සිසුන් 60 දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවය. එබඳු පොකුරු රටේ තැනින් තැත මතුවෙමින් තිබේ. අපගේ ජීවිත ආරක්ෂා කරදීමට සෞඛ්‍ය අංශවලට නොහැකිය. ආරක්ෂක අංශවලට නොහැකිය. තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමේ වගකීම තිබෙන්නේ තමන්ටමය. එහි වගකීම මගහැරීම යනු මරණයට පාවඩ එළිමකි.
ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්
වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.
හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය
පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.
සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි
නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අවදානම උත්සන්නයි පරෙස්සමත් අවශ්‍යමයි