IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


රෝ බිය දුරුවේවා! අවුරුදු පැතුම් ඉටුවේවා!!

 

ලෝක වසංගත රෝ බියකින් මුළු ලොවම ඔත්පළව තිබිය දී සිංහල – දෙමළ අලුත් අවුරුද්ද සුබ නැකතින්, සුබ මොහොතින් අනිද්දායින් උදා වේ. මරණ බිය රැගෙන පැමිණි කොරෝනා මාරාන්තික උවදුරේ සැහැසි ග්‍රහණයෙන් මුළු ලොවම නිදහස්ව නිදුක් නිරෝගී සුවයෙන් සැනසෙත්වා යන පරම රමණීය ප්‍රාර්ථනාව පෙරදැරිව අලුත් අවුරුද්ද දෝතින් පිළිගැනීමට අපි පෙළ ගැසෙමු.

සෞභාග්‍ය හා සන්තුෂ්ටිය සම්බන්ධ පැහැබර සජීවි සලකුණ වූ බක් මාසය මළකුණු ගණන් කරන තවත් මළවුන්ගේ මාසයක් බවට පත්ව තිබේ. එරබදු මලින් හැඩවෙන කොවුල් නාදයෙන් පිනවෙන බක් මාසය දුක් තැවුල් සාංකාවන් පිරී ගත් පාළු සෝබර සන්තාපයන්ගෙන් පිරී ගොස් තිබේ. ලෝක පරිමාණයෙන් උද්ගතව ඇති මහා ව්‍යසනය හමුවේ ලෝක සිතියමේ අබැටක් තරම් වූ නයන පිනවන මේ රන් දිවයින ද බරපතළ ගැටලුවකට මුහුණ පා තිබේ. මේ මොහොත එයට හිමි නිසි බරින් හඳුනා ගනිමින් බුද්ධිමත්ව කටයුතු කරන්නේ නම්, මග වැරදුණු අවුරුදු කුමාරයාට කල් පසුව හෝ වැඩමවන්නට පාවාඩයක් එළිය හැකිවනු ඇත.

දොළොස් මසින් සපිරුණු කැලැන්ඩරයේ අප්‍රේල් මාසය හෙවත් බක් මාසය සුවිශේෂීය. බක් මාසය යන්නෙන් අර්ථවත් වන්නේ ද සෞභාග්‍යය වේ. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන සුබ නැකත අනාදිමත් කාලයක් පුරා රටට සැණකෙළි සිරිය ගෙනාවේය. කපා ගත් අස්වනු වලින් ගෙපැල පිරී ගියේය. තුරු ලතා හා පලබර විය. මලින් පමණක් නොව අලුත් දලුපත්වලින් ද තුරු ලතා සැරසී ගත්තේය. විවේකී සුවය අත්විඳින ජනයා එකිනෙකා අතර ඇති සබඳතා අලුත් කර ගත්හ. වැඩි වර්ධනය කර ගත්හ. ඒ වෙනුවෙන්ම ඇති ජන ක්‍රීඩා ද අලුත් අවුරුදු උත්සව ද ගම් නගර නියම් ගම් ජනපද මගුල් සිරියෙන් පුරවාලුයේය. අලුත් අධිෂ්‍ඨාන සමගින්, අලුත් බලාපොරොත්තු පැතුම් ප්‍රාර්ථනා සමඟින් අලුත් ජීවිතයට අලුත් හුස්මක් රැගෙන ආවේ මේ බක් මාසයමය.

කරුණු කාරණා එපරිදි වූවද මේ බක් මාසය අඳුරුය. මරණ භීතිය අවුළුවාලමින් තිබේ. නෙත දකින දසුනක, කන වැකෙන පුවතක රැඳී ඇත්තේ සිතේ ප්‍රීතිය පලවා හරින දුක්ඛ දෝමනස්සයන් රැගෙන එන හැඟීම්ය. හාත් පස පරිසරයේ නිදැල්ලේ හැසිරුණු ජනයාට සිය නිවෙස්වලම රැඳී සිටීමට සිදුවී තිබේ. නෑ මිතුරු සබඳතා දුරකතන ඇමතුමකට සීමා කර ගැනීමට සිදු වී තිබේ. මේ සියලු තත්ත්වයන් තව කොතෙක් කලකට දරා ඉවසා සිටීමට සිදුවේද යන ප්‍රශ්නාර්ථය තුළ රැඳී ඇත්තේ අවිනිෂ්චිතභාවය සම්බන්ධ හිස් හැඟීම පමණි. මිනිසුන් ජීවත් කරවන්නේ බලාපොරොත්තු බව සැබෑවක් වුවද මේ ගොරබිරම් පරිසරය තුළ අහිමිව ගොස් තිබෙන්නේ ද බලාපොරොත්තු තබා ගැනීමේ අවස්ථාවය. බලාපොරොත්තු අහිමි වූ කල ජීවිතයක් නැත. සැබැවින්ම මේ මොහොතේ ලෝක වාසී සකල ජනී ජනයාත් ඔබත් මා ද ඇතුළුව සියල්ලන්ටම හිමි වී තිබෙන්නේ බලාපොරොත්තු නැති හෙයින් ‘ජීවිතය’ අහිමි ජීවිතයක්මය.

එළැඹ ඇති මොහොත එළැඹ ගත් සිහි නුවණින් මෙනෙහි කර ගත යුතුය. තත්ත්වය බැරෑරුම්ය. බිහිසුණුය. එහෙත් එය සදාකාලික ද තාවකාලික ද යන්න තීරණය කිරීමේ අසමසම බලය මහජනයා සතුය. යුද්ධයකදී අපි උණ්ඩය වෙත නොයමු. උණ්ඩය අප වෙත එයි. වසංගතයකදී අප වසංගතය කරා නොගිය ද වසංගතය අප කරා පැමිණෙයි. එහෙත් කොරෝනා මාරාන්තික වයිරසය එනයින් ගත් කල්හි සම්පූර්ණයෙන්ම වෙනස්ය. කොරෝනා මාරාන්තික වයිරසයට අප වෙත පැමිණිය නොහැක. අප ආක්‍රමණය කළ නොහැකිය. කොරෝනා මාරාන්තික වයිරසය සොයා යෑමේ හැකියාව තිබෙන්නේ අපටමය. අප ඒ ගමන යෑමෙන් පමණක් කොරෝනා අප වෙත පැමිණේ. නිවෙසේම රැඳී සිටින්නැයි උපදෙස් දී ඇත්තේ එහෙයිනි.

තත්ත්වය නිවැරැදිව තේරුම් නොගැනීම හෙවත් නොදන්නාකම විනාශය වළක්වා නැති බව ඉතිහාසයේ පාඩමය. සංහාරයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන් කටමැත දෙඩවීමෙන් ද විනාශය වළක්වන්නේ නැත. විනාශයෙන් මෙපිට පාඩම් ඉගෙන නොගැනීම තවදුරටත් යාවත්කාලීන කරන්නේනම් තමාගේ මිනීවළ තමාම කපා ගැනීමේ අයිතිය පවරා ගැනීමකි.

අවධාරණය කළ යුතු කාරණයක් තිබේ. මේ මොහොතේ කිසිවකුට තමන්ට සිතැඟි පරිදි කටයුතු කිරීමට නිදහසක් නැත. නිදහස හා වගකීම හා සමාන්තරව නොයෙදෙන වචන දෙකක් විය හැකි නමුදු වගකීමෙන් තොර නිදහස බොහෝ අතුරු ආන්ත්‍රාවන් නිර්මාණය කර දී ඇති බව පරම සත්‍යයට අයත්ය. දුස් නැකැත් තුරන්ව නැවුම් පැතුම් රැගෙන පමා වී හෝ අවුරුදු කුමාරයා ගමට වඩම්මන්න නම් ඔබ නිවෙසටම වී කාලය ගත කළ යුතුය. එවිට එරබදු මල් පිපෙනු දැකිය හැකිය. කොවුල් නදට සවන් දිය හැකිය. ජීවිතයට බලාපොරොත්තු පෙරදැරිව අලුතෙන් මුහුණ දිය හැකිය.



අදහස් (9)

රෝ බිය දුරුවේවා! අවුරුදු පැතුම් ඉටුවේවා!!

Champa Saturday, 11 April 2020 01:52 PM

තවත් හොඳ කතුවැකියක්. මම ජාතික පුවත්පත්වල කතුවැකි කියවන එක නවත්තලා තිබුනේ කතුවැකිත් දේශපාලනීයකරණ වෙලා වගේ සමහර වෙලාවට පෙනුණු නිසා. නිකමට හරි කියැව්වත් කියැව්වේ අන්තිම චේදය විතරයි. දැන්නම් කතුවැකිය සම්පූරණයෙන්ම කියවන්න හිතෙන විදිහේ කතුවැකිත් පල වෙනවා.

:       63       2

samareSunday, 12 April 2020 10:51 PM

අලුත් අවුරුද්දට අපිත් වැඩ අල්ලමුද...?

:       0       0

Raveendra Saturday, 11 April 2020 06:19 PM

ඉතාම වටිනා අදහස් ගොන්නක්. සෑම පුරවැසියකුම ඒ ඒ අය අදහන පක්ෂවල අදහස් පසෙකලා තමන් උපන් රට වෙනුවෙන් තමන්ගේ යුතුකම් වගකීම කිරීමට පෙළ ගැසුනොත් මෙම උවදුරෙන් අපට පහසුවෙන්ම බේරීමට හැකි බව අප තරයේ විස්වාස කරන්නෙමු. අප අපේ බඩ ගැනම පමණක් මෙන්ම අපගේ පක්ෂය ගැන සිතුවොත් මේ අවස්ථාවේ යම් යම් අඩුපාඩුකම් ඉහලින්ම පෙනේවි නමුත් රටේ ආරක්ෂාවට ඒවා මහත් බාධාවක් වෙනු ඇත. "බඩ සහ පක්ෂය ගැන නොසිතමු ". රටේ හෙට ගැන දවස සිතමු..

:       0       71

ලියනගේ Saturday, 11 April 2020 09:13 PM

රෝ බිය දුරුවේවා! අවුරුදු පැතුම් ඉටුවේවා!! මැතිවරණයක් සදහා මුදල් නොයොදවා රටේ ජනතවගේ සුබ සිද්දියට එම මුදල් යෙදවෙවා!! ගොටාබය, මහින්ද සමග එක්ව රජයක් පිහිටුවීමට සජිත්ගේ පක්ෂයට හැකියාවක් තිබේ. කෝටි ගණනක් මුදල් වියදම් කොට මැතිවරණයක් නොපවත්වා සජිත් ගේ සහයෝගය ලබාදී ඉදිරි කටයුතු කර ගෙන යාමට රජයට සහ යෝගයදීමට සජිත්ට හැකියාව තිබේ. එමෙන්ම සජිත් සහ කණ්ඩායමේ අරමුණ වුයේද එයවේ. එකසත් ජාතික පක්ෂයට විපක්ෂයේ කාර්ය බාරය කලහැකිවේ.

:       1       0

Kumar Sunday, 12 April 2020 02:17 AM

පසුගිය වසරේත් නැකතට නේද නව වසර පටන්ගත්තෙ. කවුද ඔය නැකත හදල දුන්නෙ. පසුගිය වසර වසංගතයකින් අවසන්වී නව වසර වසංගතයකින් පටන් ගන්නවා. නැකත් නැතිව මෙවැනි දෙයක් සිදුවුනානම් කමක් නැහැ. හරියට නැකත් ලියන්න පුළුවන් කෙනෙක් සොයාගන්න එක තමා හොද.

:       0       0

BamunuarachchiSunday, 12 April 2020 08:05 PM

පසුගිය වසරේ නැකත් කරුවන්ගේ නැකතට වැඩ ඇල්ලීම් කල නමුත් මෙවර සිංහල අලුත් අවුරුද්දේ සියලු නැකත් සිදුවන්නේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජයසිංහ කියන ආකාරයට වේ. දෙපලම දිවා රාත්‍රී නොබලා රටේ මහජනත්ව වෙනුවෙන් සහ රට වෙනුවෙන් කරන සේවය අගය කරමු.

:       0       30

KumarThursday, 16 April 2020 04:00 PM

මේ දෙපොළ කරන රාජකාරියේ ප්‍රතිඵල තව ඉදිරියට තමයි පෙනෙන්නේ. පොලිසියේ ඇඳිරිනීතිය බලපාන්නේ සාමාන්‍ය ජනයට පමණයි. කුරුණෑගල පොලිසියේ ක්‍රියාකලාපය ගැන විස්තර කරන්න වුවමනාවක් නැහැනෙ.

:       0       0

Chandrasiri Monday, 13 April 2020 12:18 PM

කතු වැකියට මගේ උත්තමාචාරය..!

:       0       0

Gayan Tuesday, 14 April 2020 03:13 PM

හොඳයි...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3850 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3724 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 11081 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1871 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 624 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 773 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site