IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සෙනුසුරු මාරුවෙන් පසු සම්මා සතියෙන් වැඩකළ යුත්තේ මෙම ලග්න හිමි ඔබයි !

උදාවූ මෙම 2023 වසරේ ජනවාරි 17 වැනි අඟහරුවාදා දිනයේදී  සමාජයතුල පෙරළිකාර සිදුවීම් රැසක් ඇතිකරන ග්‍රහලොව පෙරලිකාර ග්‍රහයෙක් වන සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා වායෝගුණය අධිකම රාශීය වූ කුම්භ රාශීයට පැමිණීම සිදුවිය. වසර 30 කට වතාවත් රාශිවලල්ලේ එක් රාශි නාමයෙන් යුත් යම් රාශියකට මෙම සෙනසුරු ග්‍රහයාගේ පැමිණීම සිදුවන අතර මෙම 17 වැනි දින රාශිවලල්ලේ 11 වැනි රාශියට හෙවත් කුම්භ රාශියතුල ලැගුම් ගැනීම සිදුවන හෙයින් එතැන්සිට වසර 3 ක් පමණ කාලයක් මෙම කුම්භ රාශිය තුලම මෙම සෙනසුරු ග්‍රහයා ගතකරනු ඇත. 

                                                                   

ආකාස ගෝලයේ ක්‍රියාකාරී බලය සහමුලින්ම පතුරුවා හරින බලය කුම්භ රාශියතුල මතුවේ. එසේම පංචමහා භූත බලවේගයේ තිබෙන වායුභූතයේ ප්‍රකෘතිගුණය අධිකම රාශිය ද වන්නේ මෙම කුම්භ රාශියයි. ජ්‍යෝතිෂ නිර්නායනයට ද අනුවත් සෙනසුරු හෙවත් ශණි ග්‍රහයා ද වායෝගුණය අධිකවම ගැබ්ව ඇති ග්‍රහයා හෙයින් මෙම ග්‍රහ සංයෝගය කුම්භ රාශිය මත සංකලනය වීම පදනම් කොට මෙතෙක් යම් යම් පුද්ගලයන් තුල බලපාතිබූ අකර්මන්‍ය ස්වහාවය උකටලීභාවය මෙන්ම අළුත් වැඩකට සම්බන්ධවීමට අළුත් දෙයකට අතගැසිමට සිතතුල පැවති අවිනිශ්චිතතාවය සැකසන්කාව පහවගොස් සිතෙහි නව පිබිදීම උද්යෝගය අළුත් ආරම්භයකට සිත ඇදියාම නැවතත් ගොඩනැගීම සිදුවෙයි.

 

 විශේෂයෙන් මේෂ, මිථුන, සිංහ, කන්‍යා, ධනු, කුම්භ යන ලග්න හිමියන්ට මෙම ශනිගේ රාශි මාරුව සුබදායි අයුරින් ප්‍රතිපල ප්‍රධානය කලත් කටක, වෘශ්චික, මකර, මීන යන ලග්න හිමියන්ට මෙම ශනිගේ රාශි මාරුව සුබදායි අයුරින් ප්‍රතිපල ප්‍රධානය නොකරනු ඇත. තවද විශේෂයෙන් කිවයුතු කරුණක් වනුයේ මෙලෙස ඔබ කටක, වෘශ්චික, මකර, මීන යන ලග්නයකින් ඉපිද  ඒත් සමගම ඔබ පුනාවස නැකතේ 4 වැනි පාදයෙන් හා පුෂ-අස්ලිස යන නැකත්වලින් උපන් කෙනෙකු නම් සෙනසුරුගේ ඒරාෂ්ඨක අපළය ඔබට වඩාත් අහිතකර ලෙසටම බලපවත්වන බව අවබෝධයට ගෙන මෙලෙස ශනි ග්‍රහයා කුම්භ රාශියතුල ගතකරන කාලසිමාව පුරාවටම මෙන් ඔබ සම්මා සතියෙන් කටයුතු කලයුතුය යන්නයි. මොවුනට තම උත්පත්ති කේන්දර සටහන්හි ග්‍රහබලයෙහි ස්වභාවය පරිදි මෙන්ම බලපවත්නා සුබා සුබ දශා අනුදශා තත්ත්වයන් ද මුල්කොට භාග්‍ය වාසනාවේ අඩු වැඩි තත්ත්වයන් පෙන්නුම් කලත් සෙනසුරු ඒරාෂ්ඨක අපලයන් බලපවත්නා ඉහත සදහන් ලග්න හිමියන්, සෙම් රෝග, අංශභාග, අත්පා හිරීවැටීම්, රක්තවාත හෝ සන්ධි ඉදිමීම හා එවැනි වේදනා සහගත රෝගාබාධ වලින් පෙළෙමින් සිටින්නේනම් ඒවා ව්‍යාප්ත නොකර ගැනිමට වෛද්‍ය උපදෙස් පිළිපදින්න. ගමන් බිමන් වල යෙදෙන විටත් වාහන පැදවීම් වලදිත් හදිසි පීඩා අනතුරු ආබාධ වැනි දෙයින් ආරක්ෂාවන්න. මෙම කාලවල අධික වේගයෙන් වාහන ධාවනය සුදුසු නැත. වැටීම් තැලීම් ආදියෙන් අනතුරු තුවාල සිදුවන බැවිනි. අනවශ්‍ය කලබලය හා අපරික්ෂාකාරී වැඩ හේතුවෙන් දින ගනනාවක් ඔත්පලව සිටීමට නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදුවන රෝගාබාධ හදිසි අනතුරු වැනි දේටත් ලක්වන අවස්ථා බහුලවෙයි, පිටස්තර අයගෙන් පමණක් නොව, සේවක සේවකාදීන් හවුල් කරුවන් අතවැසියන් මගින් පවා කෙරෙන සොරකම්වලට අදාළව පාඩු හානි සිදුවිය හැකි අතර සේවකයෝ කරදර ඇති කරනු ඇත්තාහ. පොදුවේ සසදන කල මෙවැනි අහිතකර දෑ මධ්‍යයේම මෙන්, ඔබ රන් හා රෙදි පිළි මෙන්ම සම් භාණ්ඩ පිළිබඳ කටයුතු වලට අදාළ වෙළඳ ව්‍යාපාරයන්හි නියැලෙන්නේනම් එමගින් ධන ලාභ නිසි ආදායමක් ද ලැබිය හැක. ඇතැම් විට පොදු ව්‍යාපෘති, නිවාස හා වෙහෙර විහාර ආගමික ස්ථානවල අඩුපාඩු සපුරමින් පවුලෙන් පිටද ප්‍රසිද්ධියට හා යසසට පත්වනු ඇත. තම කටයුතුවල මනා නිපුණතාවක් ලබමින් එමගින් සැලකිය යුතු ලාභ ප්‍රයෝජන ද උපයා සපයා ගනු ඇත.

 

ඒරාෂ්ඨක අපලයේ පල විපාක :

තම කේන්දර සටහනෙහි හෙවත් හඳහනෙහි, සඳු සිටි රාශිය මතද එයින් 12 වැන්නේ හෝ 8 වැන්නෙහි ද ( ගෝචර වශයෙන් ) සෙනසුරු ග්‍රහයා හෙවත් ශණි ගමන් කරන කාලයේදී රජකුගේ වුවත් රාජ්‍ය බලය පහවයන බව ශාස්ත්‍ර නියමයයි. තමා නිරත ආර්ථික රැකියා ව්‍යාපාරාදිය හෙවත් තමාගේ ජීවනෝපාය ආදායම දුර්වල තාවයට පැමිණෙයි. දුක් විපත්තියට මෙන්ම ධනහානිය ද ඇතිකරයි. ඔබ කටක, වෘශ්චික, මකර, මීණ යන ලග්නයකින් ඉපිද  ඒත් සමගම ඔබ පුනාවස නැකතේ 4 වැනි පාදයෙන් හා පුෂ-අස්ලිස යන නැකත්වලින් උපන්කෙනෙකු නම් ඔබට සෙනසුරුගේ ඒරාෂ්ඨක අපළය බලපවතිනු ඇත.

මේ “සෙනසුරු ඒරාෂ්ඨක අපල කාලය යැයි ” උසස් යවනාචාර්‍ය්‍යවරයාගේ ද මතය වේ.

 එබැවින් යම් කලෙක ශණි ගෝචර වශයෙන් (12) (1) (2) (8) යන ස්ථාන හතරේ ගමන් කරන කාලවලත් තදබල අසුබ ඵල ඇතිකරයි.

 

මේ ඒරාෂ්ඨක අපල කාලවල ස්ථාන තනතුරු වල බලතල පිලිබද කරදර ප්‍රශ්න ගැටළු දුෂ්කර කාර්්‍යයන් සිදුවීම රාජභය සතුරු බිය මෙන්ම නීතිමය ගැටළු ප්‍රශ්න හෝ ඒ හා සමාන බන්ධන , රෝග පීඩා  ඥාති මිත්‍රාදීන්ගෙන් කරදර ඔබ විවාහකනම් ස්වාමි/භාර්‍ය්‍යාවගෙන් මෙන්ම දූ දරුවන්ගෙන් පවා අනවශ්‍ය කරදර ආදිය පවා ඇතිකරයි. ඔබ රජයේ හෝ පෞද්ගලික ආයතනයක රැකියා රාජකාරියක් කරන්නේනම් හෝ තනතුරු නිලතලයක් හොබවන්නේනම් එසේත් නැතහොත් ගමක නගරයක කොට්ඨාශයක පළාතක තනතුරක් නිලතලයක් වගකීමක් විධායක බලයක් දරන්නේනම්, හොබවන්නේනම්, බලතල නිලතල දරන්නේනම්, තමට වඩා උසස් ප්‍රධානීන්ගෙන් උසස් නිළධාරීන්ගෙන් විවිධ කරදර හිරිහැර ඇතිකොට බලතල කප්පාදුවටත්, කරදර ව්‍යාකූලතාවන්ට ලක්කිරීමටත් දඬුවම් මාරු ලබාදීමටත් හේතුයි. පොදුවේ මෙහිදී ශරීරය අවලක්ෂණවීම හෙවත් දුර්වර්ණ වීම, ශරීරයෙහි පිරිපුන් බවත්, කාන්තිමත් භාවයත්, අඩුවී යෑම, ශරීර ශක්තිය, චෛතසික උනන්දුව, බලය කීර්තිය, හීනවී යෑමද, අරබන නිරතවන වැඩකටයුතු ප්‍රමාදවීම හෙවත් කාර්්‍යය ප්‍රමාදය ද, තිබෙන පවතින ලැබෙන උපයන ධනය දේපළවල හානිය ද, ඥාති හිතවතුන්ගේ හෙවත් තමාට උදව් උපකාර කරන හිත මිතුරන්ගේ වියෝගවීමේ දුක් ද, බාහිර සතුරු කරදර වදබන්ධන රෝගපීඩා ආදි කරදර බාධක හදිසි විපත් ඇතිකරන බැවින් මේවා කෙරෙහිත් නිසි අවබෝධයකින් අවධාණයකින් තම දෛණික කාර්යය කටයුතුවල හා වගකීම් යුතුකම් රාජකාරීන් හි නිරත වෙන්න. 

         

මෙම කාලයතුල තමා යමක යම්කාර්්‍යයක කටයුත්තක මූලිකයෙකු වුණේ වී නමුත් ඔබ අන්‍යයන්ගේ අදහස් අනුව කටයුතු කිරීමට මිස තමාගේ තනි අදහසට තම මතයටම අන්‍යයන් පොළඹවා ගැනීමට තැත් නොකරන්න. තම ආදායම නිසිලෙස කළමණාකරනය කරගැනීමත් අසීරුවේ. ලැබුණොත් වියදම් කරයි. නැතහොත් නිශ්ප්‍රයෝජන ලෙස වියදම් වෙයි. මෙහිදී කලයුතු ආයෝජනයන් අතර නිශ්චල දේපළ මිළදී ගැනීම ඉදිකිරීම් හෝ ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරතවීම් වැනි ආයෝජන යන්ය,

යම් කලෙක ශණි ගෝචර වශයෙන් මෙලෙස ගමන් කරයි ද එසේ ගමන් කරන කාලපරාෂය තුලදී තමාගේ අත්‍යාවශ්‍ය කාර්්‍යය කටයුතු සාමාණ්‍ය පරිදි සිදුවුවත් දුක සන්තාපය මෙන්ම අවිනිශ්චිත තාවයෙන් යුක්තව වාසය කිරීමට සිදුවේ-

 

 

 

ශනිගේ ගමනින් ගෙනදෙන අශූභ ප්‍රතිපල සමනය වී  අපල පහකර ගැනීමට පහත සදහන් වත්පිළිවෙත් හි නිරතවන්න :-

තමාගේ ජීවන තත්ත්වයට ඔරොත්තූදෙන පරිදි තමන්ටකල හැකි, පහත සදහන් පුදපූජා නැතහොත් මින් එක්පූජාවක් හෝ හැකි සෙනසුරාදා දිනවල කරන්න. හැකිනම් සෑම මසකම ආරම්භක ශනි දිනයන්හිදී,

 

1 සතියේ සෙනසුරාදා දිනවල- ස්නානයකොට පිරිසිදුවී සන්සුන් සිතින් යුතූව, නිල්වන් මල් වර්ග හා නිල් කටරොළු මල්, යන මල්වලින් සැකසූ මල්වට්ටියක් මෙන්ම නිල්මානෙල්  හෝ නිල්කටරොළු, වැනි එක්මල් වර්ගයකින් මල් 108ක් ද සිද්ධස්ථානයක ඇති පූජනීය බෝධියකට පුදා, ගූගූල් මිශ්‍රකරගත් අගිල් කූඩු වලින් බෝධින් වහන්සේ වටා දුම් අල්ලා,  තල තෙල් අබ තෙල් පහන් දල්වා, පූජා කොට තමන්ට ආශීර්වාදකරගෙන ඉන්පසු මහාබ්‍රහ්ම දෙවිඳුන්ට එමපිං අනුමෝදම්කර, තම ඉටුදෙවියන්ට පිංදී, ප්‍රේතාදීන්ටත් පින් අනුමෝදම් කරන්න.

2. ඉතාදීප්තිමත් නිල්පාටින් යුත්, නැතහොත් විවිධ නිල් වර්ණ මිශ්‍ර රෙදි හෝ ඇඳූම්, මෙන්ම වියලි ආහාර දාව්‍ය මල්ලක් සමග ඊට තල හා උඳුපිටි මිශ්‍රකොට සැකසූ ආහාරයක්ද එක්කොට, නැතිබැරි දුගී දුප්පත් මහළු කෙනෙකූට  දන් දීම කළ යුතුයි. එමෙන්ම හැකිනම් ඒ සමගම පස්ලෝ වලින් සැකසූ ආභරණයක් ද පරිත්‍යාග කරන්න.

3. තමාගේ ජීවනවෘතතීයෙන් උපයාගත් මුදලෙන් මරණයට නියමවූ සතෙකූ මිලදී ගෙන :කළු මීදෙනක් *නිදහස් කර ඇරීමද අපලකාලය පසුවනතෙක් දිනපතා ඉඩකඩඇති වේලාවක නවගූණ පාඨකීමත් මෙනෙහිකිරීමත් යෝග්‍යයි.

4. මව්පියන්ට ගිලනුන්ට උපස්ථාන කිරීමත්, නැතිබැරි දුගී දුප්පත් මහළු කෙනෙකූට  දන් දීම කළ යුතුයි. එසේම මෙවැනි අසරණ පුද්ගලෙයෙකූට බෙහෙත් ආහාරපාන යනාදිය දිමත්, රෝගීවූ එවැනි පුද්ගලයෙකූ රැකබලා ගැනීමත්, අපලකාලය පසුවන තෙක් කරන්නේනම් හිතකරවේ.  

5. දීප්තිමත් නිල හෝ ඉන්‍දානීල මැණික් ඇල්ලූ, යකඩ-ඊයම් වැනි ලෝහ වලින් සැකසූ මුදුවක් තමා නිතර පැළඳීමෙන්ද ගුණ ලැබේ.

6. එසේම හැකිනම් අසරණ දුගී මහළුඅයෙකූට ඔහුගේ අවශ්‍යතාවය පරිදි පස්ලෝ වලින් සැකසූ ආභරණයක් තෑගිදෙන්න. එසේම රෝගී වී දුක්විදින පුරුෂයින් පමණක් සිටින නිවාසවලට  ආහාර දීමෙන් සංග්‍රහ කිරීමද, වියලි ආහාර දාව්‍ය, ඇඳුම් රෙදිපිළි, fඖෂධ උපකරණ පිරිනැමීමද, මෙම ශනිගෙන් හටගත් සියලු දෝෂ වළක්වා සැප ඇති කිරීමට විශේෂයෙන් හේතු වන්නේය.

එසේම ඔබ මෙම ඒරාෂ්ඨක කාලයතුල දී ලක්විය හැකි හදිසි ආබාධ ශාරීරික පීඩා ජීවන ගමනේ දුර්වල ස්වභාවය සමනයවීම උදෙසා දිනපතා ඉර උදාවන විටත් ඉර බැසයන විටත් මෘත්‍යුම්ජය ජපය කියවීම කරන්න.                

             (මෘත්‍යුම්ජය ජපය)

ඕම් හ්‍රීං ජුං සක් නම ශිවාය ඉරු දින අස්විද ශූභ නක්ෂස්ත්‍රෙණ මේෂ රාශිය්‍යාම් ජාතස්‍ය මාගේ දේහස්‍ය තිදෝෂ කෝප සමස්ථ රෝගාං නාසනන් භූත ව්‍යාද්‍ධි උපද්දාාම් මෝචය ශිව ශිව නසක් ජුං ශ්‍රීං ආයුවර්ධන ආයුවර්ධනාම් ස්වාහා... 

 

ඕම් ජුං සක් නම ශිවාය, මාගේ දේහස්‍ය කපවාත පිත්තාදී සමස්ථ රෝගාම් නාසය නාසය මෘත්‍යුම් මෝචය මෝචය ජීව දේහං රක්ෂ රක්ෂ සක් ජුං ස්වාහා...

(එසේ දිනපතා උයද / සවස සත්වාරයක් බැගින් මෙම ඉහත සදහන් මෘත්‍යුම්ජය ජපය කියවන්න.)

 

සැ:යු:

මෙම ජපය තමාට ගැලපෙන පරිදි සකසා ගැනීමට ඔබ මෙහි ඉරුදින වචනයට තමා උපන් දවසට අදාල දිනනාමය දාන්න, එසේම අස්විද වචනයට තමා උපන් නැකතේ නම දාන්න. මේෂ යන වචනය ඇති තැනට තමාගේ ලග්නයේ නම දාන්න. එලෙස වෙනස්කොට සකසා තමා උපන් දවසට නැකතට ලග්නයට සරිලන පරිදි වෙනස් කරගෙන මෙය භාවිතා කරන්න. මෙය මාරක පීඩාදිය පවා සමනය වන ජීවිතාරක්ෂාව ද සලසන බලගතු දැහැනකි.

 

ජ්‍යෙතිෂ්‍යවේදී

හේමන්ත -වීරසිංහ

([email protected])

 

 



අදහස් (7)

සෙනුසුරු මාරුවෙන් පසු සම්මා සතියෙන් වැඩකළ යුත්තේ මෙම ලග්න හිමි ඔබයි !

sugath Thursday, 19 January 2023 06:50 PM

අනේ මන්දා.... මම දැකලා තියෙන විදියට නම් රටේ ආර්ථිකේ හොඳ නම් හැම ලග්නෙටම හොඳයි. නැත්නම් ඉතින් කාටත් අසුබයි...

:       1       22

Yass Friday, 20 January 2023 09:11 AM

වෙන රටවල මිනිස්සුත් ලග්න බලනවද දන්නේ නැහැ.

:       4       11

අසිත Friday, 20 January 2023 09:33 AM

සෙනසුරු බලපෑම කෙසේ වෙතත් සම්මා සතියෙන් කටයුතු කිරීම සියලුම ලග්න හිමියන්ට සුබදායක වේ.

:       0       25

pakeer Friday, 20 January 2023 11:42 AM

මම අහලා තියෙනවා. ලංකාවටත් කේන්දරයක් තියෙනවා.... ලග්නයක් තියෙනවා කියලා... ලංකාවේ ඉපදුණේ කවදාද? කොයි වෙලේද දන්නේ නැහැ...

:       4       1

උපාසක Friday, 20 January 2023 01:16 PM

අකුසලෙන් මිදී කුසලයෙහි නිරත වේ නම් බොහෝ අපලවලින් ඇතිකරන අසුබ දේවල් අඩුකරගත හැක. හැකි සෑමවිටම මෛත්‍රී කරන්න සියළු සත්වයින්ට. හැකි සෑමවිටම පන්සිල් රකින්න තරහාව, වෛරය, ක්‍රෝධය, රාග සිතිවිලි, ඉරිසියාව වගේ කෙලෙස් සිතිවිලි වලින් මිදී මෛත්‍රී සිතිවිලි වලින් සිත පුරවන්න කරණීය මෙත්ත සුත්‍රය සජ්ඣායනා කරන්න. පුදුම සැනසීමක්, සතුටක්, නිරෝගී කමක් ලැබෙනවා. අත්දැකීමෙන් කියන්නේ. කරලා බලන්න.

:       1       5

එමි එමි Friday, 20 January 2023 02:40 PM

මේ අය කියන එව්වා කරන්න ගියොත් ඒ මිනිස්සුන්ට රස්සාවක් කරලා ජීවත් වෙන්න කාලයක් නැහැ... මිනිස්සු මානසිකව වටිටන්න එපා ඔයාලගේ හරියටම හරියන අනාවැකි අපි යුක්ති ගරුකව ජීවත් වෙනවා නම් ස්වභාව ධර්මයෙන් පවා උදව් තිබෙනවා.. ඒක තමයි ඇත්ත... නැතුව ඔය එක එක්කෙනා කියන දේවල් කරන්න ගියොත් මිනිස්සුන්ට වෙන්⁣නේ බඩගින්නේ ඉන්න... අනික මේ ලංකාවේ මිනිස්සුන්ට විතරයි ඔය හැම දෙයක්ම... පිටරටවල ඉන්න මිනිස්සුන්ට ඔය කියන කිසිම දෙයක් නැහැ. ඒත් මිනිස්සු ලස්සනට ජීවත් වෙනවා මේ මෝඩ මිනිස්සුන්ට තමයි ඔය හැම දෙයක්ම...

:       0       3

sachith Monday, 23 January 2023 11:07 AM

සම්මා සතියෙන් ඉන්නවා නම් හෙනහුරාට හෙනහුරා ලැබුවත් මොකුත් වෙන්නේ නැහැ... බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේත් ඒකම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3849 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3723 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 10976 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1861 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 622 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 772 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site