IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මැතිවරණ වියදම් පාලනය අත්‍යවශ්‍යයි

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සංශෝධනවලට යටත්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී තිබේ. ඒ අනුව අදාල පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දැනුම් දී ඇතැයි ද කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

මැතිවරණ ….. වියදම් සීමාකිරීමේ පනත් කෙටුම්පත රජය මගින් ගෙන එනු ලැබුවේ පැෆරල් ඇතුළු සෙසු නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ සහ වෙනත් පාර්ශ්ව ගණනාවක් විසින් වරින් වර කරන ලද කරුණු පෙන්වාදීම්වල ප්‍රතිඵලයක් වශයෙනි.

මේ පිළිබඳ මූලික කෙටුම්පත සකස් කර තිබුණේ 2016 වර්ෂයේ දී බව සඳහන්ය. කෙසේ වුවද එහි ඇතුළත් වූ ප්‍රධාන කරුණු ගණනාවක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කෙරුණු පනත් කෙටුම්පතේ අඩංගුව නැතැයි පැෆරල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කර තිබේ. එම කරුණු කාරක සභා අවස්ථාවේ දී එකතුකරන ලෙසට ඒ මහතා ඉල්ලීමක් කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දී ඇති තීන්දුවට අනුව සංශෝධනවලට යටත්ව එම කෙටුම්පත සම්මත කර ගැනීමට හැකියාව තිබෙන හෙයින් අවශ්‍ය සංශෝධන එකතු කිරීමට බාධාවක් නොවනු ඇතැයි අපි  සිතමු.

මැතිවරණවලට ඉදිරිපත්වීම ලොකු වියදමක් දැරීමට සිදුවන කාර්යයක් වශයෙන් සැමවිටම අර්ථ දක්වනු ලැබේ. එය එසේම වන බව පළාත් පාලන මැතිවරණය නොපැවැත්විය යුතු බවට අදහස් දක්වන පාර්ශ්ව විසින් රටටම පෙන්වා දෙමින් සිටී. වියදම් ප්‍රශ්නය කෙසේ වුවද මහජනතාවගේ පරම අයිතියක් වන ඡන්ද පැවැත්වීම වියදම් හේතුව ඉදිරියට දාගෙන වැළැක්විය යුතු නැත. එය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිය. කළ හැක්කේ කළ යුතු වන්නේ එකී වියදම් පාලනය කිරීමට අවශ්‍ය එකී වියදම් පාලනය කිරීමට අවශ්‍ය නීතිරීති හඳුන්වාදීමය. නීති හඳුන්වාදීමෙන් පමණක් එම ප්‍රශ්නය විසඳෙන්නේ නැත. එම නීති ක්‍රියාත්මක කර බල ගැන්වීමට කටයුතු කිරීම ද අවශ්‍යය. නැත්නම් මේ සියලු උත්සාහ ගඟට කැපූ ඉනි බවට පත්වීම නියතයකි.

කෙසේ වුවද මැතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂවල වියදම් පාලනය සහ අධීක්ෂණය කිරීමට නිසි ක්‍රමවේදයක් හඳුන්වා නොදෙයි නම් එය සිදු කිරීම ප්‍රායෝගිකව ඉතා දුෂ්කරවනු ඇත. එහිදී මැතිවරණ කොමිසමට ද කිසියම් වගකීමක් සහ කාර්යභාරයක් පැවැරෙන බව සැබෑවකි.

එහෙත් පූර්ව මැතිවරණ කාලසීමාව යනු එම කොමිසමට ඉතා කාර්ය බහුල සීමාවක් බැවින් මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ සිදුකරන වියදම් පිළිබඳ අවධානය යොමු කිරීම පහසු නොවනු ඇත. පැෆරල් සංවිධානය පෙන්වා දෙන ආකාරයට වෙනම බැංකු ගිණුම් වලින් එකී වියදම් සිදු කෙරෙන්නේ නම් එය අධීක්ෂණය පහසු වනු ඇත. ඒ සඳහා මැතිවරණ නිලධාරීන් යෙදවීමට ද කොමිසමට අපහසුවක් නොවේ. එකී යෝජනාව කෙරෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුවීම අවශ්‍යය.

මැතිවරණ වියදම් පාලනය කිරීම අවශ්‍ය වන්නේ එය මේ රටේ දූෂණ සහ වංචා වර්ධනයට අසීමාන්තික ලෙස  සිදුකරන බලපෑම හේතුවෙනි. මැතිවරණයේ දී අපේක්ෂකයන් නිතැතින්ම ව්‍යාපාරික පැළැන්තියේ ග්‍රහණයට හසුවෙති. මේ ව්‍යාපාරිකයෝ අතර හොඳ පුද්ගලයන් සිටිය හැක. එහෙත් ජාවාරම්කාරයෝ ද අපේක්ෂකයන්ට සිත්සේ වියදම් කරති. මේ ජාවාරම්කාරයන් අතර කුඩු මුදලාලිලා, කප්පම්කාරයෝ, විවිධ අපචාර ඇතුළත් ව්‍යාපාර කරන පුද්ගලයෝ පමණක් නොව කුළියට මිනී මරන්නෝ ද සිටිති.

ඒ වගේම මේ රටේ බරපතළ සංවිධානාත්මක අපරාධ සිදුකර එතෙරට පැනගොස් ඒ රටවල සිටිමින් ‘‘සූම්’’ තාක්ෂණය ඔස්සේ ඒ සියලු අපරාධ කරන පාතාලයෝ ද වෙති. මැතිවරණවල දී ආදායමකට සිටිමින් වැඩිම මුදලක් අපේක්ෂා කරන්නේ දේශපාලන පක්ෂවලටත් පොම්ප කළ හැකි පුද්ගලයන් වන්නේ ද ඔවුන්ය.

මෙවැනි ජාවාරමුන්ගේ මුදලින් බලයට පත්වන ගමේ පුංචි ආණ්ඩුවල මන්ත්‍රීන් නොව පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ට ඉන්පසු සිදුවන්නේ මේ පුද්ගලයන්ගේ අවස්ථා ඉටුකිරීමට මුල්තැනක් දීමටය. එහි ප්‍රතිඵලයක් වන්නේ පොලිසියට නීතිය ක්‍රියාත්මක කිරීමේ දී විවිධ බලපෑම්වලට හසුවන්නට සිදුවීමටය. එය නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාමට ද ලොකු අභියෝගයක් වන අවස්ථා ද ඉස්මතු වෙයි.

මේ අනුව පැහැදිලි වන මූලික කාරණයක් වන්නේ මැතිවරණවල දී අපේක්ෂකයන් විසින් සිදුකරන වියදම් නියාමනය කිරීමක් සිදු නොවීම රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාමටත් දූෂණ සහ වංචා අවම කිරීමටත් එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබෙන බවය. එම සාධකය අහෝසි කිරීමට අලුත් පනත් කෙටුම්පතකට අවශ්‍ය බලය ලබා දෙනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි.

එම බලයට අනුව වැරදි කරන අපේක්ෂකයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකින් නිසි දඬුවම් ලබාදීම ද අවශ්‍ය බවක් සඳහන් කරමු. මැතිවරණ අපේක්ෂකයාගේ වියදම් පාලනය කිරීමේ ක්‍රියාව නීරික්ෂණය, අධීක්ෂණය සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව යටතේ නිල ව්‍යුහයකින් ස්වාධීන කළ යුතු බවට පැෆරල් සංවිධානය කරන යෝජනාව ද කාලෝචිත බවක් පෙන්වා දෙමු.

(***)



අදහස් (0)

මැතිවරණ වියදම් පාලනය අත්‍යවශ්‍යයි

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3850 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3724 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 11097 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1872 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 624 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 773 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site