පාකිස්තානයේ සියල්කොට්හි රාජ්කෝ ඉන්ඩස්ට්රීස් නමැති කර්මාන්ත ශාලාවේ සාමාන්‍යධිකාරීවරයකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා පහර දී ඝාතනය කර, පුළුස්සා මරා දැමීම සිදුවූයේ පසුගිය සිකුරාදා (3) ය.
එය ඉතාමත් අමානුෂික, ම්ලේච්ඡ ඝාතනයක් බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සොව පළ කරමින් පවසා තිබේ. එම අවාසනාවන්ත සිද්ධිය, පාකිස්තානයට කළු පැල්ලමක් වූ බව රහසක් නොවෙයි.
එම සිද්ධියට අදාළව මේ වනවිට පුද්ගලයන් 235 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි සියල්කොට් පොලිසිය උපුටා දක්වමින් පාකිස්තානයේ ‘ඩ්වෝන්’ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
ආගමට අපහාස කළ බවටත් දෙවියන්ට අපහාස කළ බවටත් චෝදනා නගමින්, කර්මාන්තශාලාවේ සේවකයන් ඇතුළුව සිය ගණනක් දියවඩන මහතාට ද මිලේච්ඡ ලෙස මියයනතුරු පහර දී තිබේ. සියල්කොට් පොලිසිය අත්අඩංගුවට පත් පිරිස අතරට මෙම සිදුවීම් පෙළ විඩියෝ කළ පුද්ගලයන් ද ඇතුළත් යැයි ද පැවැසෙයි.
සියල්කොට්හි උගෝකි පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වන අර්මගන් මක්ත් රාජ්කෝ ඉන්ඩස්ට්රීස් කර්මාන්තශාලාවේ සේවකයන් 900 දෙනකුට පාකිස්තාන දණ්ඩ නීති සංග්රහයේ 302, 297, 201, 427, 431, 157, 149 වන වගන්ති යටතේ ත් ත්රස්ත විරෝධී පනතේ 7 සහ 11 ඩබ්ලිව්.ඩබ්ලිව්. යන වගන්ති යටතේ මූලික පැමිණිලි ගොනු කර ඇත. සියල්කොට් යනු පාකිස්තානයේ පන්ජාබ් පළාතේ දිස්ත්‍රික්කයෙනි.
පළමු පැමිණිලි ගොනු කර තිබෙන 900 දෙන සොයා තමන් සම්බ්රියල්, දස්කා, සහ පස්රූර් ඇතුළු ආසන්න ගම්මානවල දැවැන්ත සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් ඒ සඳහා නගරයේ සී.සී.ටීවී. දර්ශන, මෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ විඩියෝ සහ ඡායාරූප ද භාවිත කරන බවත් සයිල්කොට් පොලිසිය පවසා තිබේ.
අත්අඩංගුවට ගත් මොහොමඩ් තල්හා, සහ ෆර්හාන් ඉද්රීස් යන ප්රධාන සැකකරුවන් ඇතුළු පිරිස අනාවරණය නොකළ ස්ථානයකට රැගෙන ගොස් ඇති බවත් පැවැසෙයි. රාජ්කෝ ඉන්ඩස්ට්රීස් කර්මාන්තශාලාව සෙනසුරාදා වසා දමා තිබූ අතර, එහි සේවකයන් අත්අඩංගුවට ගැනීමෙන් බේරීම සඳහා පලායමින් සිටින බව ද ‘ඩ්වෝන්’ පුවත් පත වාර්තා කර තිබේ.
ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සියල්කොට් හි අලාමා ඉක්බාල් ශික්ෂණ රෝහලේ දී පැවැත්වුණු අතර ඔහුගේ සිරුර සියයට 90 කට වඩා පිළිස්සී ඇති බවත්, ඔහුට කළ වදහිංස හේතුවෙන් සිරුරේ අස්ථි කිහිපයක් බිඳී ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග පවසා තිබේ.
ප්‍රියන්ත කුමාර දියවඩන මහතාට පහර දී ඝාතනය කර, සිරුර පුළුස්සා දැමීම කළ බවට චෝදාන එල්ල වී ඇත්තේ 'තරීක් ඊ ලබ්බයික් පාකිස්තාන්' Tehreek-e-Labbaik Pakistan නමැති දේශපාලන කණ්ඩායමටය. Tehreek-e-Labbaik Pakistan යන්නෙහි සරල අදහස 'මම පාකිස්තානුවෙක්' යන්නයි. Tehreek-e-Labbaik Pakistan දේශපාලන පක්ෂයක් වන අතර පාකිස්තාන දේශපාලනයට පමණක් නොව සිවිල් සමාජයට බලපෑමක් කළ හැකි ප්රබල අන්ත දක්ෂිණාංශික කණ්ඩායමක් ද වෙයි. ප්රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනයට තමන් සම්බන්ධ නැතැයි Tehreek-e-Labbaik Pakistan පක්ෂය පවසයි. කෙසේ නමුත් ඇඟිල්ල දිගු වී ඇත්තේ ඔවුන්ට මිසක් වෙන කිසිවකුටත් නොවෙයි.
මෙම පක්ෂය පිහිටුවීම සිදුවූයේ 2015 දීය. ඒ, ආගමික නායකයකු මෙන්ම ගත් කතුවරයකු ද වන කදිම් හුසේන් රිස්විගේ මැදිහත්වීමෙනි. 2018 මහ මැතිවරණයට ඉදිරිපත් වුණු පස්වැනි දේශපාලන බලවේගය වුයේ මෙම පක්ෂයයි. මහ මැතිවරණයේ දී කිසිදු ආසනයක් දිනා ගැනීමට සමත් වූයේ නැත. කෙසේ නමුත් පන්ජාබ් ප්‍රාන්ත මැතිවරණයෙන් ආසාන 3 ක් දිනා ගත්තේය.
ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් කටයුතු කරන පුද්ගලයන්ට තරා තිරම නොබලා උපරිම දඩුවම් ලබා දිය යුතුයි යන්න මොවුන්ගේ ආකල්පයයි. ආගමට අපහාස කළේ යැයි චෝදනා ලැබූ දෙස් විදෙස් බොහෝ දෙනකු Tehreek-e-Labbaik Pakistan සාමාජිකයන්ගේ 'වියරුව' ට හසුවි ඇත. Tehreek-e-Labbaik Pakistan සාමාජිකයන් ඉස්ලාමීය මූලධර්මවාදීන්ය. ප්රියන්ත කුමාර දියවඩන මහතාගේ සිදුවීම සම්බන්ධයෙන් පාකිස්තාන මුස්ලිම් වැසියන් කනගාටුව පළ කරමින් දිගින් දිගටම පවසා ඇත්තේ එය ඔවුන්ගේ ඉස්ලාම් දහම නොවන බවය. එමෙන්ම, පුියන්ත කුමාර දියවඩන මහතා පහර දී ඝාතනය කිරීම ශ්‍රී ලංකාවට එරෙහිව කළ ක්‍රියාවක් නොවන බව ද පාකිස්තාන රාජ්‍ය ත්‍රාන්තික දිගින් දිගටම පෙන්වා දෙති.
පාකිස්තානයේ 'ඩ්වෝන්' පුවත්පත කළ අනාවරණයක් ඇසුරිනි
ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්
වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.
හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය
පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.
සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි
නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ප්රියන්ත කුමාර ඝාතකයාගේ පැටිකිරිය
hesa Monday, 06 December 2021 05:05 PM
කන්න නෑ..බොන්න නෑ..අපේ පඩි වැඩි කරන් නෑ.. කියල පාරට බහින අය මේක ගැන ඇයි ගොළුවී..?
AN Ishan Tuesday, 07 December 2021 06:00 PM
ඉම්රාන් ඛාන් අගමැතිවරයා ලොව සියලු රටවලට ආදර්ශයක් වෙමින්... ඝාතනයට ගෑවුණු ගෑවුණු සියලුදෙනා පසුපස හඹායමින් අත්අඩංගුවට ගනිමින් ඔවුන්ට දඬුවම් නියම කරනවා. නමුත් අපේ රටේ සිදුවුණු අලුත්ගම, දිගන වැනි අන්තවාදී ප්‍රහාර මත්තේ පාලකයින් මුණිවත රැක්කා. අන්තවාදි, බොදු බලසේනා සංවිධානයේ නිර්මාතෘ සමුළුවක දී අන්තවාදයට එරෙහිව නැගී සිටීමට අන් රටට ආරාධනා කරනවා...