IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


’’ශ්‍රීලනිපය ජාතික සභාවට එක්වන්නේ නැහැ’’

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට එක්නොවන බව එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා ජාතික සභාව පත් කළ යුතුව තිබුණේ අගමැතිවරයා හා ඇමති මණ්ඩලය පත්කිරීමට පෙර බවත්, මුලින් ජාතික සභාව පත්කර ඉන් අනතුරුව එය හා සාකච්ඡා කර අදාළ පත්කිරීම් කළ යුතුව තිබූ බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

නමුත් ජනාධිපතිවරයා විශාල කැබිනට් මණ්ඩලයක් ද පත්කිරීමෙන් පසු ජාතික සභාවක් ඇතිකිරීමට යන බවත්, එවැනි වැඩපිළිවෙලකට දායක විය නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (9)

’’ශ්‍රීලනිපය ජාතික සභාවට එක්වන්නේ නැහැ’’

fairoos Wednesday, 28 September 2022 05:20 PM

2019දී පොහොට්ටුව පස්සෙන් ගිහිල්ලා දැන් එනවා කියවන්න...

:       1       22

Lal Wednesday, 28 September 2022 05:25 PM

මේ පුද්ගලයා ඉක්මණින්ම අත්අඩංගුවට ගත යුතුයි.

:       0       20

අබිලින් Wednesday, 28 September 2022 05:50 PM

2015 දී මෙයා පොදු අපේක්ෂක කිරීම තරම් මෝඩ වැඩක් ලංකාවේ සිදුවී නැහැ. දැන් මෙයා මරු විකල්ලෙන් කියවනවා..

:       3       17

යෝගා Wednesday, 28 September 2022 07:14 PM

තමුන්ගේ පැවැත්ම සඳහා පමණයි. එපමණයි. මෙයාගේ තියරිය එච්චරයි.

:       1       15

Sudda Thursday, 29 September 2022 03:12 AM

ඇයි පුතාගේ පැවැත්ම? පක්ෂයේ ව්‍යවස්ථාවත් වෙනස් කරා නේද පුතාට තැන දෙන්න?

:       0       6

Prabha Wednesday, 28 September 2022 08:07 PM

දීලා බලන්නකෝ පත්වීමක්... නොගිහින්ම ඉඳියි..

:       0       12

gamsaba Wednesday, 28 September 2022 09:01 PM

එදා හොරු අද පාලකයෝ වෙලා ඉන්නේ ඔහේගේ කයිවාරු දේශපාලනය නිසා නේද? දැන් ඔය කියවන්න පටන් ගත්තේ මාර්තු මාසේ ඡන්දයක් තියෙනවා කියලා කෙනෙක් කියපු නිසා නේද? හැබැයි අපි ඔහේට නම් දෙන්නේ නැහැ. ඔහේ තමයි ශ්‍රීලනිපය වළලා දැම්මේ...!

:       0       1

Anura Nanayakkara Thursday, 29 September 2022 11:09 AM

සිරිසේන නිකන් දොඩවනවා. පක්ෂයේ ඔක්කොම සිරිසේන දාලා ගිහින් ඇමැතිකම් අරගෙන...

:       0       1

gampila Friday, 30 September 2022 11:32 AM

කයිවාරු සිරිසේන...!

:       0       1

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1412 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site